(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
නිවාස දෙකක් හා ටයර් අලෙවිකරණ වෙළද සැළක් බිඳ රුපියල් ලක්ෂ 05කට ආසන්න රන් භාණ්ඩ, මුදල් හා දේපල කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ කොල්ලකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බැව් උඩුගම පොලීසිය පවසයි.
නාකියදෙණිය හා බොතෙජු කොටස යන ප්‍රදේශවල පිහිටි නිවාස දෙකක් හා වෙළඳ සැළක් මොවුන් විසින් බිඳ රන් භාණ්ඩ ඇතුළු දේපල කොල්ලකාගෙන ගොස් තිබුණි. සැකකරුවන් විසින් මෙකී නිවාස වලට ඇතුල් වි දේපල හා මුදල් සොරකම් කිරීමෙන් පසු මිරිස්කුඩු ඉසින බවද පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වයස අවුරුදු විස්ස, විසිදෙක හා විසිතුන යන වයස් කාණ්වල පසුවන අතර එක් අයෙකු යුධ හමුදාවෙන් පලාගිය අයෙකු බවද පොලිසිය කියයි. සැකකරුවන් තිදෙනාම දැඩිලෙස මත්කුඩුවලට ඇබ්බැහි වු අය බවද පොලිසිය කියයි. එක් සැකකරුවෙකු විවාහ වි ඇත්තේ මීට සති දෙකකට පමණ පෙර බවද පොලිසිය කියයි.
සැකකරුවන් විසින් සොරකම් කරණු ලැබු රන් භාණ්ඩ, බැටරි ඇතුළු දේපල පොලිසිය මගින් සොයා ගෙන ඇත. සොරකම් කරනු ලැබු රන් භාණ්ඩ ඇල්පිටිය ප්‍රදේශයේ වාණිජ්‍ය බැංකුවකට කළුවැල්ල ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිකරණ වෙළඳ සැලකට උගස්කර තිබු බවද පොලිසිය කියයි. සොරකම් කරණු ලැබු බැටරි ගිංතොට ප්‍රදේශයේ වෙළඳ සැලකට අලෙවිකර තිබියදි සොයාගෙන ඇත. සොරකම් කරනු ලැබූ මුදල් හා රන් භාණ්ඩ උගස්කර ලබා ගත් මුදල් මොවුන් මත්කුඩු පානය කිරිම සදහා යොදවා ඇති බවද පොලිසිය පවසයි.
සැකකරුවන් අද (06) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ තිදෙනෙකු අත්අඩංගුවට