IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මාතර-බෙලිඅත්ත දුම්රියමග ඉදිකරන සමාගම අසාදුලේඛන ගත කරන්නලු

බිඟුන් මේනක ගමගේ
 
මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නියුතු චීන සමාගම අසාධුලේඛන ගත කරන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇත.
 
රුපියල් මිලියන 41730 කට අධික වියදමක් කරමින්, චීන ජාතික යන්ත්‍රෝපකරණ ආනයන හා අපනයන සමාගම මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු 2013 අගෝස්තු මාසයේදී ආරම්භ කළ බවත් 2016 අගෝස්තු මාසය වන විට මෙම ව්‍යාපෘතියේ කටයුතු අවසන්කර දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දිය යුතු බවත් එම ලිපියේ සඳහන් වේ.
 
එහෙත් අදාල සමාගම නියමිත කාලයේදී වැඩ අවසන් කිරීමට අපොහොසත් වූ බවත් එම අවස්ථාවේදී  ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මැදිහත්වී එම ව්‍යාපෘතියේ කාලය 2017 සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීම නිසා එම සමාගමෙන් අයකර ගත යුතු ප‍්‍රමාදගාස්තු අයකර ගැනීමට නොහැකි වූ බවත් එම සංගමය පවසයි.
 
2018 වසර අවසන් වන තුරුත් මෙම ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට නොහැකි වී ඇත්තේ දුම්රිය මාර්ග ඉදිකිරීමට මෙම සමාගමේ අති  අපොහොසත්කම නිසා බවත් ඒ අනුව මෙම සමාගම අසාධු ලේඛන ගත කළ යුතු බවත් ඔවුහු අවධාරණය කරති.
 
තත්වය එසේ තිබියදී දුම්රිය දෙපාර්තමේන්තුව සතු සක‍්‍රීය මට්ටමේ පවතින එකම ටැම්පිං යන්ත‍්‍රය මෙම සමාගමට ලබාදීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කිරීමෙන්  අදාල සමාගමෙන් අයකර ගතයුතු රුපියල් කෝටි ගණනක ප‍්‍රමාදගාස්තු (Demurrage) ශ‍්‍රී ලංකා රජයට අහිමිවී ඇතැයි සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය පවසයි.



අදහස් (0)

මාතර-බෙලිඅත්ත දුම්රියමග ඉදිකරන සමාගම අසාදුලේඛන ගත කරන්නලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site