(ඩබ්ලිව්.ඒ අසේල)
මහනුවර උඩුවෙල ඉඹුලේතැන්න වත්තේ කම්කරුවන්ට පඩි ගෙවීමට ගෙන ගිය රුපියල් තුන්ලක්ෂ පනස්හයදහස් හයසිය දහයක මුදලක් මංකොල්ල කෑ කොල්ලකරුවන් දෙදෙනකු කොළඹ හා වාද්දුව ප්‍රදේශයේ සැඟවී සිටියදී තලාතුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද (01) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.
පසුගිය අගොස්තු 5 වැනි දින උඩුවෙල ඉඹුලතැන්න වත්තේ පයිනස් වගාවක කිරි කපන කම්රුවන්ට පඩි ගෙවීමට මෙම මුදල් ත්‍රී රෝදරථයකින් රැගෙන යමින් සිටියදී මුහුණ ආවරණය කරගත් දෙදෙනෙකු මග හරස් කොට ත්‍රී රෝද රථයට පහරදී මෙම මුදල් කොල්ල කා තිබුණි.
සැකකරුවන් සොයා තලාතුඔය පොලිසියේ නිලධාරි කණ්ඩායමක් පරික්ෂණ සිදු කර ඇත අතර මෙම මංකොල්ලය උඩුවෙල ප්‍රදේශයේම පදිංචි කරුවන් දෙදෙනෙකු විසින් සිදු කර ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd