(සුමතිපාල දීයගහගේ )
අහංගම මීගහගොඩ ප්‍රදේශයේ නිවසක් හදිසියේ ඇතිවූ ගින්නකින් නිවස සම්පූර්ණයෙන්ම විනාශවී ගොස් ඇතැයි අහංගම පොලිසිය
පවසයි.
මෙම නිවසේ පදිංචි මව පියා සහ දරුවන් දෙදෙනා අසල පිහිටි මවගේ මහ ගෙදරට ගිය අතර දී ඊයේ ( 01) රාත්‍රියේ ගින්න ඇවිලී ගොස් නිවසේ තිබු සියලු භාණ්ඩ ගින්නෙන් අලු බවට පත්ව තිබේ.
පාසලේ හය වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එක් දරුවෙකුගේ පාසල් පොත්පත්ද ගින්නට හසුවී ඇත. අහංගම පොලිසිය සහ අසල් වැසියන් එක්ව ගින්න නිවා ඇතත් කිසිවක් ඉතිරිකර ගත නොහැකිවී තිබේ.
අහංගම පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd