IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉන්ෆ්ලුවන්සා මරණවලට කරාපිටියේ ඉඩ මදිකමත් බලපෑවා - මහාචාර්ය අමරසේන

සිරංගිකා ලොකුකරවිට 

දකුණු පළාතේ පැතිරගිය ඉන්ෆ්ලුවන්සා වසංගත තත්ත්වය හේතුවෙන් මියගිය කුඩා දරුවන් හය දෙනකුගේ මරණවලට කරාපිටිය රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රමාණවත් ඉඩක් නොමැතිවීම ද හේතුවක් වූ බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (01) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයට වසර 10ක් පිරීම නිමිත්තෙන් පැවැති රැස්වීමක දී අදහස් දක්වමිනි.

ජර්මන් තානාපති ජෝන් රොඩර් මහතාගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි. සුනාමි ව්‍යසනයෙන් පසු පරිත්‍යාගයක් ලෙස ජර්මනියෙන් ලැබුණු මෙම ළමා දැඩි සත්කාර ඒකකය පසුගිය දා තවත් පුළුල් කිරීමෙන් අනතුරුව ජර්මන් තානාපතිවරයා සහ ජර්මනියේ හැනෝවා රෝහලේ වෛද්‍යවරු පිරිසක් එහි නිරීක්ෂණ චාරිකාවක අද නිරත වූයේය.

ඇඳන් 12කින් සමන්විත මෙම ළමා දැඩි සත්කාර ඒකකය දැනට ශ්‍රී ලංකාවේ ඇති වඩාත් විශාලතම ළමා දැඩි සත්කාර ඒකකය ද වෙයි.

එහි දී අදහස් දැක්වූ මහාචාර්ය අමරසේන මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

    ''පසුගිය දා දක්නට ලැබුණු ඉන්ෆ්ලුවන්සා තත්ත්වය හේතුවෙන් දකුණේ රෝහලවල අධික තදබදයක් හටගත්තා. ඒ වනවිට මේ දැඩි සත්කාර ඒකකයේ තිබුණේ ඇඳන් හතයි. දරුවකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළාට පස්සේ සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරු ඔහුගේ ප්‍රතිකාර නැවැත්විය නොහැකියි. මේ නිසා පැවති තත්ත්වය යටතේ ළමා දැඩිසත්කාර ඒකකයේ ද ඉඩ ප්‍රමාණවත් වුණේ නැහැ. එම රෝගයෙන් කරාපිටිය රෝහලේ දී මියගිය දරුවන් සංඛ්‍යාව 21ක්. ඉන් 15 දෙනෙක් මියගියේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා දෙමින් සිටිය දී. අනිත් ළමයි හය දෙනාට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා දෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඉඩකඩ මදිවූ නිසා ඔවුන් දැඩි සත්කාර ඒකකයට ඇතුළු නොකරම මියගියා. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්.

ජර්මනියෙන් ලැබුණු මේ ළමා දැඩි සත්කාර ඒකකයට මෙවර රජයේ මුදල් යොදවා ඇඳන් සංඛ්‍යාව වැඩි කළා. එහි අලුත්වැඩියා කටයුතු සඳහා ජර්මනියෙනුත් යළි උදව් ලැබුණා. සුනාමියෙන් පසු ආපු ව්‍යාපෘති වලින් මෙය විශේෂයි.

මම රෝහලේ සහ වෙනත් තැන්වල සිදුවූ ව්‍යාපෘති සමඟ වැඩ කළා. නමුත් ඒ ව්‍යාපෘති ගොඩක් ඇවිත් වැඩේ කරලා ගියා. පස්සේ බැලුවේ නැහැ. දැඩි සත්කාර ඒකකය ස්ථාපිත කළ දවසේ සිට අවුරුදු 10ක් ගත වෙලත් මොවුන් එය අතහැරියේ නැහැ. අපේ කාර්ය මණ්ඩලයට පුහුණුව දුන්නා. තවමත් නිරන්තරවම උපදෙස් හා මගපෙන්වීම ලබාදෙනවා. අඩුපාඩු සොයා බලා අවශ්‍ය ආධාර සහ උපකරණ ලබාදෙනවා. ඔවුන් අපිට දැවැන්ත ශක්තියක්."

මෙම දැඩි සත්කාර ඒකකය කරාපිටිය රෝහලට ලබා ගැනීම සඳහා මූලික වී කටයුතු කළ හික්කඩුව 306ඒ1 සිංහ සමාජයේ නිශ්ශංක ඈපා ලියන මහතා ඇතුළු සිංහ සමාජයේ සාමාජිකයන් පිරිසක් ද ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය විශේෂඥ ප්‍රදිප් ගමගේ මහතා ඇතුළු රෝහලේ වෛද්‍යවරු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.



අදහස් (1)

ඉන්ෆ්ලුවන්සා මරණවලට කරාපිටියේ ඉඩ මදිකමත් බලපෑවා - මහාචාර්ය අමරසේන

jayath Tuesday, 02 October 2018 08:55 AM

අරෙහේ රජරට වකුගඩු රෝගීන් කලින් හඳුනා ගැනීමේ ස්ක්‍රීන් ටෙස්ට් එක නවත්තල සල්ලි නැතුව . ජාතික රෝහලේ කුණු අරන් දාන කොම්පැනියට සල්ලි ගෙවල නැහැ ඔන්න සිරිලංකාව ඒ උනාට අර දියවන්නාව පැත්තේ ඡන්දයෙන් ගියපු අයට සහ ඒ අයගේ අන්තේෙවාසික පරපුටුවනට හැමදාම රජ මගුල් !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site