IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


කුඹල් කර්මාන්තයේ ගැටළු වලට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක


(අනීෂා මානගේ) 


කුඹල් කර්මාන්තයේ නිරත වීමේදී ඇති වී තිබෙන ගැටළු වලට විසදුම් ඉල්ලා අද(02) වීරකැටිය - මිද්දෙණිය ප්‍රධාන මාර්ගය යක්ගස්මුල්ල හන්දියේදී  අසලදී අවහිර කරමින් කුඹල්කරුවෝ විරෝධතාවයේ නිරත වූහ.


කුඹල් කර්මානතයේ නිරත වන කුඹල්කරුවන්හට අවශ්‍ය මැටි සපයා ගැනීමේදී ගැටළු වලට මුහුණ දීමට සිදුව ඇතැයි විරෝධතාකරුවන් පවසයි. මැටි ප්‍රවාහනය කිරීමේදී පොලිස් නිළධාරින් හා විශේෂ කාර්යය බලකා නිළධාරින් විසින් මැටි ප්‍රවාහනය කරන රථ අත්අඩංගුවට ගන්නා අතර කුඹල් කර්මාන්තයේ නිරත නොවන ඇතැම් පිරිස් මැටි ප්‍රවාහනය කිරීම සදහා බලපත්‍ර ලබා ගෙන ඇතත් ඔවුන්ට අධික මුදලක් ගෙවා මැටි මිළදී ගැනීමට සිදුව ඇති බවද විරෝධතාකරුවන් කියයි.


වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උඩුකිරිවිල, යක්කස්මුල්ල, උතුරු බුද්ධියාගම, රළුව, උතුරු කැප්පෙටියාව ග්‍රාම නිළධාරි කොට්ඨාශ වලට අයත් කුඹල් කර්මාන්තයේ නිරත වන පවුල් හාරසිය පනහක පමණ පිරිසක් කර්මාන්තයට අවශ්‍ය මැටි ලබා ගැනීමට නොහැකිව අසරණව වී සිටිති. 


ගම්වාසීහු දෙසිය පනහක පමණ පිරිසක් මෙම විරෝධතාවය සදහා සහභාගී විය. විරෝධතාකරුවෝ වීරකැටිය - මිද්දෙණිය මාර්ගය යක්ගස්මුල්ල හන්දිය අසලදී අවහිර කරමින් පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත විය. 


වීරකැටිය පොලිස් ස්ථානයේ නිළධාරින් පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කර හෙට (03) දිනයේදී ගම්වාසීන්ගේ ගැටළුවට විසදුමක් ලබා ගැනීම සදහා විරෝධතාකරුවන් සමග යළි සාකච්ඡා කිරීමට වේලාවක් යොදාගැනීමෙන් අනතුරුව විරෝධතාකරුවෝ විරෝධතාවය අවසන් කර විසිර ගියහ.  



අදහස් (0)

කුඹල් කර්මාන්තයේ ගැටළු වලට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31849 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14314 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11174 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 244 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1181 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site