IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වෙඩි වැදී සිටි වල් අලියෙක් රක්ෂිත කැලයකින් හමුවෙයි

(සනත් ගමගේ)

 

පාදයකට වෙඩි වැදුණු වල් අලියෙක් හම්බන්තොට ගොන්නොරුව පන්වැව ප්‍රදේශයේ රක්ෂිත කැළයේ අසාධ්‍ය තත්ත්වයෙන් සිටිය දී හමුවු බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිළධාරී ජේ.ඒ.පි විජයකුමාර මහතා කීය.

වයස අවුරුදු 25 ක් පමණ වන පිරිමි සතෙකු වන මෙම වල් අලියාට ප්‍රතිකාර කිරිම සඳහා උඩවලව ඇත් අතුරු සෙවනේ වෛද්‍ය කණ්ඩායමක් එම ස්ථානය‍ට අද (1) එහි යෑමට නියමිත බවද විජය කුමාර මහතා කීය.

පාදයකට වෙඩි වැදීම නිසා ආහාර සොයා ගැනිමට නොහැකි තත්ත්වයෙන් සිටින මෙම වල් අලියා තරමක් ගිලන් වී ඇති අතර වනජීවි නිළධාරින්ට පවා පාද තුනෙන් එළවා පහර දීමට පවා උත්සාහ ගන්නා බව වනජිවි නිළධාරිහු පවසති.

ගොන්නොරුව පන්වැව ආශ්‍රිත රක්ෂිත කැළයේ  වන සතුන් දඩයම් කරන දඩයම්කරුවන් නිරන්තරයෙන් සැරිසරන හෙයින් කැළයට ඇතුල්වන දඩයක්කරුවන් විසින් වල් අලීන්ට මෙලෙස වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි වනජීවි නිළධාරීහු සඳහන් කරති.     



අදහස් (0)

වෙඩි වැදී සිටි වල් අලියෙක් රක්ෂිත කැලයකින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site