( රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් රාණිකාඩු වතු යායට පිවිසෙන ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා වතු කම්කරුන් ,පෞද්ගලික බස් රථ රියදුරන් හා ත්‍රිරෝද රථ රියදුරන් ඇතුළු පිරිසක් අද (30) උද්ඝෝෂණයක නිරත වුහ.
බගවන්තලාව ලොයිනොන් ප්‍රධාන මාර්ගයේ කැම්පියන් නගරයේ සිට ලොයිනොන් රාණිකාඩු දක්වා කිලෝමිටර් 8 දුරක් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා කැම්පියන් නගරයේ මෙම මේ උද්ඝෝෂණය කළහ.
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් එම මාර්ගය වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණය නොකිරිමෙන් මේ වන විට එම මාර්ගයේ විශාල වලවල් හැරි දැඩි ලෙස අබලන් තත්ත්වයේ පැවතිම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා මගින් දැඩි අසිරුතාවයට පත් වි ඇති බව ඔවුහු පැවසුහ.
උද්ඝෝෂණය හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය දෙකකට ආසන්න කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පාර හදන්නැයි බගවන්තලාවේ උද්ඝෝෂණයක්