IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උතුරු-නැ‘හිර කජු වගා කළ ඉඩම් යළි වගාවට ලබා දෙන්නැයි ඉල්ලීමක්

(සුජිත් හේවාජුලිගේ) 

උතුරු නැගෙනහිර කජු වගා කෙරුණු ඉඩම් අක්කර 10,000 ක් මේ වන විට ආරක්ෂක අංශ භාරයේ පවතින බවත් මේ ඉඩම් කජු වගා කිරීම සඳහා නැවතත් බාර දෙන්නැයි ශ්‍රී ලංකා කජු සංස්ථාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම ඉඩම්වල කජු වගා කළහොත් මෙරටට පිටරටින් කජු ගෙන්වීමේ අවශ්‍යතාවක් නැතැයි  ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පැවසීය.

යුද්ධය පැවැති සමයේදී කොටි  කජු සංස්ථාවේ  ඉඩම් අල්ලාගෙන  කජු වගා කළ බව කී සභාපතිවරයා මේ කජු ඉඩම් මේ වන විට  යුද, නාවික හා සිවිල්  ආරක්ෂක බළකා බාරයේ පවතින බවද  ප්‍රකාශ කළේය.

මේ අතර කජු සංස්ථාව විනාශ මුඛයට ඇද වැටුණේ  පසුගිය රජය සමයේදී සංස්ථාවේ පාලකයින් කජු දන්සල් දැමු නිසා  බවත්  මැති ඇමැතිවරුන්ගේ අවශ්‍යතා සඳහා  සංස්ථාවේ කජු  තොග පිටින් නිකුත් කර තිබු  බවත් කීය.

තමා බලයට පැමිණ ඒ විනාශකාරී ක්‍රමවේදය නැවැත්වු බවද ඔහු පැවසීය.
රටේ පවතින අස්වැන්න පාරිභෝජනයට ප්‍රමාණවත් නොවන හෙයින් ලෙලි කජු  මෙට්ට්‍රික් ටොන්  6000 පිටරටින් ගෙන්වීමට  පසුගිදා රජය තීරණය කළ බව කී සභෘපතිවරයා මෙම ගෙන්වීම කරනුයේ දේශීය කජු අස්වැන්න ලැබෙනතුරු පමණකැයිද ප්‍රකාශ කළේය.



අදහස් (0)

උතුරු-නැ‘හිර කජු වගා කළ ඉඩම් යළි වගාවට ලබා දෙන්නැයි ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site