IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


මනුෂ්‍ය ඝාතනයකට සැකපිට සිව්දෙනෙක් රිමාන්ඩ්

මතුගම (අධිකරණ )වික්‍රම .පී .කුමාරසිරි

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම,  කුමන්ත්‍රණය කිරීම, අනුබල දීම සහ සැකකරුවන්ට රැකවරණ සැලසීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණවා සිටි පුද්ගලයන් සිව්දෙනෙකු ඔක්තෝබර් 10වන දින දක්වා රිමාන්ඩ්‍ භාරයට පත්කරණ ලෙස මතුගම වැඩබලන මහෙස්ත්‍රාත් සනත් එදිරිසිංහ මහතා අද (29) දින නියෝග කළේය.

එස් .එල් .සුජිත් දේවප්‍රිය හෙවත් සුජියා ,එස්.එල් .නාමල්  සිල්වා හෙවත් බබා  නොහොත් කිව්වා,කේ.ජී .විසල් ධනන්ජය ජයරත්න හෙවත් සුද්දා කේ.චරක අශාන්(මැල්ලමූකලාන-ලිහිණියාව මහකළුපහණ)නමැතිඅය එසේ රිමාන්ඩ්‍භාරයට පත්කෙරිණ.


 "බී" වාර්තාවක් මගින් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ මීගහතැන්න පොලිසිය එහිදී සඳහන්කර සිටි පරිදි 2018.09.27.දින මීගහතැන්න රෝහල විසින් නාගොඩ රජයේ මහරෝහල වෙත මාරුකර එවනලද තුවාල කරුවකු මරණයට පත්ව ඇති බව රෝහල් පොලිසිය ස්ථානය දැනුවත්කර තිබේ.


එම තොරතුර මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආරියවංශ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක පාලිත රාමසිංහ මහතා ඇතුළු පොලිස් කොස්තාපල් වරුන්වන සම්පත් (77780)පුෂ්පකුමාර (45477)යන නිලධාරීන් විසින් සිදුකල මූලික විමර්ශන කටයුතු වලදී අනාවරණය කරගෙනතිබූ පරිදි ,මරණකරුවන ඉලේකුට්ටිගේ් තුෂාර පුෂ්පකුමාර (මැල්ලමූකලාන-ලිහිණියාව )යනඅය සහ සැකකරුවන් එකම ගමක පදිංචිකරුවන් වන අතර 2018.09.27.දින රාත්‍රී 9.00ට පමණ පළමුවන හා දෙවන සැකකරුවන් විසින් ඒවනවිට නිවසේ රැඳීසිටි මරණකරුට පණිවුඩයක් යවා ඔහු තමන්වෙත ගෙන්වාගෙන එසේ  පැමිණිවිට මන්නාපිහියකින් පහරදී ඇතිබව අධිකරණය හමුව්‍ෙ වැඩිදුරටත් අනාවරණය විය.


පහරදීමෙන් අනතුරුව සැකකරුවන් පලාගොස් ඇති අතර අසල්වැසියන් විසින් තුවාල ලබාසිට අය සුවසැරිය ගිලන්රථ සේවාව මගින් මීගහතැන්න රෝහලට යැවීමට කටයුතු කර ඇතිබවත්,රෝ්හල ගතකළ තුවාලකරුගේ තත්ත්වය බරපතළ හෙයින් නාගොඩ මහරෝහලට මාරුකරයවා ඇති අතර ඒවන විටත් තුවාලකරු මියගොස් තිබූ බව සඳහන්කර සිටි පොලිසිය හෙතෙම මියයාමට පෙර,පළමුවන හා දෙවන සැකකරුවන් තමාට පහරදුන් බව සඳහන්කරමින් මීගහතැන්න රෝහලේ වෙද්‍ය නිලධාරි වෙත ප්‍රකාශයක් ලබාදී ඇතිබවද සඳහන් කරතිබිණ.

 

මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරමක් සම්‍බන්ධව කාලයක් තිස්සේ දෙපිරිසක් අතර පවතින ආරාවුලක් මෙම ඝාතනයට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරණ බවත් සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බැවින් සැකකරුවන් රිමාන්ඩ්‍භාරයට පත්කරණ ලෙස වැඩිදුරටත්  ඉල්ලාසිටි පොලිසිය ඝාතනය සඳහා යොදාගත් සෙන්ටිමීටර තිස්හතක දිගින් හා සෙන්ටිමීටර එකොළහක පළලින් යුතු මන්නාපිහියක් නඩුභාණ්ඩ වශයෙන් සලකුණු කොට "බී"වාර්තාව සමග යාකොට ඉදිරිපත්කර තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මේවනතුරු ලැබී නැතිබවද අධිකරණයට දන්වා සිටියේය.


පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අඩංගු වැඩිදුර වාර්තාවක් මගින් ඉදිරිදින පැමිණිල්ලක් අධිකරණය හමුවේ ගොනුකරන ලෙස පොලීසියට නියෝග කල මහෙස්ත්‍රාත්තුමා වැඩිදුර විභාගය 2018.10.10දිනට කල්තබමින් සැකකරුවන් රිමාන්ඩ්‍භාරයට පත්කළේය.


 නීතිඥ බී.වී.විජේසේන මහතා සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටිමින් අධිකරණය හමුවේ කරුණු දැක්වීය .

 



අදහස් (0)

මනුෂ්‍ය ඝාතනයකට සැකපිට සිව්දෙනෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31849 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14314 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11174 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 244 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1181 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site