‘සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රටේ හැරවුම් ලක්ෂයයි’ රට ගොඩනැගිය හැකි වැඩපිළිවෙළ ඇතුළත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රටේ ඉදිරි හැරවුම් ලක්ෂය වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා කොළඹදී අද (31) පැවැසීය. 31 October 2019
‘‘ස්වාධීන රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වුණා‘‘ ස්වාධීන රාජ්‍ය සේවයක් නිර්මාණය කරමින් රාජ්‍ය සේවකයාගේ ආර්ථිකය , ගෞරවය සහ අභිමානය ශක්තිමත් කිරීමට වර්තමාන රජයට හැකි වූ බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී පැවැසීය. 29 October 2019
‘රටේ වර්තමාන තත්ත්වය ගැන ගෝඨාභය බොරු කියනවා‘ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ වත්මන් තත්වය පිළිබද අසත්‍ය ප්‍රකාශ සිදුකරන බවත් පිටරටින් ලංකාවට තේ ගෙන එන බවට සිදුකළ ප්‍රකාශයත් එවැනිම අසත්‍ය එකක් බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැවැසීය. 29 October 2019
ගෝඨාභය ජනපති වූ පසු ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය ප්‍රතිසංස්කරණ කරනවා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වූ පසු ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය ප්‍රතිසංස්කරණය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වන අජිත් නිවාඞ් කබ්රාල් මහතා කොළඹ දී පැවැසීය. 27 October 2019
‘ගෝඨාභයගේ ක්‍රියාවෙන් මහින්ද යළිත් විදුලි පුටුවට යාමේ අවදානමක්’ මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවෙන් ගලවා ගැනීමට යහපාලන රජය සමත් වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියා කලාපය මගින් යළිත් මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවට ගෙන යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. 25 October 2019
‘පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන තේරීම් කාරක සභා වාර්තාව නිවැරදි තොරතුරු වසන් කරලා’ පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සම්පූර්ණයෙන්ම නිවැරදි තොරතුරු වසන් කළ හා පළිගැනීමේ චේතනාවෙන් ඉදිරිපත් කළ වාර්තාවකැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. 24 October 2019
අජිත්ගෙන් අලුත් තර්කයක් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය ගොණුකළ නඩුව ඇමරිකානු අධිකරණය නිශ්ප්‍රභ කළත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වර්තමාන පුරවැසිභාවය මතභේදයට ලක්වී ඇති බව එම තීන්දුවේ සඳහන් වන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ඡන්ද නියෝජිත සහ ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු පර්යේෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවැසීය. 23 October 2019
ජනපති ජපාන හිටපු අගමැති අතර හමුවක් ජපානයේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යෂුවෝ ෆුකූඩා මහතා අතර හමුවක් ටෝකියෝ නුවරදී පැවැත්විණි. 22 October 2019
පිටරට අධිකරණවල නඩු පවරා දවල් හීන දකිනවා දේශපාලන කාලයේදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට ශක්තියක් නැති පිරිස් මෙරට මෙන්ම පිටරට අධිකරණවලදී ඔහුට එරෙහිව නඩු පවරා ඒ මගින් ඒ මහතාගේ ගමන් මග අවහිර කිරීමට තැත් දැරීම දවල් හීනයක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 22 October 2019
‘‘හමුදා නීතියට පුරුදු වූ අයෙකුට ප්රජාතන්ත්රවාදී නීතියට පුරුදු වෙන්න කාලයක් යයි‘‘ හමුදාව නීතියට පුරුදු පුහුණු වූ අයෙකුට ප්රජාතන්ත්රවාදී නීතියට හුරුවීමට වසර 25 ක හෝ 30 ක කාලයක් ගතවිය හැකි යැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (21) පැවසීය. 21 October 2019
‘‘පුවත්පත් කියවීමේදී - ප්රවෘත්ති බැලීමේදී සැලකිලිමත් වන්න‘‘ පුවත්පත් කියවීමේදී සහ ප්රවෘත්ති බැලීමේදී ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කතානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවැසීය. 21 October 2019
‘‘මානව නිදහස - මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී තිබෙනවා‘‘ සිය ධූර කාලය තුළදී ප්රජාතන්ත්රවාදය, මානව නිදහස සහ මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ දී පැවැසීය. 21 October 2019
දෙමළ ජාතික සන්ධානය එක්ක අපට ගිවිසුමක් නෑ දෙමළ ජාතික සන්ධානය හෝ වෙනත් කිසිදු දේශපාලන කණ්ඩායමක් සමඟ එක්සත් ජාතික පක්ෂයට ගිවිසුමක් නොමැති බවත් අපේ ප්‍රතිපත්තිවලට එකඟවෙන ඕනෑම අයෙක් සමඟ වැඩකරන බවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය. 20 October 2019
‘යුද සමයේ නායකත්වය කතා කිරිමෙන් ගෝඨාභයගේ ප්‍රතිරූපයට හානිසිදුවූණා’ ගෝඨාභය රාජපක්ෂ මහතා යුද සමය සහ එහි නායකත්වය ගැන කතා කිරිමෙන් ඔහු පිළිබඳව මෙතෙක් පැවති ප්‍රතිරූපයට සහ ජනතාවගේ විශ්වාසයට හානියක් සිදුකර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටි ආරච්චි මහතා අද (18) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය. 18 October 2019
‘ගෝඨාභය පෑන - කැමරාව දක්කාම පැන දුවන බය ගුල්ලෙක්’ වියතෙක්, බුද්ධිමතෙක්, වැඩකාරයෙක් බවට ප්රකටව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට බොරු කියමින් ජනතාව මුලා කරමින් පෑන, කැමරාව දැක්කම පැන දුවන බය ගුල්ලෙක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 18 October 2019
‘බංකොලොත් දේශපාලනඥයින් රට පාලනයට ඉදිරිපත් වෙන්න එපා ‘ සිද්ධස්ථාන වලට අගෞරව කරන බංකොලොත් දේශපාඥයන්ට රට පාලනය කිරිමට ඉදිරිපත් නොවන ලෙස පැල්මඩුල්ල රජ මහවිහාරයේ විහාරාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති සහ ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසූහ. 18 October 2019
‘බොරු පොරොන්දු මල්ලක් අරන් ගෝඨාභය රට වටේ යනවා’ ජනාධිපතිවරණය ජයගත නොහැකි බව දන්නා ගෝඨාභය රාජපක්ෂ මහතා බොරු පොරොන්දු සහ යෝජනා මල්ලක් ලබා දෙමින් රට වටේ යන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය. 17 October 2019
‘ හැමෝම ප්‍රශ්න ගැන කතා කරද්දී ගෝඨාභය විසඳුම් ගැන කතා කරනවා‘ බොහෝ ජනාධිපතිවරණ අපේක්ෂකයන් ප්‍රශ්න ගැන පමණක් කතා කරත්දී ගෝඨාභය රාජපක්ෂ මහතා විසඳුම් ගැන කතා කිරීම නව දේශපාලන සම්ප්රදායක් හඳුන්වා දීමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා අද (16) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 16 October 2019
‘රාජපක්ෂවරු යුද ජයග්‍රහණයේ ගැටලු සහගත තැන් ෆොන්සේකා ඇතුළු රණවිරුවන්ට බැර කරනවා ‘ යුද්ධ ජයග්‍රහණයේ ගෞරවය රාජපක්ෂ අයියා මලෝ බෙදාගනිදී යුද්ධයේ ගැටලූ සහගත අවස්ථා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු රණවිරුවන්ට බැර කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය. 16 October 2019
ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එළිදකී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනයට ඇතුළත් සෞඛ්‍ය ප්‍රතිපත්තිය ජනාධිපතිධූර අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදි අද (15) එළිදැක්වීය. 15 October 2019
රාජ්‍ය බැංකු ගැන ජනපති කොමිසමක් පත්කරන්නැයි යෝජනාවක් වත්මන් රජයේ පාලනය පැවැති ඉකුත් වසර පහේ කාලය තුළ මෙරට බැංකු හා මූල්‍ය ආයතනවල ඇති වී තිබෙන මූල්‍ය අර්බුද ගැන සොයා බැලීම සඳහා තේරිම් කාරක සභාවක් හෝ ජනාධිපති කොමිසමක් ඉදිරි රජයක දී පත්කරන ලෙස යෝජනා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 15 October 2019
‘අන්තවාදීන් ගෝඨාභය වටා රොක්වෙද්දී දේශප්‍රේමීන් සජිත් වටා රොක්වෙනවා’ අන්තවාදී ජාතිවාදි පිරිස් ගෝඨාභය රාජපක්ෂ මහතා වටා රොක් වෙද්දී දේශප්‍රේමී පිරිස් සජිත් පේ‍්‍රමදාස මහතා වට එක් රොක් වෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පැවැසීය. 15 October 2019
‘ජනපතිවරණයේදී ජීවිතයද මරණයදැයි සිතා ජනතාව තීරණයක් ගතයුතුයි’ ඉදිරි ජනාධිපතිවරණයේදී ජීවිතයද, මරණයද යැයි සිතා ජනතාව තීන්දුවක් ගත යුතුව ඇතැයි සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා කොළඹදී අද(13) පැවැසීය. 13 October 2019
‘ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 14ක් සජිත් දිනනවා’ ඉදිරි ජනාධිපතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් 14ක ජයග්‍රහණය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා හිමිකරගෙන, ඓතිහාසික ජයග්‍රහණයක් අත් කරගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා කොළඹදී අද(10) පැවැසීය. 10 October 2019
‘‘රටේ ජනතාවට විශ්වාසය තැබිය හැකි නායකයා සජිත්‘‘ රටේ ජනතාවට විශ්වාසය තැබිය හැකි නායකයා බවට සජිත් ප්‍රේමදාස මහතා පත්ව ඇති බව හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා කොළඹදී අද (09) පැවැසීය. 09 October 2019
‘‘සජිත් ජනපති අපේක්ෂකයා වීමත් සමඟ පක්ෂයේ පිබිදීමක් ඇතිවෙලා‘‘ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක බවට පත්වීමත් සමඟ එක්සත් ජාතික පකෂය තුළ විශාල පිබිදිමක් ඇතිවී තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනාම එකට එක්ව කටයුතු කරන ඡන්ද ව්‍යාපාරය බවට මෙවර ජනාධිපතිවරණය පත්ව ඇති බවත් තිස්ස අත්තනායක මහතා කොළඹදී අද (09) පැවැසීය. 09 October 2019
විශ්ව විද්‍යාවල - ව්‍යාපාරික ආයතන අතර සබඳතාවක් නිර්මාණය කළ යුතුයි විශ්ව විද්‍යාවල පර්යේෂණ සංවර්ධන අංශ සහ ව්‍යාපාරික ආයතන අතර ශක්තිමත් සබඳතාවක් නිර්මාණය කළ යුතුව ඇතැයි නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද (7) පස්වරුවේ පැවැසීය. 07 October 2019
‘‘ජනපති අපේක්ෂකයා තේරීමේ කිසිම අර්බුදයක් නෑ‘‘ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නිවේදනය කිරීමේ කිසිදු අර්බුදයක් හෝ ප්‍රමාදයක් හෝ නැතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (25) පස්වරුවේ පැවැසීය. 25 September 2019
පොහොට්ටුවේ ප්‍රචාරණ විනයානුකූලව කරන්නැයි බැසිල්ගෙන් උපදෙස් මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමෙන් තොරව විනීතව හා නීතිගරුකව ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකළ යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සියලූම දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් නියෝජිතයන්ට දැනුම්දී තිබේ. 25 September 2019
රට ගොඩනැඟීමට තමා සමඟ එක්වන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක් පක්ෂයෙන් ඈත් වූ සියලූ දෙනාට රට ගොඩ නැගීමේ වැඩසටහන වෙනුවෙන් යළි තමා සමඟ එක්වන්නැයි ආරාධනා කර සිටින බව එක්සත් ජාතික පක්සයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඉල්ලීමක් කරයි. 24 September 2019
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026