ජපානයේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) ජපානයේ හිටපු අග්රාමාත්ය යෂුවෝ ෆුකූඩා මහතා අතර හමුවක් ටෝකියෝ නුවරදී පැවැත්විණි.
ජපාන අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගී වීමට ලද ආරාධනය පරිදි ජනාධිපති ටෝකියෝ නුවරට ගොස් සිටින අතර ජපාන හිටපු අග්රාමාත්ය යෂුවෝ ෆුකූඩා, ශ‍්‍රී ලංකාවේ හිටපු ජපාන තානාපති කෙනචි සුගනුමා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනපති හමුවී සාකච්ඡාවක නිරත විය.
ජනාධිපති ධූරයෙන් විශ‍්‍රාම ගත්ත ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ගෙන ගිය වැඩපිළිවෙළ තවදුරටත් රටට අවශ්‍ය බවද හිටපු ජපාන අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
ජනාධිපතිවරයා රටේ සමාජයීය දියුණුව වෙනුවෙන් ගෙන ගිය නව වැඩසටහන් අගය කළ හිටපු අග‍්‍රාමාත්‍යවරයා පසුගිය පාස්කු ඛේදවාචකයෙන් පසුරට තුළ මතු වූ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ගත් පියවර ද අගය කළේය.
ජනාධිපති ධූරයෙන් විශ‍්‍රාම ලැබුව ද ශ‍්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගීතාවය ඉහළ නංවා ගැනීමේ වැඩසටහන් සඳහා අඛණ්ඩව කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ත‍්‍රස්තවාදය මැඩැලීම සඳහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට බඳුන්විය.
තම ධූර කාලය තුළ දී ශ‍්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථික අභිලාෂයන් ඉටුකර ගැනීමට ජපාන රජය තමා වෙත ලබාදුන් විශේෂ සහයෝගයට ද ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාව නිරන්තරයෙන් සුහද මිතුරෙකු ලෙස ජපානයේ සහයෝගය අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ජනපති ජපාන හිටපු අගමැති අතර හමුවක්