IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ගෝඨාභයගේ ක්‍රියාවෙන් මහින්ද යළිත් විදුලි පුටුවට යාමේ අවදානමක්’

(නිමල කොඩිතුවක්කු)

 

මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවෙන් ගලවා ගැනීමට යහපාලන රජය සමත් වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක‍්‍රියා කලාපය මගින් යළිත් මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවට ගෙන යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධව ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය ගොනු කළ නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දක්වා ඇති කරුණු මගින් මෙම අවදානම මතුවන බවත් අමාත්‍යවරයා  සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට  අද (25) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙසේ කීය.

 ‘‘ජනවාරි 8 වැනිදා අපි ලැබූ ජයග‍්‍රහණයත් සමඟ රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම මාධ්‍ය නිදහස දිනාගැනීමටත් හැකිවුණා.  ඒ කාලේ රාජපක්ෂලාගෙන් මාධ්‍ය ගුටිකෑවා. අද මාධ්‍යයෙන් රජය ගුටිකෑවා.

ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය වෙනුවෙන් යුක්තිය ඉල්ලා එතුමන්ගේ දියණිය ඇමෙරිකානු අධිකරණයක නඩුවක් ගොනු කළා. එහි තීන්දුව පසුගියදා ලබා දුන්නා. ඒ අනුව, ගෝඨාභය නිදහස්, නඩුව විසික් කළා කියලා අපේ මාධ්‍ය පොල් ගෙඩි අකුරින් වාර්තා කරලා තිබුණා.

මේ ඝාතනය සිදුව ඇත්තේ එවක රජය සමයේ බවත් තමන් එහි නිළධාරියෙක් පමණක් බැවින් ඒ රජයේ සිදුවූ ක‍්‍රියාවලියේ සම්පූර්ණ වගකීම තමන්ට බාර ගැනීමට නොහැකි  බවටත් ගෝඨාභය රාජපක්ෂ මහතා එහි කරුණු දක්වා තිබෙනවා. මෙම තීන්දුව ලබාදී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ඒ තර්කයක් පදනම් කරගනිමිනුයි.

 



අදහස් (0)

‘ගෝඨාභයගේ ක්‍රියාවෙන් මහින්ද යළිත් විදුලි පුටුවට යාමේ අවදානමක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site