IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 14ක් සජිත් දිනනවා’

(නිමල කොඩිතුවක්කු)
 
ඉදිරි  ජනාධිපතිවරණයේදී මැතිවරණ දිස්ත‍්‍රික්ක 22 න් 14ක ජයග‍්‍රහණය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා හිමිකරගෙන, ඓතිහාසික ජයග‍්‍රහණයක්  අත් කරගන්නා  බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා කොළඹදී අද(10) පැවැසීය.
 
පරාජය දරා ගැනීමට නොහැකි රාජපකෂවරුන් විවිධ උපක‍්‍රම යොදමින් පහත් දේශපාලනයක නිරතවෙමින් සිටින බවත්  රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.    
 
කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා මෙසේද කීවේය.
 
“එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයාට මේ වනවිට  ඉහළ ජනතා ආකරශනයක් හිමිවී තිබෙනවා. අපේ අපේක්ෂකයා දිනවීමට පක්ෂ ගණනාවක් අද ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ජයග‍්‍රහණය අපිට මේ වනවිට ස්ථීර වී තිබෙනවා.
 
මැතිවරණ දිස්ත‍්‍රික්ක 22න් දැනටමත් අපිට දිස්ත‍්‍රික්ක 10ක ජය ස්ථීර වී තිබෙනවා.   තව මැතිවරණ දිස්ත‍්‍රික්ක හතරක  ජයත් අපිට මේ වනවිට තහවුරු වී තිබෙනවා. නොවැම්බර්  17 වනවිට මේ රටේ නියත ජනපති වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත්වෙනවා.

නිදහස් පක්ෂයේ සහාය ගෝඨාභයට හිමිවුණත් ජනාධිපතිවරයාගේ සහාය ගෝඨාභයට හිමිවී නැහැ. ඔහු ස්වාධීනව ඉන්න බවට ප‍්‍රකාශ කරලා තියෙනවා. එතුමා ස්වාධීනව ඉන්නේ කොහොමද කියලා ඉදිරියේදී බලා ගන්න පුලුවන්.
 
පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු රැලිය අනුරාධපුරේදි පැවැත්වුණා. එම රැළියේදී  රතන හිමියන් වේදිකාවේ තියාගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා රසායනික පොහොර නොමිලේ ලබා දෙනවා කියලා. රසායනික පොහොරවලට විරුද්ධව රතන හිමියන් විශාල වැඩපිළිවෙළක්  ගෙන ගියා. දැන් මේවා පරස්පර බවට හෙළි වෙලා තියෙනවා.
 
ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා  සිරගත වූ රණවිරුවන් නිදහස් කරනවලු.  කිසිම රණවිරුවෙක් යුද්ධ කළා කියලා සිරගත කළාද කියලා අපි ඒ අයගෙන් අහනවා.  මේ රණවිරුවො හිරේ ඉන්නේ මේ අය දීපු නියෝග නිසයි. තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් රණවිරුවන් ඒ තත්වයට පත්කළෙත් මේ අයමයි.
 
මුස්ලිම් ජනතාවට තර්ජනය වන ආකාරයෙන් මධුමාධව අරවින්දගේ වීඩියෝවක් අපි දැක්කා. මේ අයගේ සැබෑ ස්වරුපය මේක තමයි.  දැන් මාස ගණනකට කලින් බැසිල් රාජපක්ෂ විල්පත්තුවට  ගිහින් කිව්වා මම මේ ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලි 240 ක් විවෘත කලාලු. මේ ප‍්‍රදේශයට  මුලින්ම ආව සිංහල බෞද්ධ නායකයා එයාලු. එතුමන්ලා මුස්ලිම් පැතිවලට එහෙම ගිහින් කියලා දකුණට  ඇවිත් මුස්ලිම් විරෝධයක් ඇති කරනවා. මේ අයගේ දෙබිඩි පිළිවෙත අද ජනතාව දන්නවා. මේ අය ජනතාවට යළිත් බොරු පොරොන්දු දෙමින් යනවා.
 
මේ රටේ මර්මස්ථාන මේ රජය  විදේශ රටවලට විකුණන බව කොළඹ ෂැංගි‍්‍රලා හෝටලයේ  ඉඳන් මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පැවසුවා. යුද හමුදා මූලස්ථානය සින්නක්කර ඔප්පුවකින් විකුණපු හෝටලයේ ඉඳන්ම එතුමා මේ ගැන ප‍්‍රකාශ කිරීම ගැන අපි ලැජ්ජ වෙනවා. මේ රජය පිටරටට  සින්නක්කරව විකුණපු එක බිම් අඟලක් පුලුවන් නම් කියන්න කියලා  අපි මේ අයට අභියෝග කරනවා” යැයිද ඔහු එහිදී සඳහන් කළේය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)


 



අදහස් (0)

‘ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 14ක් සජිත් දිනනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site