IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ හැමෝම ප්‍රශ්න ගැන කතා කරද්දී ගෝඨාභය විසඳුම් ගැන කතා කරනවා‘

(ආරියරත්න රණබාහු)

බොහෝ ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් ප‍්‍රශ්න ගැන පමණක් කතා කරත්දී ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසඳුම් ගැන කතා කිරීම නව දේශපාලන සම්ප‍්‍රදායක් හඳුන්වා දීමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම මාධ්‍ය ප‍්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා අද (16) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.


ඇතුල්කෝට්ටේ පිහිටි වියත් මග කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුව අමතමින් ඒ බව කී මන්ත‍්‍රීවරයා මෙසේ ද කීය.


අද සිට ජනාධිපතිවරණයට හරියටම තියෙන්නේ දින තිහයි. 31 වැනි දවසේ මේ රටට හිරු පායන්නේ අලූත් නායකයෙක් සමඟයි. මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා වෙන්නේ අපේ ජාතික අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතායි. ඒ සඳහා ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කර තිබෙනවා. එය ඉතාමත් පුලූල් අන්දමින් සිදු වෙනවා. දේශපාලන පක්‍ෂ, බහුජන සංවිධාන, ජාතික ව්‍යාපාර සහ රටට මිතුරු බලවේග එම මැතිවරණ ව්‍යාපාර සමග අත්වැල් බැඳ ගෙන තිබෙනවා.


ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ මැතිවරණ සංස්කෘතියට අලූත්ම යාන්ත‍්‍රණයක් හඳුන්වා දී තිබෙනවා. ජනාධිපතිවරණ වේදිකාවේ තමන්ගේ ප‍්‍රතිපත්ති පමණක් කතා කරන, අනුන්ට මඩ නොගසන ජනාධිපති අපේක්‍ෂකයෙක් පළමුවරට දැක්කා කියල ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පසුගිය දිනෙක මාතරදී මට පැවසුවා.


බොහෝ අපේක්‍ෂකයෝ ප‍්‍රශ්න ගැන කතා කරනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා උත්තර ගැන කතා කරනවා. මේ නිසාම ඔහු හඳුන්වා දුන් මේ මැතිවරණ සංස්කෘතියට බොහෝ මඩ ගැසීම් අවලාද වගේම ඒ කතා විකෘති කිරීම් අපි දැක්කා.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ පසුගිය දිනෙක පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාව රාජ්‍ය මාධ්‍ය බරපතළ ලෙස විකෘති කර තිබුණා.


ජාතික රූපවාහිනියේ ප‍්‍රවෘත්ති ප‍්‍රචාරයේදී පසුගිය දිනෙක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලැබුණේ 4 වැනි තැන. විනාඩි 2කයි. සජිත් පේ‍්‍රමදාස, මහේෂ් සේනානායක, සිරිතුංග ජයසූරිය ජනාධිපතිවරණ අපේක්‍ෂකයෝ ඊට කලින් හිටියා. ඉතා නිර්ලජ්ජිත ලෙස එක අපේක්‍ෂකයෙක් ප‍්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය ගෙනයන මේ වැඩපිළිවෙළ ගැන මැතිවරණ කොමිෂම ඉතාම කඩිනමින් සොයා බැලිය යුතුයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිල්ලර කතා කියන කෙනෙක් නොවෙයි. සිල්ලර පොරොන්දුවලින් ඔහුගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පුරවන්නේ නැහැ. අනුන්ට මඩ ගහන්නේ නැහැ. ඔහු ප‍්‍රශ්න කිරීමට කවරෙකුට හෝ අවශ්‍ය නම් ඔහුගේ නව අදහස් ගැන ප‍්‍රශ්න කරන්න. සජිත් පේ‍්‍රමදාස මහතාගේ වේදිකාවේ සිල්ලර පොරොන්දු ගලා ගෙන යනවා.


එතුමා දෙන ඒ පොරොන්දු දැන් කරන්න බැරි ඇයි. ආණ්ඩුව එතුමන්ලාගේ නම් ආණ්ඩුවේ නායකයා එතුමන්ලාගේ නම් එතුමා පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා නම් මේ පොරොන්දු ඉටු කිරීමට දැනට ඔහුට තියෙන බාධාව මොකක්ද බෞද්ධ උරුමය රකිනවා කියල දොහොත් මුදුන් දී වඳිනවා. එය දැන් කරන්න තියෙන බාධාව මොකක්ද?

අක්කර 70ක පිහිටි මුහුදු මහා විහාරය කොල්ල කනවා. ඒ විෂය බාර ඇමැතිවරයා ඔහුයි. ඒ වුණාට මැතිවරණ වේදිකාවේ කියනවා දාගැබ් 1500ක් හදනවා කියලා. මුහුදු මහා විහාරය වෙනත් පිරිසක් කොල්ල කන එක ගැන නිහඬයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහෙම නැහැ. බොරු උත්තර දෙන්නේ නැහැ.

ශ්‍රී ලංකා ජාතික මහ සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ මෙසේ කීහ.

අපේ රටේ කඩා වැටුණු සංස්කෘතිය ගොඩනැගීමට සිදුව තියෙනවා. ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම. නගරයේ සිට ගම දක්වා දිවයන දුප්පත්භාවය නැතිකර රට ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත කිරීමට සිදුව තිබෙනවා.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන්ගේ ආර්ථික ප‍්‍රතිපත්තිය බොහොම පැහැදිලිව කියල තියෙනවා. විදේශීය සමාගම්වලට මේ රට විකිණීම නතර කිරීම. රටේ සම්පත් විදේශීය සමාගම්වලට පවරා නොදීම. රටේ සම්පත්වලට ප‍්‍රමුඛතාවය ලබාදීමට එතුමා කටයුතු කරනවා. අපට නිපදවිය හැකි සියලූම දේ මේ රටේම නිපදවීමටත් බැරි දෙයක් පමණක් පිටරටින් ගෙන්වීම. සමුපකාර ව්‍යාපාරය යළි බලගැන්වීමට අවශ්‍යයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා මෙසේ පැවසීය.

අපි ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයෝගය දීමට කටයුතු කළේ අපේ පක්‍ෂයේ අනන්‍යතාවය රැකගෙනයි. වමේ ප‍්‍රගතිශීලී පක්‍ෂයක් ලෙස ඉතිහාසයේ සිටම කටයුතු කරන අපට එක්සත් ජාතික පක්‍ෂයෙන් බිඳිලා ආපු පක්‍ෂයක් ලෙස නැවත ඒ පක්‍ෂය සමග එක්ව කටයුතු කරන්න බැහැ. අප එසේ කළ යුතුත් නැහැ.

එක්සත් ජාතික පක්‍ෂයෙන් දෙන විවිධ තනතුරු වරප‍්‍රසාදවලට ගිජු වෙන අය මේ පක්‍ෂයේ ඉන්න පුලූවන්.

 

 එහෙම සංවිධායකවරු හතළිස් ගණනක් සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දෙන බව ඊයේ වාර්තා වුණා. ඒ සංවිධායකයන්ගෙන් ඇතැම් පිරිසක් අප සංවිධායකකම් වලින් ඉවත් කළ අයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය එය කළ යුත්තේ එක්සත් ජාතික පක්‍ෂයට ගිහින් නොවෙයි. මේ පක්‍ෂය තුළ සිටීම මගිනුයි. ප‍්‍රශ්න තියෙනවා නම් ඒවා සාකච්ඡුා මගින් විසඳාගත හැකියි. විවිධ බාධක මැද අපි එකම වේදිකාවක සිටිමින් ගෝඨාභය මහතා ජයග‍්‍රහණය කිරීමට කටයුතු කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේ කීවේය.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා වන ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ සජිත් පේ‍්‍රමදාස මහතා අතරින් කවුරුන් ජනාධිපතිවරයා කළ යුතුදැයි තීරණය කිරීම තමාගේ හෘද සාක්ෂියට අනුව මේ රටේ මිලියන 16ක් වන ජනතාව වෙත වගකීමක් ලෙස පැවරී තිබෙනවා.

ගෝඨාභය මහතා සම්ප‍්‍රදායික දේශපාලනයෙන් බැහැරව රටට අවශ්‍ය රාජ්‍ය පරිපාලනය සඳහා තීරණාත්මක අවස්ථාවලදී පැහැදිලි තීන්දු තීරණ ගෙන තිබෙනවා. රටත් ජාතියත් ගලවා ගත් පුද්ගලයෙක් කිව්වොත් සැම කෙනෙක්ම තම හෘද සාක්ෂියට අනුව ඒක පිළිගනියි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා මෙසේ පැවසීය.

සාර්ක් කලාපයේ අඩුම ආර්ථික වර්ධනය තිබෙන රට ශ්‍රී ලංකාවයි. අපට වඩා ඇෆ්ගනිස්ථානයත් ඉහළ සිටිනවා. මහ බැංකු වාර්තාවට අනුව මෙවර දෙවන කාර්තුවේ වර්ධන වේගය 1.6යි. ඒ අනුව අප මොනතරම් නරක තැනකද ඉන්නේ.

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරයා වුණොත් ඔහුගේ අගමැතිවරයා වන වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා යටතේයි මේ තත්ත්වය උදාවී තිබෙන්නේ. මේ විදියට මේ රට ඉදිරියට ගියොත් ඉතියෝපියාවක් බවට පත්විය හැකියි.

එජාප ජනාධිපති අපේක්‍ෂකතුමා ඔහුගේ තේජස සහ අනුහස ගැන කියනවා. රාත‍්‍රියට වෙස් වලාගෙන ගිහින් ජනතාව සතුටින් ඉන්නවද කියල බැලීම. එහෙම ? ආවොත් ග‍්‍රීස් යකෙක් කියල ජනතාව පහර දෙන්නත් පුලූවන්. තමන්ගේ ශ්‍රී මුඛය ගැන කියනවා, නමුත් කෝ.



අදහස් (0)

‘ හැමෝම ප්‍රශ්න ගැන කතා කරද්දී ගෝඨාභය විසඳුම් ගැන කතා කරනවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site