(නිමල කොඩිතුවක්කු)
රටේ ජනතාවට විශ්වාසය තැබිය හැකි නායකයා බවට සජිත් ප්‍රේමදාස මහතා පත්ව ඇති බව හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා කොළඹදී අද (09) පැවැසීය.
මේ හේතුවෙන් තමන් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කිරීමට තීරණය කළ බව බෝගොල්ලාගම මහතා සඳහන් කළේය.
කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහිත බෝගොල්ලාගම මහතා මෙසේද කීවේය.
‘‘සජිත් පේ‍්‍රමදාස මහතාගේ ගමනට ශක්තියක් වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මම සාමාන්‍යයෙන් දේශපාලනය තුළ අධ්‍යයනයක් කරලා ඒ තුළින් ලැබෙන ප‍්‍රථිපල තුළයි මම බොහෝවිට තීරණ ගන්නේ. ඒ අනුව මට හැඟී ගියා මේ වෙලාවේ හොඳම තීරණය සජිත් පේ‍්‍රමදාස මහතාට ශක්තියක් ලබා දීම සුදුසුයි කියලා.
මුදල් වලට දේශපාලඥයන් විකිණෙන බඩ ගෝස්තරවාදය වෙනුවෙන් තීන්දු තීරණ ගන්න තත්වයට අද දේශපාලනය පත්වෙලා තියෙනවා. අද මේ රටේ සියලූ ජනතාවට විශ්වාසය තැබිය හැකි නායකයා බවට සජිත් පේ‍්‍රමදාස මහතා පත්වෙලා තිබෙනවා.
ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසක් එතුමන් වටා පෙළ ගැහෙයි කියලා අපි විශ්වාස කරනවා. නම් සඳහන් නොකලත් ලේකම් මට්ටමේ පිරිසුත් අද අපිත් එක්ක සාකච්ඡා කරමින් සිටිනවා. රටේ ජයග‍්‍රහණය වෙනුවෙන් සජිත් පේ‍්‍රමදාස මහතාගේ කඳවුරත් සමඟ එක්වන ලෙසට සියලුම ජනතාවට අපි ආරාධනා කර සිටිනවා’’ යැයිද ඔහු එහිදී පැවැසීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘‘රටේ ජනතාවට විශ්වාසය තැබිය හැකි නායකයා සජිත්‘‘