IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


රට ගොඩනැඟීමට තමා සමඟ එක්වන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක්

(නිමල කොඩිතුවක්කු)

පක්ෂයෙන් ඈත් වූ සියලූ දෙනාට රට ගොඩ නැගීමේ වැඩසටහන වෙනුවෙන් යළි තමා සමඟ එක්වන්නැයි ආරාධනා කර සිටින බව එක්සත් ජාතික පක්සයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඉල්ලීමක් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ප‍්‍රමුඛ පක්ෂයෙන් ඈත්ව සිටින සියලූ දෙනාට මේ සඳහා ආරාධනා කරන බවත් සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ තවදුරටත් මෙසේ ද දැක්වේ.

විවිධ මතවාදයන් නිසා එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්ව සිටින බොහෝ පිරිසක් අද පක්ෂය වෙනුවෙන් කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් සිටින බව මම දන්නවා. මතවාද යනු සාකච්චා කර විසඳා ගැනීමට කටයුතු කළ හැකි කරුණු මිස වෙන්වීමට සාධක නොවේ.

එබැවින් විවිධ මතවාදී අරගල නිසා පක්ෂයෙන් ඈත්ව සිටින එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පරිත්‍යාගයෙන් කටයුතු කළ සියලු පළාත් සභා මන්ත්‍රීවරු සියළු පළාත් පාලන මන්ත්රීවරු, ඇතුළු පක්ෂ නියෝජිතයින්ට  යළිත් පක්ෂය සහ ජනතාව ජයග්‍රහණය කරවීමට අත්වැල් බැඳගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.

විශේෂයෙන්ම පක්ෂයේ ක්‍රියාකාරී ලෙස කටයුතු කළ, අසීරුතම අවස්ථාවේ පක්ෂයට ශක්තියක් වූ බිම් මට්ටමේ සිට පක්ෂ සංවිධාන ජාලය ගොඩනැගිය හැකි හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට පක්ෂයේ අභිමානය ගොඩනඟමින් රට ගොඩනැගීමේ වැඩසටහනට තමා සමඟ එක්වන ලෙස ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.



අදහස් (0)

රට ගොඩනැඟීමට තමා සමඟ එක්වන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site