IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘මානව නිදහස - මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී තිබෙනවා‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

සිය ධූර කාලය තුළදී ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස සහ මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ දී  පැවැසීය.

සමාජ මාධ්‍ය ඔස්සේ රටේ ජනාධිපතිවරයාට කොතරම් නින්දා අපහාස කළත් ඒ කිසිවකුටත් වධහිංසා සිදු කර නැති බවත් ඔවුන් කිසිවකුටත් දඬුවම් කර නැති බවත් ජනාධිපතිවරයා කීවේය.

“ජාතික ආරක්ෂාව සඳහා තරුණ තරුණියෝ” යන තේමාව යටතේ ‘ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ’ සිවුවැනි සමුළුවේ අවසාන සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.  

තරුණ තරුණියන් ඇතුළු රටේ සියලු දෙනා නිදහස් සමාජයක් ලෙස ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, මාධ්‍ය නිදහස උපරිමයෙන් හා හොඳින් භුක්ති විඳිය යුතු යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

                     “අද සිටින දරුවන් ඉතා වාසනාවන්තයි. අද දරුවන්ට මෙවැනි සමුළුවලට සහභාගීවීමට අවස්ථාව ලැබී තිබෙනවා. ලෝකයේ තිබෙන සමාජ දියුණුව, සමාජ තරගකාරීත්වය එයින් පෙනී යනවා. තරුණ තරුණියන් මෙවැනි සමුළුවලට සහභාගීවීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ යෞවන යෞවනියන්ට තිබෙන ඉඩකඩ හොඳින් පෙනී යනවා. තාරුණ්‍යයට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ප්‍රමුඛත්වය ලබාදෙන බව මෙයින් කියැවෙනවා.

මෙතැනට වයස අවුරුදු 14ත් 30ත් අතර වයස්වල පසුවන දරුවන් රැස්වී සිටිනවා. පාසල් දරුවන්, උසස් පෙළ හැදෑරූ දරුවන්, විශ්වවිද්‍යාලවල දරු දැරියන්, තරුණ සභාවල දරුවන්, තරුණ පාර්ලිමේන්තුවේ දරුවන් මෙතැන සිටිනවා.

ජීවිතයේ හොඳම කාලය, වාසනාවන්තම කාලය තරුණ කාලයයි. කාර්යක්ෂමතාව, කඩිසර බව, අවංක බව, කැපවීම, අධ්‍යාපනයට තිබෙන උනන්දුව, ලෝකයේ තරගකාරීත්වයට තිබෙන උනන්දුව හා කැමැත්ත, ලෝකය දකින්නට තිබෙන වුවමනාව, සටන්කාමීත්වය, විවිධත්වය යනාදී මේ සියලු ලක්ෂණ තරුණ ඔබ සියලු දෙනා අතර තිබෙනවා. මිනිසකුගේ ආයු කාලය සලකා බැලූ විට අපි තරුණ තරුණියන් ලෙස ගෙවන්නේ අවුරුදු 13ත් 14ත් අතර කාලයක්.

ඒ නිසා මේ වාසනාවන්ත වයසෙදි, තරුණ කාලයේදී මේ තරගකාරී ලෝකය ජයග්‍රහණය කරන්න ඕනේ. ඔබ විශිෂ්ටයකු වෙන්න ඕනේ. ඔබ සියලු දැනුමෙන් උගත්කමෙන් විවිධ ක්ෂේත්‍රවල නිර්මාණශීලී බවින් සාහිත්‍යයෙන්, කලාවෙන්, විද්‍යාවෙන් විශිෂ්ටයෙක් වෙන්න ඕනේ. විශිෂ්ටයන්ගේත් විශිෂ්ටයකු වෙන්න ඕනේ. ප්‍රමුඛයන්ගේ ප්‍රමුඛයකු වෙන්න ඕනේ. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ තරුණ ආදර්ශ සමුළුව නිර්මාණය වී තිබෙනවා.  

මේ රටේ ජනගහනය ලක්ෂ 220කට වැඩි වෙනවා. ඒ අතර සිටින තරුණ ප්‍රජාවගේ නායකයෝ ඔබ බව සිහිපත් කළ යුතුයි. එම නිසා ඔබ රට දිනන්න ඕනේ. ලෝකය දිනන්න ඕනේ. ඔබ ඔබේ ජීවිතය දිනන්න ඕනේ. ඒ නිසා තරගකාරීත්වය තුළ ඔබ විශිෂ්ටයකු වීමේ මාර්ගය තෝරාගන්න ඕනේ. ඒ සඳහා අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ඔබට දොරටු විවෘත කර තිබෙනවා. අධ්‍යාපනය ලැබීමේ නිදහස තිබෙනවා. රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවල අධ්‍යාපනය ලැබීමේ නිදහස තිබෙනවා. නිදහස් අධ්‍යාපනයක් රට තුළ තිබෙනවා. සමාජය තුළ පුළුල් නිදහසක් තිබෙනවා.

මගේ කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස හා මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී තිබෙනවා. ‘ඔයාලගේ වයසේ දරුවෝ කී දෙනෙක් මගේ වෙබ් අඩවිය හැක් කළා ද? දන්නවා ඇති. මතක ඇති. මම දන්නේ නැහැ, පොලිසියෙන් අල්ලලා නඩු දාන්න හදනකොට තමයි මාත් දන්නේ.

ඒ අවස්ථාවේදී ඒ දරුවන් කැඳෙව්වේ. මම ඔවුන්ට තෑගි දුන්නෙත් උසස්ම වර්ගයේ ජංගම දුරකතන. තව මට ගහන්න, නැවත නැවතත් මගේ වෙබ් අඩවිය හැක් කරන්න කියලා’. සමාජ මාධ්‍ය හරහා රටේ ජනාධිපතිට කොච්චර නින්දා අපහාස කරනවද කියලා මේ දරුවෝ දන්නවා. ඒ නිදහස දී තිබෙනවා. කවුරුවත් හිරේ දාලා නැහැ. කාටවත් ශාරීරික වධහිංසා කරලා නැහැ. කාටවත් දඬුවම් කරලා නැහැ. එහෙම කරන අයගේ ගෙවල් ගිනි තියලා නැහැ. ඒ සඳහා උපරිම නිදහස ලබා දී තිබෙනවා.

ඒ ලබා දුන් නිදහස, මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස ඔබ හොඳින් භුක්ති විඳින්න ඕනේ. නිදහස් සමාජයක් ලෙස ඔබ ඒ නිදහස භුක්ති විඳින්න ඕනේ” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  කීවේය.

(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)

 



අදහස් (0)

‘‘මානව නිදහස - මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී තිබෙනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site