IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘බොරු පොරොන්දු මල්ලක් අරන් ගෝඨාභය රට වටේ යනවා’

(නිමල කොඩිතුවක්කු)
 
ජනාධිපතිවරණය ජයගත නොහැකි බව දන්නා ගෝඨාභය රාජපක්ෂ මහතා බොරු පොරොන්දු සහ යෝජනා මල්ලක් ලබා දෙමින් රට වටේ යන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සම මාධ්‍ය ප‍්‍රකාශක සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය  අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.

වගකීම් විරහිත ප‍්‍රකාශ කරමින් ජනතාව නොමග යැවීමෙන් වළකින්නැයි  ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය  අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා මෙසේ කීය.

‘‘වැට් බද්ද සීයට අටට අඩු කරන බවත්, වැටුප මත පනවන බද්ධ අඩු කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කරලා  තිබුණා.  ඒ වගේම කෘෂිකාර්මික උපකරණ මත පනවන බද්ධ  ඉවත් කරන බවත් ඔහු සඳහන් කරලා තියෙනවා.

ගස්වල අතු බානවා, තැඹිලි බානවා, කතුරු  මුවාත් කරනවා වගේ කෑ ගගහ යන්න බැහැ  ආණ්ඩුවක් කරනවිට.  ප‍්‍රකාශයක්  කරන විට වගකීමක් සහිතව ප‍්‍රකාශ කළ යුතුයි.  බදු අඩු කරනවනම් රටට අහිමි වන ඒ බදු ආදායම උපයා ගන්නා ආකාරය පැහැදිලිව සඳහන් කළ යුතුයි.

මේ කාරණා කරන්න පුළුවන්ද කියලා මම මුදල් අමාත්‍යාංශයට ගිහින් බැලූවා. 2019 දී අපේක්ෂිත වැට් බදු ආදායම බිලියන 529ක්.  දැනට සීයට  20ක තිබෙන වැට් බද්ධ සීයට අට දක්වා අඩු කරනවා නම් අපේක්ෂිත වැට් බදු ආදායමෙන් බිලියන 317ක් සමස්ත බදු ආදායමට අහිමි වෙනවා.  මෙයට  අමතරව වැටුප  මත අය කරන බද්දෙන්  තවත් බිලියන 65ක් අඩු වෙනවා.

මේ අහිමිවන  බදු ආදායම ආවරණය  කර ගන්නා ආකාරය පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතා රටට හෙළි කළ යුතුයි. රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට වසරකට බිලියන 690ක් වැය වෙනවා.  වසරකට සමෘද්ධිය සඳහා බිලියන 50ක් වැය වෙනවා. පොහොර  සහණාධාරය සඳහා බිලියන 35ක් වැය වෙනවා. වැට් බද්ද සීයට  අට දක්වා අඩු කිරීමෙන් රජයේ සේවකයන්ගේ වැටුප් වලට යන මුදලින් භාගයක් වගේ ආසන්න ප‍්‍රමාණයක් අහිමි වෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මුදල ලබා ගන්නා ආකාරයත් තොරොම්බල් වෙළෙන්ඳන් වගේ නැතුව වගකීමෙන් රටට පැහැදිලි කළ යුතුයි. ගෝඨාභය රාජපක්ෂ මහතා වැට් බද්ධ අඩු කිරීමෙන් රාජ්‍ය සේවයේ වැටුප් අඩු කරන්න වෙයි, සමෘද්ධිය නැති කරන්න වෙයි

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක

වීඩියෝ දසුන් පහතින්

https://www.youtube.com/watch?v=RY7ipRYD1SY 



අදහස් (0)

‘බොරු පොරොන්දු මල්ලක් අරන් ගෝඨාභය රට වටේ යනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site