IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ගෝඨාභය ජනපති වූ පසු ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය ප්‍රතිසංස්කරණ කරනවා

(හර්ෂණ තුෂාර සිල්වා)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වූ පසු ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය ප්‍රතිසංස්කරණය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වන අජිත් නිවාඞ් කබ්රාල් මහතා කොළඹ දී පැවැසීය.

නව ණය ගැනීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය ප්‍රතිසංස්කරණ කරන බව නව ණය ගෙවීම සඳහා මාස 18ක පමා ණය සහන කාලයක් ලබාදෙන බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා කීය.

“මූල්‍ය තිරසර බව; ආර්ථික සංවර්ධනය” යන තේමාව යටතේ ‘වී ශ්‍රී ලංකා’ කණ්ඩායම සංවිධානය කර තිබූ සංවාදයකට එක්වෙමින් අජිත් නිවාඞ් කබ්රාල් මහතා එම කරුණු සඳහන් කළේය. කොළඹ රාමඩා හෝටලයේදී ඉකුත් දා (25) පස්වරුවේ මෙම සංවාදය පැවැත්විණි.

එහිදි අදහස් දැක්වූ හිටපු මහ බැංකු අධිපති ආචාර්ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා මෙසේ ද කීය.

      “අපි ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය ප්‍රතිසංස්කරණ කරනවා. අපි එහි වෙනස්කම් කරනවා. ඉතා හොඳ ප්‍රතිඵල පෙන්වූ එහෙත් ආර්ථිකය තුළ දැනට ඇති වී තිබෙන පහළ වැටීමේ තත්ත්වය නිසා ණය ගෙවීමට අපහසු පිරිස්වලට ආරක්ෂාවක් දෙන්න පුළුවන්. මෙය වරදවා වටහා ගන්නා එපා, අපි ණය කපා හරින්නේ නැහැ.

ණයගත් පිරිස ණය ගෙවිය යුතුයි. එහෙත් අද ආර්ථිකය වඩා වැටිලා. ණය ගත්තු පිරිස්වලට ණය ගෙවාගන්න හැකියාවක් නැහැ. මොකද ආදායමක් නැහැ.

අපි මේ ප්‍රතිසංස්කරණය හරහා මාස 18ක සහන කාලයක් ලබා දෙනවා. අපි මාස 18ක කාලයකට ණය මුදල් අත්හිටුවනවා. ඒ කාලයේදී ගෙවිය යුත්තේ පොළිය විතරයි. ඔබට ණය ගන්න අවස්ථාවකුත් ලබාදෙනවා. එවිට බැංකු අමාරුවේ වැටෙන්නෙත් නැහැ. ඔබ අමාරුවේ වැටෙන්නෙත් නැහැ. ඒ වගේම යම් මුදලක් ප්‍රාග්ධනයක් ඔබ අතේ ඉතිරි වෙනවා” යැයි ද හෙතෙම කීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, ශ්‍රී ලංකා විනිමය සහ සුරැකුම්පත් කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා සහ ඉන්සාෆ් මොහිදීන් යන මහත්වරුද මෙහිදි අදහස් දැක්වූහ. 

 



අදහස් (0)

ගෝඨාභය ජනපති වූ පසු ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය ප්‍රතිසංස්කරණ කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site