IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘සජිත් ජනපති අපේක්ෂකයා වීමත් සමඟ පක්ෂයේ පිබිදීමක් ඇතිවෙලා‘‘

(නිමල කොඩිතුවක්කු)

සජිත් ප්‍රේමදාස මහතා  ජනාධිපති අපේක්ෂක බවට පත්වීමත් සමඟ එක්සත් ජාතික පකෂය තුළ විශාල පිබිදිමක් ඇතිවී තිබෙන බවත්  එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනාම  එකට එක්ව කටයුතු කරන ඡන්ද ව්‍යාපාරය බවට මෙවර ජනාධිපතිවරණය පත්ව ඇති බවත් තිස්ස අත්තනායක මහතා කොළඹදී අද (09) පැවැසීය.

රටේ ජයග්‍රහණය වෙනුවෙන් කැමති සියලු දෙනාට සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය හා එක්වීමට ආරාධනා කරන බවත් අත්තනායක මහතා  සඳහන් කළේය.

කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේද කීවේය.

         ‘‘එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ විජයග‍්‍රාහී ගමනට අද පක්ෂ විපක්ෂ භේදයකින් තොරව විශාල පිරිසක් එක්ව සිටිනවා. මෙරට හිටපු කීර්තිමත් විදේශ අමාත්‍යවරයකු සහ හිටපු ආණ්ඩුකාරවරයෙකු වගේම මෙරට දේශපාලනයේ දිගු කලක් කටයුතු කළ රෝහිත  බෝගොල්ලාගම  මහතාත් අපේ ජයග‍්‍රහණය තහවුරු කරන්න එකතු වෙලා තියෙනවා. මේත් සමඟ  අද අපේ ගමන තවත්  ශක්තිමත් වී තිබෙනවා.

මේ වනවිට අපි ඡන්ද ව්‍යාපාරයේ බොහෝ දේවල් කරමින් සිටිනවා. දිවයිනේ  දසදෙසින් පිරිස මේ ඡන්ද ව්‍යාපාරයට එකතුවෙමින් සිටින බව මේ වනවිට අපට පෙනී යනවා.

විශේෂයෙන්ම  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් සහ ඒවායේ සිටින සංවිධායකයින් මේ ඡන්ද ව්‍යාපාරයට සහාය දෙන්න ඉදිරිපත් වෙමින්  සිටිනවා.

සජිත් පේ‍්‍රමදාස මහතා  ජනාධිපති අපේක්ෂක බවට පත්වීමත් සමඟ එක්සත් ජාතික පකෂය තුළත් අද වනවිට විශාල පිබිදිමක් ඇතිවෙලා තියෙනවා. මේ ඡන්දය එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාම  නැගිටලා කෙළින් හිටගෙන සහයෝගය දෙන ඡන්ද ව්‍යාපාරය බවට පත්වෙනවා.

මේ ජනාධිපතිවරණය පහසුවෙන්  ජයග‍්‍රහණය කරන බව අපි පැහැදිලි ලෙසම කියනවා. මේ ජයග‍්‍රහණය තහවුරු කරන්න අප සමඟ එක්වන්න කියලා පාට, පක්ෂ, භේදයකින් තොරව මේ රටේ සියලු ජනතාවට අපි ආරාධනා කර සිටිනවා’’ යැයිද ඔහු එහිදී සඳහන් කළේය.



අදහස් (0)

‘‘සජිත් ජනපති අපේක්ෂකයා වීමත් සමඟ පක්ෂයේ පිබිදීමක් ඇතිවෙලා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site