IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘පුවත්පත් කියවීමේදී - ප්‍රවෘත්ති බැලීමේදී සැලකිලිමත් වන්න‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

පුවත්පත් කියවීමේදී සහ ප්‍රවෘත්ති බැලීමේදී ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කතානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවැසීය.

කතානායක කරු ජයසූරිය මහතා ‘ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සිවුවැනි සමුළුවේ’ අවසාන සැසියේ මුඛ්‍ය දේශනය කරමින් කතානායක කරු ජයසූරිය මහතා ඒ බව කීවේය.

එහිදී සමුළුව ඇමතූ කතානායක කරු ජයසූරිය මහතා මෙසේද කීය.

            “ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ වූයේ කෙසේදැයි අපි දැනගන්න ඕනේ. ඒ ඉතිහාසය පිළිබඳ අවබෝධයක් අපට තිබෙන්න ඕනේ. ඒ අවබෝධය සහ දැනුම කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඉතාම වැදගත්. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ආණ්ඩුවක් නෙමෙයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. එසේ කර තිබෙන්නේ ස්වේච්ඡාවෙන්. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගනිමින් එහි ප්‍රඥප්තියට අත්සන් තැබුවා. අපි එම තීරණය ගත්තේ ස්වේච්ඡාවෙන් සහ ස්වාධීනව. එම ප්‍රඥප්තියට අත්සන් තැබීමෙන් සහ අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ගැනීමෙන් මූලධර්ම කිහිපයකට බැඳී සිටිනවා. ප්‍රඥප්තිය මගින් න්‍යාය, මූලධර්ම, ආදර්ශ, පරමාදර්ශ සකසා තිබෙනවා. ඒ සියල්ල ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට අපි බැඳී සිටිනවා.

ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන කතා කරද්දි අපි අපි ගැනත් කතා කරන බව සිහියේ තබාගන්න ඕනේ. එක්සත් ජාතීන්ගේ යනු අපට අරක මේක කරන්න කියන බාහිර ආයතනයක් නොවෙයි. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ප්‍රාතිහාර්ය මවන්න බැහැ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කරන්නේ මොකක්ද එයට එහි සාමාජික රටවල් සමඟ කටයුතු කරන්න ඕනේ. එහෙම වුණත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධයෙන් අපේ රටේ ඇතැම් අය අතර තිබෙන්නේ වැරැදි අදහසක්. පුවත්පත්වල මාධ්‍යවල ඒ අදහස නිරන්තරයෙන් ව්‍යාප්ත වෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අසාධාරණ ලෙස සලකන බවටත් මැදිහත් වන බවටත් වන වැරැදි මතයක් සමාජ ගත වී තිබෙනවා. එය සිදුවන්නේ එක්කෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අවබෝධයක් නැතිකම. එහෙම නැතිනම් තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරගැනීම සඳහා ජනතාව අතර බිය පැතිරවීමේ දේශපාලන අරමුණින් කරන ප්‍රකාශ

ඒ නිසා මම ඔබට අනතුරු ඇඟවීමක් කරනවා. ඔබ පුවත්පත් කියවද්දි, ප්‍රවෘත්ති බලද්දි ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔබට ඇහෙන්නේ මොනවාද කියලා කල්පනා කරන්න.

ඊට ඔබේ දැනුම භාවිත කරන්න. කියවන්න අධ්‍යයනය කරන්න පර්යේෂණ කරන්න වෙලාව ගන්න. ඒ වගේම විශ්ලේෂණය කරන්න. හේතු මොනවාදැයි බලන්න. ‘හඬපටවලින් (වොයිස් කට්)’ සහ ‘බ්‍රේකින් නිවුස් ඇලට්ස් (breaking news alerts)’ විදියට ඔබට ලැබෙන හැම දෙයක් ගැන විශ්වාස කරන්න එපා” යැයි කතානායක කරු ජයසූරිය මහතා කීවේය.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ වැඩබලන නේවාසික සම්බන්ධීකාරක ආචාර්ය රසියා පෙන්ඩ්සේ මහත්මියද අදහස් දැක්වූවාය.

‘ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සිවුවැනි සමුළුව’ කොළඹ හිල්ටන් හෝටලයේදී සෙනසුරාදා (19) සහ ඉරිදා (20) පැවැත්විණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුවේ ආරම්භක සැසිය සෙනසුරාදා පෙරවරුවේ පැවැත්විණි.

මෙවර සමුළුවට රට පුරා විසිරී සිටින තරුණ තරුණියෝ 500කට වැඩි පිරිසක් සහභාගී වූහ.

එක්සත් ජාතීන්ගේ වාර්ෂික මහ මණ්ඩලය සැසිවාරය පැවැත්වෙන ආකාරයට මෙම ‘ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සමුළුව’ පැවැත්වෙන අතර 2016 වසරේදී එහි පළමු සමුළුව පැවැත්විණි.

ලෝකය මුහුණ දෙන ප්‍රශ්න විසඳීමට තරුණ තරුණියන්ට කළ හැක්කේ මොනවාදැයි මෙම සමුළුවේදී සංවාදයට ලක් කෙරෙන අතර තරුණ තරුණියෝ එහිදී අදහස් දැක්වීම් සහ වාද විවාදවල නිරත වෙති.

මෙවර සමුළුවට තරුණ තරුණියන් පුහුණු කිරීම සඳහා පසුගිය කාලයේදී පළාත් නවය පුරා වැඩමුළු ද පැවැත්විණි.

අනාගත රාජ්‍ය තාන්ත්‍රිකයන් බිහිකිරීම සහ ගැටුම් නිරාකරණය කිරීමට තරුණ තරුණියන් පුහුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරවලට සහභාගී වූ තරුණ නියෝජිතයෝ එක්ව 2016 වසරේදී ‘ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානය’ ආරම්භ කරන ලදි. මෙම සංවිධානය ස්වේච්ඡා සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වේ.



අදහස් (0)

‘‘පුවත්පත් කියවීමේදී - ප්‍රවෘත්ති බැලීමේදී සැලකිලිමත් වන්න‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site