IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අජිත්ගෙන් අලුත් තර්කයක්

 (නිමල කොඩිතුවක්කු)

ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධව ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය ගොණුකළ නඩුව ඇමරිකානු අධිකරණය නිශ්ප‍්‍රභ කළත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වර්තමාන පුරවැසිභාවය මතභේදයට ලක්වී ඇති බව එම තීන්දුවේ සඳහන් වන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ  ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ඡන්ද නියෝජිත  සහ ඩිජිටල් යටිතල පහසුකම්  හා තොරතුරු පර්යේෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවැසීය.

රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති විය හැක්කේ   නාමයෝජනා ඉදිරිපත් කරන දිනයට  රටේ පුරවැසියකුට පමණක් බැවින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳ ප‍්‍රශ්න කිරීමට මේ රටේ  ඕනෑම පුරවැසියෙකුට  ඕනෑම වෙලාවක අවස්ථාව තිබෙන බව එම නඩු තීන්දුවෙන් යළි තහවුරු වූ බවත්  අමාත්‍යවරයා  සඳහන් කළේය.

කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද(23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් පී. පෙරේරා මහතා 

 ‘ජනාධිපතිවරණය ආසන්න වෙමින් තිබියදී හැම පක්ෂයක්ම  තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයන් එලි දක්වමින් සටිනවා.  තව දින කිහිපයකින් අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයත් එලි දැක්වීමට කටයුතු කරනවා.

ජනතාවත් මේ වෙලාවේ එක් එක්  අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති පිළිබ`ද උනන්දු වෙනවා. ඒ ඒ අපේක්ෂකයා වෙනුවෙන්  වෙන වෙන  අය කියන දේවල් නෙමෙයි ප‍්‍රතකිපත්ති ප‍්‍රකාශණයේ තියෙන දේවල් පිළිබඳ ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා මුහුනට මුහුණ  විවාදයක් සිදු කළ යුතුයි.

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ප‍්‍රතිපත්තිමය කාරනා පිළිබඳ සැඟවෙන්නේ  නැතුව මුහුණට මුහුණ විවාදයට එන්න කියලා  සජිත් පේ‍්‍රමදාස මහතා සිය ට්ටිටර්  ගිණුමෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට නිළ ආරාධනාවක් කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසියෙක් නිසා බිරි`ද, දරුවන් ඇමරිකානු පුරවැසියන් නිසා ඇමරිකානු පන්නයේ  විවාදය භාරගනීවි කියලා මම විශ්වාස කරනවා.

බොරු හේතු  කියළා මග අරින්නේ නැතුව   ඊළඟ දින කිහිපය ඇතුලත දෙපාර්ශවයේම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයත් එක්ක සියලූම මාධ්‍ය හමුවේ මෙම විවාදයට එන්න කියලා සජිත් ප්‍රේමදාස මහතාගේ  ඡන්ද නියෝජිතයා විදියට මම එතුමන් වෙනුවෙන් ගෝඨාභය  රාජපක්ෂ මහතාට අභියෝග කරනවා.

මෙයට පෙර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මෙහෙයවපු විවාදයත් ගෝඨාභය රාජපක්ෂ මහතා මග ඇරියා. ඒ වෙලාවේ නාම යෝජනා භාරදී අවසන් නැති නිසා ඒ අවස්ථාව භාරගත්තේ නැහැ කියලා ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවා. දැන් නාමයෝජනා භාරදීලා අවසන් එහෙමනම් දැන් විවාද කරන්න පුලූවන් කම තියෙනවා. රට වෙනුවෙන් මේ විවාදය කරමු කියලා අපි පොහොට්ටුවට ආරාධනා කරනවා.
ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සිද්ධ වුණේ  මහින්ද රාජපක්ෂ ජනාධිපතිදුරය දරන කාළයේදී සහ  ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධූරය දරන කාලයේදීයි. ලසන්ත  වික‍්‍රමතුංග මහතා සියදිනවි නසා ගත්තේ නැහැ. ඔහු අසනීප වෙලා මැරුනේ නැහැ ඔහු ඝාතනය කළා.

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළේ  එවක පැවති රජය හා සම්බන්ධ  සන්නද්ධ කල්ලියකින් බව මේ රටේ සියලූ දෙනා දන්නවා. ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන්  රජයේ ආරක්ෂක අංශ හා පුද්ගලයන් මේ වනවිට අත්අඩංග-ුවට ගෙන තිබෙනවා.

ලසන්ත ඝාතනය කිරිමට නියෝගය ලබා දුන්නේ කවුද කියන කාරණය පිළිබද අධිචෝදනා ගොනුකිරීමක්  තවමත් සිදුවි නොමැති නිසාත් පොලිසියේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ දැඩි ප‍්‍රමාදයක් තියෙන නිසාත් ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය ඇමරිකානු අධිකරණයක නඩු පවරලා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් වන්දි ඉල්ලා සිටියා.

මෙම සිද්ධිය සිදුවූ කාළයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂාව භාර ප‍්‍රධාන නිලධාරියා බැවින් ශ්‍රී ලංකාවේ අධිකරණයක  මිස ඇමරිකානු අධිකරණයක මේ නඩුව අසන්න බලයක් නැහැ කියන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතීඥවරුන් ඉදිරිපත් කළ ඒ තර්කය ඇමරිකානු අධිකරණය පිළිගත්තා. 

ඒකේ තේරුම ලංකාවේ අධිකරණයක නඩුව ගෙනියන්න පුලූවන් කියන කාරණාවයි. මේ නඩුව නිශ්ප‍්‍රභ වුනා කියලා පේන්නේ නැහැ.

මේ ඝාතනය කරපු  කණ්ඩායම ඝාතන සිදුකරමින් වවිවිධ අවශ්‍යතා ඉෂ්ඨ කරපු කණ්ඩායමක්.  ඒ අය තමයි ලසන්තව මැරුවේ. උපාලි තෙන්නකෝන්, කීත් නොයාර්ව පැහැරගෙන ගිහින් ඝාතනයට තැත් කළේ.  ඒ ඉතිහාසය අපිට  අමතක වෙන්නේ නැහැ. නමුත් ඇමරිකාවේ දිසා අධිකරණයට ඒක අදාල නැහැ.

මේ නඩු තීන්දුවේ එක තැනක තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වර්ථමාන පුරවැසිභාවය මතභේදයට ලක්වී ඇත. ඒ වගේම අභියාචනාධිකරණය  දීපු තින්දුවේ ස`දහන් වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ   ක‍්‍රියාවලිය ගැන පොලීසිය විසින් කරනු ලබන පරීක්ෂණ වලට  අභියාචනාදිකරණ තීන්දුව බාධාවක් නොවේ කියළා සදහන් කරලා තියෙනවා. 

අපේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාව රටේ ජනාධිපති වෙන්න පුලූවන්  නාමයෝජනා ඉදිරිපත් කරන දවසට  මේ රටේ පුරවැසියකුට පමණයි.  කවුරු හරි අපේක්ෂකයෙක් ඉන්නවනම් ලංකාවේ පුරවැසියෙක් නොවුන ඒ ගැන  මේ රටේ  ඕනෑම පුරවැසියෙකුට  ඕනෑම වෙලාවක ගැලපෙන අධිකරණයක්  ඉදිරිපිට මතුකරන්න පුලූවන් කම තිබෙනවා  ‘ යැයිද ඔහු එහිදී පැවැසීය.



අදහස් (0)

අජිත්ගෙන් අලුත් තර්කයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site