IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘බංකොලොත් දේශපාලනඥයින් රට පාලනයට ඉදිරිපත් වෙන්න එපා ‘

(රංජිත් රාජපක්ෂ)                                                                           
 
සිද්ධස්ථාන වලට අගෞරව කරන බංකොලොත් දේශපාඥයන්ට රට පාලනය කිරිමට ඉදිරිපත් නොවන ලෙස පැල්මඩුල්ල රජ මහවිහාරයේ විහාරාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති සහ ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසූහ.
 
 2019-2020 වසර සදහා  ශ්‍රිපාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් අද (18) නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යයාලයේදි රාජ්‍යය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා පැවති සාකච්ඡාවේදි අනුශාසනාවක්  කරමින්  උන්වහන්සේ  මෙසේ සඳහන් කළහ.
 
 නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රොහණ පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අඹගමුව ප්‍රාදේශිය ලේකම් ආර්.ටි.එස් සුමනසේකර , හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය ඇතුළු රාජ්‍යය සහ පෞද්ගලික අංශයේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.
 
 මෙම සාකච්ඡාවේදි වැඩි දුරටත් අදහස් දැක් වු ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් පැවසූයේ ශ්‍රි පාදස්ථානය ඉලක්ක කර ගනිමින් බංකොලොත් දේශපාලඥයින් කිහිපදෙනෙකු පසුගිය දිනක විද්‍යුත් මාධ්‍යයක් හරහා අගෞරව වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර ඇති බවයි.
 
 
මෙවර ශ්‍රි පාද වන්දනා වාරයේදි නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා දුම්වැටි අලෙවි කිරිම නතර කිරිමට නල්ලතන්නියේ වෙලද සංගමය එකගතාවයකට පැමිණි අතර ශ්‍රි පාද පරිසරයේ ප්ලාස්ටික් වතුර බොතල් බැහැර කිරිම අවම කිරිම සදහා වතුර බෝතල් ලිටරයකින් ඉහළ  වතුර බෝතල් පමණක් අලෙවි කිරිමට එකඟතාවයක් ඇති කෙරිණි.

ශ්‍රි පාද වන්දනා සමයේ මත්පැන් සහ මත්ද්‍රව්‍යය භාවිතය තහනම් කළ අතර පොලිතින් භාවිතය අවම කිරිම සදහා මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින් වන්දනකරුවන්ට නොමිලේ ගමන් මල්ලක් ලබා දිමටත් එම ගමන් මල්ල ශ්‍රි පාද කරුණා කිරිමෙන් අනතුරුව යළිත් ලබා ගැනිමේ ක්‍රමවේදයක් අනුගමනය කිරිමටද එකගතාවයක් ඇති විය.
 
2019-2020 ශ්‍රි පාද වන්දනා සමය උදුවප් පොහෝ දින 12 මස 11 දින ආරම්භ වන බවත්, පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහ විහාරයේ අවාරයේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව සමන්දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ පැල්මඩුල්ලේ සිට ශ්‍රි පාද මළුව දක්වා 12 මස 10 දින රාජ්‍යය අනුග්‍රහය ඇතිව හැටන් මාර්ගය ඔස්සේත් , රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සෙත් , බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සේත් පෙරහැරවල් තුනක් ඔස්සේ වඩමවන බව ශ්‍රි පාදස්ථනාධිපති හිමියෝ එහිදී පැවසූහ.
 

 



අදහස් (0)

‘බංකොලොත් දේශපාලනඥයින් රට පාලනයට ඉදිරිපත් වෙන්න එපා ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site