‘එජාපය අසත්‍ය ප්‍රචාර පතුරවන්න අරන්’ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ඉදිරි දින පහ - හය තුළ අහේතුකව අසත්‍ය ප්‍රචාර පතුරවා ඒවා මාධ්‍ය හරහා මුදාහැරීමට පියවර ගෙන ඇතැයි දැන ගන්නට ලැබී ඇති බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(08) කීය. 08 November 2019
සිල්ලර පොරොන්දු අපේ කාන්තාවන්ට මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ සේවා සුරක්ෂිතතාවය ඇතිකරන බවට පොරොන්දු වන සජිත් පේ‍්‍රමදාස මහතාට කිව යුතුව ඇත්තේ සිදුවිය යුත්තේ තව තවත් අපේ කාන්තාවන්ට වහල් සේවයට යන්නට පාර කැපීම නොව මැදපෙරදිග නොගොස් මේ රටේ ජීවත් වෙන්නට ආර්ථික ශක්තිය සකසා දීමට කටයුතු කිරීම යැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සම්මේලනයේ ලේකම් සුභානි අල්මේදා මහත්මිය පැවැසුවාය. 07 November 2019
‘යුද්ධයෙන් පසු ලොව හොඳම පුනරුත්තාපනය සිදුකළේ රාජපක්ෂ රජයයි’ යුද්දෙන් පසුව ලෝකයේ හොඳම පුනරුත්තාපන වැඩසටහන රාජපක්ෂ රජය යටතේ කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා යපනයේදී අද (28) පැවැසීය. 28 October 2019
‘‘රටේ නීතිය - සාමය මෙහෙයවන්න සරත් ෆොන්සේකාට බාරදෙනවා‘‘ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රටේ නීතිය හා සාමය,ත්‍රිවිධ හමුදාව මෙහෙයවීමට සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන්න කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් පේමදාස මහතා පැවසීය. 22 October 2019
‘‘සහරාන් හා නොමැති සම්බන්ධකම් මතු කිරීමට පිරිසක් උත්සහ කරනවා‘‘ පාස්කු ප්‍රහාරයට අදාළව පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සහරාන් හා නොමැති සම්බන්ධකම් මතු කර පෙන්වමින් තම දේශපාලන දිවිය විනාශ කිරීමට පිරිසක් උත්සහ කරන බවත් මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන බවත් රවුෆ් හකීම් මහතා මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හමුවී අද (22) පැවසීය. 22 October 2019
‘‘පරාජය දැක වියරු වැටී සිටින පිරිස් බොරු ප්‍රචාර යවමින් ජනතාව බිය ගන්වනවා‘‘ පරාජය දැක ඉන් වියරු වැටී සිටින පිරිස් බොරු ප්‍රචාර යවමින් ජනතාව බිය වද්දමින් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (22) පස්වරුවේ පැවැසීය. 22 October 2019
ඉදිකිරීම් කර්මාන්ත නියෝජිතවරු - හඳුන්නෙත්ති අතර හමුවක් ශී‍්‍ර ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ නියෝජිතවරු පිරිසක් අද (22) ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා හමුවී ඉදිකිරීම් ක්ෂේත්රයේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. 22 October 2019
ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය එළිදකී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනයට ඇතුළත් ආර්ථික ප්‍රතිපත්තිය ජනාධිපතිධූර අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදි අද (21) එළිදැක්වීය. 21 October 2019
සජිත්ගේ රැස්වීමක් හැටන් බස් නැවතුම්පොලේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ රැස්වීමක් අද (20) හැටන් බස් නැවතුම්පොළේදී පැවැත්විණ. 20 October 2019
‘‘ප්රජාතන්ත්රවාදය කෙලසමින් රජ වීමට උත්සහ කරනවානම් රටට අත්වෙන සෙතක් නෑ‘‘ යම් පුද්ගලයෙක් ප්රජාතන්ත්රවාදය කෙලසමින් මානව හිමිකම් කුඩු පට්ටම් කරමින් මමත්වය රජ කරවීමට උත්සහ කරනවා නම් රටට අත්වන සෙතක් නැතැයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පැවසීය. 20 October 2019
යහපාලනය කියමින් එජාපය මේ රට විනාශ කළා ‘‘යහපාලනය කියමින් අවුරුදු 4කට වැඩි කාලයක් මේ රට කුණු කළ එක්සත් ජාතික පක්ෂය දැන් එක්සත් පෙරමුණ කියමින් සංධානයක් හදා ගෙන ජනාධිපතිවරණයට ඉල්ලනවා. මේ අය අද නැවත බලය ඉල්ලුවට පසුගිය කාලයේ නගරවල එකතුවන කුණු ටිකවත් ඉවත් කරන්න බැරි වුණා...‘‘ යැයි එස්. සදාසිවම් මහතා පවසයි. 19 October 2019
පොදුජන පෙරමුණේ සැලුන් දොරත් ඇරලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඕනෑම දේශපාලඥයෙකුට ඇතුලුවන්නත් පුලුවන්, පිටවෙන්නත් පුලුවන් අයුරින් සැලුන් දොරක් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පැවසීය. 19 October 2019
‘ශ්රීලනිපය නැතිකළ රාජපක්ෂවරුන්ට පාඩමක් කියා දෙන්න සජිත්ට සහය දෙනවා’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ රාජපක්ෂවරුන්ට පාඩමක් ඉගැන්විම සඳහා පක්ෂයේ ආසන සංවිධායකවරු, මන්ත්‍රීවරු, පාක්ෂිකයන් විශාල වශයෙන් සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පළකරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි ද සොයිසා මහතා පැවැසීය. 15 October 2019
ගෝඨාභය යුද්ධයට බයේ ඇමෙරිකාවට පළා ගිය බව රවීන්ද්‍ර කියයි ජාතික ආරක්ෂාව වෙනුවෙන් බලය ඉල්ලා සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධය පැවති සමයේ මඩකළපුව ආඥාපති ලෙස කටයුතු කරමින් සිටියදී යුද්ධයට බියෙන් ඇමරිකාවට පලා ගිය බව කම්කරු අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා පැවැසීය. 09 October 2019
‘‘භීෂණකාරී යුගයකට රට ගෙන යෑමට එජාපය උත්සහයක‘‘ ප්‍රේමදාස යුගයක් ගැන කතා කරමින් නැවත භීෂණකාරී යුගයකට රට ගෙන යෑමට එක්සත් ජාතික පක්ෂය උත්සහ ගන්නා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (08) ඇල්පිටියේදී පැවසීය. 08 October 2019
‘‘ජනපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති කොල කෑල්ලකට සීමා කරන්නේ නෑ‘‘ සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි තම ප්‍රතිපත්ති ප්රකාශනය සකස් කරන බව එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 08 October 2019
‘බංකොලොත් දේශපාලකයින්-කණ්ඩායම් අපට පහර ගහනවා‘ අද වනවිට විපක්ෂයේ බංකොලොත් දේශපාලකයින් හා වෙනත් කණ්ඩායම් වරදින වචනයක් දෙකක් අල්ලගෙන පහරපිට පහර එල්ලකරන මට්ටමකට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 06 October 2019
සජිත්ගේ පොරොන්දුව මායාකාරීයි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ පොරොන්දු කිසිදා ඉටුකළ නොහැකි මායාකාරී ප්‍රකාශ පමණක් යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (3) පැවසීය. 03 October 2019
‘ ජනාධිපතිවරණයේදී වැඩ කරන හැටි 5 වැනිදා කියනවා ‘ ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීන්දුව ලබන 5 වැනිදා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේ දී ගන්නා බවත්, එහිදී රට වෙනුවෙන් ගත හැකි නිවැරදිම තීන්දුව ගැනීමට සූදානම් බවත් එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 01 October 2019
‘ කිසිම කෙනෙක්ට ගෝඨාභයට ජම්පර් අන්දවන්න බැහැ‘ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආණ්ඩුවක් යටතේ ගෝඨාභය රාජපක්ෂට ජම්පර් අන්දන බව කියනවා. මීට කලිනුත් ජම්පර් අන්දන්න හුඟාක් අය සූදානමින් හිටියා. අන්තිමට ඒ අයටම ජම්පර් අදින්න සිදුවූණා යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (26) පැවැසීය. 27 September 2019
‘‘එජාපයේ එක් කොටසක් සජිත්ගේ ජයග්‍රහණය වළක්වන්න වැඩකරනවා‘‘ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට යන්නේ අතපය හතර බැඳ වතුරකට දැමූ ක්‍රමවේදයක් ලෙස බවත් අනිවාර්යෙන්ම එජාපයේ එක් කොටසක් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වළක්වාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය. 26 September 2019
බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අධිපතිවාදී දේශපාලනඥයන්ට පාඩමක් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට බ්‍රිතාන්‍ය අගමැතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික තීන්දුව ප්රජාතන්ත්රවාදය නොතකන ලොවපුරා සිටින අධිපතිවාදී දේශපාලනඥයන්ට යස පාඩමක් යැයි හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ලංකාදීපයට අද (24) පැවැසීය. 24 September 2019
‘මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කිරීම සජිත් දකුණෙන් ආරම්භ කරලා ’ මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කිරීමේ කටයුත්ත සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දකුණෙන් ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 23 September 2019
‘එජාපෙ කවුරු ආවත් වැඩි ඡන්ද ප්‍රතිශතයක් අගන්නවා‘ එක්සත් ජාතික පෙරමුණින් කවුරු තරඟ කළද 60% ඉක්මවූ ඡන්ද ප්‍රතිශයක් දිනාගනිමින් ජය ලබන බව ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා රත්නපුර ප්‍රදේශයේදී පැවසුවේය. 22 September 2019
ගෝඨාගේ ආර්ථික ප්‍රතිපත්තිය යල්පැන ගිය එකක් ආර්ථිකය ගොඩනැංවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කරන්නේ දශක අටකට වඩා පැරණි හණමිටි ප්‍රතිපත්තියක් යැයි මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා අද (22) පැවැසීය. 22 September 2019
විධායක ජනපතික්‍රමය අහෝසිකරන්න අගමැති කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒම හෙළාදකිනවා අගමැතිවරයා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විධායක ජනාධිපතික්රමය අහෝසි කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (20) පැවැසීය. 20 September 2019
ටීඑන්ඒ පක්ෂය වැඩ කරන්නේ අගමැතිගේ පදයට බව වරදරාජා කියයි දෙමළ ජාතික සන්ධානයේ සැබෑ නායකයා ආර්.සම්බන්ධන් නොව රනිල් වික්‍රමසිංහ බවත්, සන්ධානය වැඩකරන්නේ අගමැතිවරයාගේ පදයට බවත් උතුරු නැගෙනහිර පළාත් අමාත්‍ය, දෙමළ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක වරදරාජා පෙරුමාල් මහතා සඳහන් කළේය. 19 September 2019
‘රාජපක්ෂවරු අද රණවිරුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළනවා‘ වීරෝධාර රණවිරුවන් කුණු කානු සුද්ද කිරීමට, මන්දිරවල වැඩට යෙදවූ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන් අද රණවිරුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා පැවැසීය. 17 September 2019
එජාපයට කෙනෙහිලිකම් සිදු වූයේ ජනාධිපතිවරයා නිසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂක ලෙස යළිත් වරක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වුවහොත් සිරිසේන මහතා පරාජය කිරීම සඳහා කටයුතු කරන බව පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද (13) පැවැසීය. 13 September 2019
‘‘හාමුදුරුවෝ මට්ටු කරන්නට ගිහියන්ට බාර දෙනවා නම් රටට ආණ්ඩුවක් අවශ්‍ය නෑ‘‘ හාමුදුරුවෝ මට්ටු කරන්නට ගිහියන්ට බාර දෙනවා නම් රටට ආණ්ඩුවක් නොතිබිය යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (13) වීරකැටිය කොන්දගල පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවසුවේය. 13 September 2019
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026