‘කරුණා අම්මාන්ට නීතීය ක්‍රියාත්මක නොවීම ගැන රාජපක්ෂ කඳවුර හෙළි කළ යුතුයි‘ රාජිතට, චම්පිකට, ෆොන්සේකාට ක්‍රියාත්මක වූ නීතිය රණවිරුවන් තුන් දහසක් ඝාතනය කළ බව කියන කරුණා අම්මාන්ට ක්‍රියාත්මක නොවීම ගැන රණවිරුවන් වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලන රාජපක්ෂ කඳවුර වහාම රටට හෙළි කළ යුතුව ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය. 24 June 2020
‘රටේ ජනතාවගෙන් සීයට 30 ක් හාමතේ ‘ ‘ රටේ ජනතාවගෙන් 30% හාමතේ.එය ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක්.ආණ්ඩුව හිතන්නේ රටේ ජාතික ආරක්ෂාව කියලා කියන්නේ මිලිටරි ආරක්ෂාව පමණක් කියලා යයි සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24 ) කරන්දෙණියේදී පැවසීය. 24 June 2020
’අසාධාරණ ජල සහ විදුලි බිල්පත් අගෝස්තු පහ පිහිටුවන නව රජයක් තුළින් නිවැරදි කරනවා’ කොරෝනා වයිරසයෙන් පසුව ඇඳිරි නීතිය පනවා තිබූ කාල සීමාවේදී ජල සහ විදුලි පාරිභෝගිකයන්ට ලබා දී ඇති අසාධාරණ බිල්පත් අගෝස්තු පස්වන දා පිහිටුවන නව රජය යටතේ නිවැරදි කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා කොළඹදී පැවසීය. 18 June 2020
දේශපාලන ඉතිහාසයේ වේගයෙන් සෝදා පාළුවට ලක්වූ පක්ෂය ලෙස සමගි ජන බලවේගය පත් වෙනවා මැතිවරණයට දින නියම කළ දා සිටම සමගි ජන බලවේගයේ අපේක්ෂකියන් ඉන් ඉවත් වීම තුලින් එය ලෝක ඉතිහාසයේ ඉතාම වේගයෙන් සෝදා පාඵවට ලක්වූ දේශපාලන පක්ෂය ලෙස සමගි ගිනස් වාර්තාවක් තබන බවට සාධකයක් බව හිටපු අමාත්‍ය හා රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. 18 June 2020
සිරිකොතේ දොර වසාගෙන නව තනතුරුවලට පත්කරලා ලංකා ජාතික වතු කම්කරු සංගමයේ නව තනතුරු සිරිකොතේ දොර වසාගෙන පත් කර ඇතැයි එම සංගමයේ හිටපු මහ ලේකම් බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසීය. 17 June 2020
’ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අලියා සුදානම්’ ඉදිරි මහ මැතිවරණයට සහ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට අලියා සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා කොළඹ දී අද (11) පැවසීය. 11 June 2020
මැතිවරණයට සමගි ජන බලවේගයෙන් රැස්වීම් 1000ක් සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණය සඳහා කලාප මට්ටමෙන් මැතිවරණ රැස්වීම් දහසක් සහ ඡන්ද මධ්‍යස්ථාන මට්ටමෙන් කුඩා රැස්වීම් 12,700ක් සංවිධානය කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද(10) පැවසීය. 10 June 2020
’කොරෝනා වසංගතයෙන් දියුණු රටවල් වැටෙද්දී අපි නැගිට්ටේ සෞඛ්‍ය අංශයේ සහයෝගයෙන්’ කොරෝනා වසංගතයේදී ලෝකයේ දියුණුයි කියන රටවල් වැටෙද්දී අපේ කුඩා රට ඉහළට ඔසවන්න පුළුවන් වුණේ සෞඛ්‍ය සේවයේ සියලු දෙනාගේ සහයෝගය නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 06 June 2020
’වෙරළ තීරය රකිනවා කියලා ජනතාව රවටන්න ඉඩ දෙන්න බැහැ’ වෙරළ තීරය රකිනවා කියලා ජනතාව රවටන්න ඉඩ දෙන්න බැහැ යැයි ගල්කිස්ස වෙරළ ආරක්ෂණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකරන ලෙස තමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 02 June 2020
‘ව්‍යවස්ථාවකට වැඩකරන්න බැරි පක්ෂවලට ඡන්දය දෙන්න එපා’ විනයක්, හැදියාවක් නැති, ව්‍යවස්ථාවක් අනුව වැඩ කළ නොහැකි ඇගේ හයියට කටේ හයියට වැඩ කරන දේශපාලන පක්ෂවලට ඡන්දය පාවිච්චි නොකළ යුතු බව සමස්ථ එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය. 11 March 2020
ජාතික සමගි පෙරමුණේ සමගියක් නැහැ ජාතික සමගි පෙරමුණේ රටට පෙන්වන තරම් සමගියක් එම පෙරමුණ තුළ නොමැති බවත්, ජනතා විමුක්ති පෙරමුණ තුළ ජනතාව නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ හිටපු පා.ම සි.බි.රත්නායක මහතා පැවසීය. 07 March 2020
‘මහ මැතිවරණයේ අති විශිෂ්ඨ ජයක් ලැබීම අසීරු නැහැ‘ අසීරු අවස්ථාවල මැතිවරණ ජයග්‍රහණය කළ තම පක්ෂයට මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ඨ ජයක් ලබාගැනීම අසීරු කාරණයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය. 05 March 2020
පසුගිය රජයේ ජනපති-අගමැති කඹ ඇදිල්ලෙන් රටට වැඩක් වූයේ නැහැ පසුගිය රජය කාලයේ රටතුල කිසිම වැඩක් සිදු නොවුණේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර තිබූ කඹ ඇදිල්ල නිසා යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (01) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය. 01 March 2020
‘මහමැතිවරණයට පෙර ආණ්ඩුව ගැන තීරණයක් ගන්නවා’ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරක්ෂිත රටේ පහුගිය මාස දෙක ඇතුළත ස්ත්‍රී දූෂණ ළමා අපචාර සිද්ධීන් 142ක් සිදුව ඇති බවත් සුරක්ෂිත රටක් වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙනා ලක්ෂ 69න් දැන් සැපද කියා විමසා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිනී කවිරත්න මහත්මිය පැවසුවාය. 28 February 2020
‘‘බෙදුම්වාදීන් මුදල් යොදවා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් - දේශපාලඥයින් මිලදී ගන්නවා‘‘ දෙමළ බෙදුම්වාදීන් යුද සමයේ ආයෝජනය කළ ව්‍යාපාරවලින් තවමත් ලාභ ලැබෙනවා. ඒවා යොදවා ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ දේශපාලඥයින් මිලදී ගන්නවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් ඇතැම් රටවල් හැසිරෙන්නේ ඒ බලපෑම් අනුව යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (25) පැවසීය. 25 February 2020
“වියත්කම මහජන නියෝජනයට එක් හේතුවක් පමණයි” පාර්ලිමේන්තුවට පිවිසිය යුත්තේ ජනතාවගේ සිතුම් පැතුම් හඳුනන ජනතාව සමඟ සිටින දේශපාලන නායකයන් යැයි ද, විද්වත්භාවය එක් සුදුසුකමක් පමණකැයි ද , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක හා හිටපු ඇමැති සිරිපාල ගම්ලත් මහතා ‘ලංකාදීප’ යට අද(25) පැවැසීය. 25 February 2020
‘ බැරිකම් වහගන්න ආණ්ඩුවෙම අය දෙකට බෙදිලා‘ ආණ්ඩුවේ බැරිකම් වහගන්න, ආණ්ඩුවේම අය දෙකට බෙදිලා දෙපැත්තට චෝදනා කරගනිමින් නැවතත් ජනතාව නොමග යවන්න හදනවා. මේ අය බලයට ආවෙම වැඩපිළිවෙලක් ඇතිව නොව ජනතාව බිය වද්දලා. ඒකයි ඇත්ත යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (18) පැවසීය. 18 February 2020
‘ශ්රීලනිපය අද පොහොට්ටුවේ නැට්ටේ එල්ලිලා‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම බලය උරගා බැලිම සදහා තනිවම තරග නොකර පොහොට්ටුවේ නැට්ටේ එල්ලී තරඟ කිරිමට තරම් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිස අද අසරණ වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි. 16 February 2020
වියතෙක්, උගතෙක්, කලා කරුවෙක් වූ පමණින් පාර්ලිමේන්තුවට එන්න බැහැ වියතෙක්, උගතෙක්, කලාකරුවෙක් වීම පමණක්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීමට සුදුසුකමක් වන්නේ නැහැ. ඒ සඳහා දේශපාලනය පිළිබඳ දැනීම හා අත්දැකීමද වැදගත් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (11) පැවසීය. 11 February 2020
මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරනවා ජනාධිපතිවරණයේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණ පරාජය වූ නුවරඑළිය දිස්ත්‍රික්කය එළඹෙන මහ මැතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා රැගෙන ගොස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 2/3 බහුතර බලයක් ලබාදීමට දායක වන බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය. 01 February 2020
’කොරෝනා ව්‍යාප්තවීම වළක්වන්න රජය මීට වඩා ක්‍රියාත්මක විය යුතුයි’ “මේ දිනවල වැඩිපුර කතාවෙන කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතුයි. ලැබී තිබෙන තොරතුරු අනුව ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ගැන අපට සතුටුවිය නොහැකි” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 29 January 2020
‘විපක්ෂයේ භූමිකාව එජාපයෙන් ඉටුවෙන්නේ නෑ’ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ විපක්ෂය වෙන වෙන න්‍යාය පත්‍ර පස්සේ දුවනවා මිස විපක්ෂයක් ලෙස රටට ජනතාවට සේවය කරන බවක් පෙනෙන්නට නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා පැවසීය. 27 January 2020
‘රනිල් එජාපය බදාගෙන සිටියාත් පක්ෂය අභාවයට යාවි’ එක්සත් ජාතික පක්ෂයේ එකමුතු භාවය සඳහා යැයි කියමින් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය බදාගෙන සිටියොත් එයම පක්ෂයේ අභාවය වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද(17) ප්‍රකාශ කළේය. 17 January 2020
සජිත්ගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් ගොඩනගනවා සජිත් පේ‍්‍රමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබුනහොත් ඉදිරි මහමැතිවරණය සදහා ඔහුගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් ගොඩ නගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මදුද්මබන්ඩාර මහතා ලංකාදීපයට අද(5) පැවැසීය. 05 January 2020
‘රනිල් නායකත්වයෙන් ඉවත් නොවුනොත් ස්වාධිනව කටයුතු කරනවා‘ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් සහ විපක්ෂනායක ධුරයෙන් ඉවත් නොවුනහොත් තමන් ඇතුලු පිරිසක් විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ලංකාදීපයට පැවැසීය. 24 November 2019
‘‘2015 දී අපට ලැබුණේ රාජ්‍ය බලයෙන් අරුක්කාලයි‘‘ 2015 ජනවාරි අට වැනිදා අපට ලැබුණේ රාජ්‍ය බලයෙන් අරුක්කාලක් පමණක් බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීය. 12 November 2019
‘‘උසස් පෙළ සමත්වන සියලු සිසුන්ට සරසවි වරම් ලබාදෙනවා‘‘ විශ්ව විද්‍යාල පද්ධතියේ ධාරිතාව වැඩි කර සහ අලුත් විශ්ව විද්‍යාල ආරම්භ කර උසස් පෙළ සමත් වන සියලු සිසුන්ට සරසවි වරම් තම රජය යටතේ ලබා දෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කීය. 11 November 2019
“එජාපයට ඉතිරිව ඇත්තේ ‘කැපුවත් කොළ’ කියන සුළු පිරිසක් විතරයි” ජනාධිපතිවරණය ළංවෙමින් තිබියදී එක්සත් ජාතික පක්ෂයට ඉතිරිව ඇත්තේ ‘කැපුවත් කොළ’ කියන සුළු පිරිසක් පමණක් බවත්, ඒ පිරිස ඉදිරි දිනවලදී තමන් සමඟ එක් වනු ඇති බවත් මහනුවර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා අද(10) පැවැසීය. 10 November 2019
‘‘සංචාරක ක්ෂේත්රය නව මාවතකට රැගෙන යනවා‘‘ අලුත් රටවල් වලින් මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන බවත් ඒ සඳහා ඩොලර් මිලියන 10 ක ආර්ථික සංවර්ධන ඉලක්ක ගත කරගෙන තිබෙන බවත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 08 November 2019
‘එජාපය අසත්‍ය ප්‍රචාර පතුරවන්න අරන්’ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ඉදිරි දින පහ - හය තුළ අහේතුකව අසත්‍ය ප්‍රචාර පතුරවා ඒවා මාධ්‍ය හරහා මුදාහැරීමට පියවර ගෙන ඇතැයි දැන ගන්නට ලැබී ඇති බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(08) කීය. 08 November 2019
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025