IMG-LOGO

මැතිවරණයට සමගි ජන බලවේගයෙන් රැස්වීම් 1000ක්

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණය සඳහා කලාප මට්ටමෙන් මැතිවරණ රැස්වීම් දහසක් සහ ඡන්ද මධ්‍යස්ථාන මට්ටමෙන් කුඩා රැස්වීම් 12,700ක් සංවිධානය කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද(10) පැවසීය.

මෙයට අමතරව ඉදිරි සති දෙක තුළ ආසන බල මණ්ඩල සියල්ල කැඳවා මැතිවරණ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව ද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති සමගි ජන බලවේගයේ අපේක්ෂක හමුවකින් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

ඉදිරි දින කිහිපය තුළ දී මැතිවරණ ව්‍යාපාරය ජයග්‍රහණය කරා මෙහෙයවා සජිත් පේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව ආණ්ඩුවක් බිහි කරන බව ද රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසී ය.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ඉමිතියාස් බාකීර් මාකර් මහතා ද එක් ව සිටියහ.
 



අදහස් (0)

මැතිවරණයට සමගි ජන බලවේගයෙන් රැස්වීම් 1000ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 14 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 597 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site