IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘රටේ ජනතාවගෙන් සීයට 30 ක් හාමතේ ‘

(එම් .සුසිල් ප්‍රියන්ත, චන්ද්‍රසිරි ගුණසේකර ඩි.ජේ. විජේසිංහ )
 
‘රටේ ජනතාවගෙන් 30%  හාමතේ.එය ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක්.ආණ්ඩුව හිතන්නේ රටේ ජාතික ආරක්ෂාව කියලා කියන්නේ මිලිටරි ආරක්ෂාව පමණක් කියලා යයි සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24 ) කරන්දෙණියේදී පැවසීය.
 
ඒ මහතා එසේ කීවේ කරන්දෙනිය සමගි ජන බලවේගය බල මණ්ඩල රැස්වීම අමතා කරන්දෙණිය පෞද්ගලික හෝටලයක පැවති රැස්වීමකදීය.
 කරන්දෙනිය සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි ජයන්ත ජයවීර මහතා විසින් මේ රැස්වීම සංවිධානය කර තිබිණ.
 
    එහිදි තව දුරටත් කතා කල සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.
 
යුනිසෙෆ්  ආයතනය වාර්තාවක් ඉදිරිපත් කරලා තිබුණා අපේ රටේ 30% හරියට ආහාරපාන ගන්නේ නැහැ කියලා. මේක මම නෙමේ කියන්නේ .යුනිසෙෆ් ආයතනයයි මේ වාර්තාව ලබලාදීලා තියෙන්නේ.
 
රටේ 30%  ආහාරපාන ලැබෙන්නේ නැත්නම් රටේ නිෂ්පාදන ධාරිතාවට මොකද වෙන්නේ. රටේ නිෂ්පාදන ධාරිතාව කඩාගෙන වැටෙනවා.  ආහාර හිගයක් ඇතිවුණාම ජනතාවගේ සෞඛ්‍ය තත්වයට මොකද වෙන්නේ. සෞඛ්‍ය තත්වය ජනතාවගේ කඩා වැටෙනවා. එය කෙලින්ම ජාතික ආරක්ෂාවට බලපානවා.
 
අපේ රටේ 30%  ආහාර නිසි පරිදි ලැබෙන්නේ නැහැ කියලා ඊයේයි යුනිසෙප් ආයතනය වාර්ථාව ලබලාදීලා තියෙන්නේ.මේ නිසා රටේ නිෂ්පාදන ධාරිතාවට මොකද වෙන්නේ. ආණ්ඩුව මේ වාර්ථාවල් කියවන්නේ නැහැ. ඒවා ගනන් ගන්නේ නැහැ.

    මේ තත්වය යටතේ අපි ජනතාවට රුපියල් 20000ක් දෙන්න කියලා යෝජනා කරන කොට ආණ්ඩුව ඒවාට විහිලු සපයනවා.ආණ්ඩුවේ වහල්ලු හිනාවෙනවා. ආණ්ඩුවේ මුහුණුපොතේ ඉන්න වහල්ලු ඒ යෝජනාවට එක එක විහිලු සපයනවා.
 
    මතක තියාගන්න ජනතාවට රුපියල් 5000 ලැබුනෙත් සමගි ජන බලවේගය නිසයි කියලා. අපි කරපු ඉල්ලීම නිසයි ජනතාවට මාසයකට රුපියල් 5000ස ලැබුනෙත් .නැත්නම් ඒකත් නැහැ.
 
   වැඩ බැරි ආණ්ඩුව,අකාර්‍යක්ෂම ආන්ඩුව ,දූෂිත ආන්ඩුව ජනතාවට රුපියල් 20000ස දෙන්න බැරිවුනාට රටට වැඩක් නැති ව්‍යාපෘතිවලට විශාල ලෙස මුදල් වියදම් කරන්න හදනවා. ඒකට ලොකු හේතුවක් තියෙනවා. මොකද ජනතාවට රුපියල් 20000 දෙනකොට කොමිස් ලබා ගන්න බැහැ .ඒ රුපියල් 20000 න් රුපියල් 15000ක් දීලා රුපියල් 5000ක් කොමිස් ගහන්න බැහැනේ. නමුත් ලොකු ව්‍යාපෘති පටන් ගත්තාම කොමිස් සන්තෝෂම් යහමින් ගන්න පුලුවන්
 

බොරතෙල් බැරලයේ මිල අඩියටම බැහැලා තියෙද්දිත් රටේ තෙල් මිල අඩු කරන්නේ නැති එකම ආණ්ඩුවත් මේකයි . කොච්චර තෙල් මිල අඩුවුනත් අවුරුදක් යනකම් තෙල් මිල වෙනස් කරන්නේ නැති ආණ්ඩුවත් මේකයි. මේක පුදුම ආණ්ඩුවක්නේ . කැබිනට් එකෙන් අනුමැතියක් අරගෙන තියෙනවා අවුරුද්දක් යනකම් තෙල් මිල වෙනස් කරන්නේ නැහැ කියලා. තෙල් මිල අඩුවෙනවානම් ජනතාවට කොච්චර සහනයක්ද . බඩු මිල ඉබේම අඩුවෙනවා. ප්‍රවාහන ගාස්තු අඩුවෙනවා. කොටින්ම කිව්වොත් ජනතාවගේ ජීවන වියදම විශාල ලෙස අඩුවෙනවා.
 
 මේ රට යන්නේ දැන් අගාධයටයි. රටට දර්ශනයක් නැහැ .රට ගොඩගන්න වැඩපිලිවෙළක් නැහැ. ආර්ථිකය කඩා වැටිලා. ආර්ථිකය ගොඩගන්න සැලැස්මක් නැහැ. ඡන්දය දුන්නු හැටනව ලක්ෂයටම බොරු පොරොන්දු දීලා ජනතාව  නන්නත්තාර කරා.
 
හැම පැත්තෙන්ම කඩා වැටුනු රට ගොඩගන්න පුලුවන් සමගි ජන බලවේගයට පමණයි. අපිට රට ගොඩගැනීමේ දැක්මක් හා උවමනාවක් තියෙනවා. අපිට ඒ සදහා හොද හැකියාවක් තියෙනවා.
 


     



අදහස් (0)

‘රටේ ජනතාවගෙන් සීයට 30 ක් හාමතේ ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site