‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘ ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති කරනවා. ඒ සදහා සියල්ල සූදානම් යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 01 May 2024
‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘ අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සමරු රැලිය අමතමින් අද (1) පැවසීය. 01 May 2024
තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 April 2024
කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමගි ජන බලවේගය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවහොත් ආර්ථිකය ගොඩ නගන්නේ කෙසේද? යන්න ගැන ආර්ථිකයේ මතුව ඇති ව්‍යුහාත්මක ප්‍රශ්න රැසක් විමසුමට ලක් කරමින් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග කළ සාකච්ඡාවක් මෙසේය. 17 March 2024
සජිත්ගෙන් බන්දුලට විවාදයකට අභියෝගයක් ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභියෝගයක් කළේ ය. 24 November 2023
’මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා’ මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 23 November 2023
හිටපු ජනපතිලාට පාර්ලිමේන්තු එන්න දෙන්න එපා ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 November 2023
‘අපි ජනතාවගේ මුදල් හොරාකාලා නෑ’ රටක මුදල් ආයෝජනය කිරීමක් සම්බන්ධයෙන් මේ දිනවල ප්‍රචාරයක් ගෙන යනු ලබන මුත් තමන් හෝ තම පක්ෂයේ කිසිවෙකුත් මෙරට ජනතාවගේ මුදල් සතයක් හෝ සොරකම් කර හෝ නාස්තිකර නොමැති බවත් එසේ සොරකම්කර හෝ නාස්තිකර තිබේ නම් මෙලෙස දේශපාලනය කිරීමට නොහැකි බවත් ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගම්පහදී පැවසීය. 24 August 2023
‘‘ජනතාවගේ ගැටළු හරියට වෙනවා නම් 13 + වුණත් කමක් නෑ‘‘ ’’මහජනතාවගේ කටයුතු සදහා පලදායී ලෙස ඇති කොටසට බලය බෙදී යනවා නම් බැවින් 13 + වුවත් කිසිම ගැටළුවක් නැහැ ’’ යැයි වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (04) වාරියපොල දී පැවසීය. 04 August 2023
නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන සංශෝධනයෙන් වැඩිපුර බලතල විධායකය ලබාගත් නිසා දැන් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය අඩපණ වී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා කීය. 29 May 2022
‘‘කොරෝනා වයිරසයෙන් ජනතාව ආරක්ෂාකර ගන්න පියවරගෙන නෑ‘‘ කොරෝනා වසංගතයෙන් රටේ ජනතාව ආරක්ෂාකර ගැනීම සඳහා එක පනතක් හෝ වගන්තියක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව ක්‍රියාකර නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. 25 May 2021
‘කලවම් වෙච්ච ආණ්ඩුවක් අපි හදන්නේ නැහැ‘ සමගි ජනබලවේගය ඉදිරියේ දී බිහි කරන්නේ මිශ්‍ර රජයක් නොවන බවත් රටේ ජන කොට්ඨාස නියෝජනය වන සංස්කෘතියද සමග වන දේශපාලන ගමනක් බවත් සමගි ජනබලවේගය නායක හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බේරුවලදී පැවැසීය. 01 April 2021
හැකිනම් එම්.සී.සී.යෙන් ඉවත්වන බව රටට කියන්න ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා දිවයිනට පැමිණිමේ අරමුණ එම්.සී.සී. ගිවිසුම අත්සන් කර ගැනීම පමණක් නොවන බවත් එම්.සී.සී. ගිවිසුමට එහා ගිය සෝෆා ගිවිසුම මේ ආණ්ඩුව ලවා අත්සන් කර ගැනීම එහි අරමුණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (26) පැවසීය. 26 October 2020
හැකිනම් එම්.සී.සී.යෙන් ඉවත්වන බව රටට කියන්න ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා දිවයිනට පැමිණිමේ අරමුණ එම්.සී.සී. ගිවිසුම අත්සන් කර ගැනීම පමණක් නොවන බවත් එම්.සී.සී. ගිවිසුමට එහා ගිය සෝෆා ගිවිසුම මේ ආණ්ඩුව ලවා අත්සන් කර ගැනීම එහි අරමුණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (26) පැවසීය. 26 October 2020
‘රටේ ප්රජාතන්ත්රවාදය විනාශවෙලා‘ විපක්ෂ නායකවරයාට රැස්වීමක් පැවැත්වීමට නොහැකි තත්වයටම වත්මන් ආණ්ඩුව හමුවේ රටේ ප්රජාතන්ත්රවාදය විනාශ වී ගොස් ඇතැයි සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. 30 September 2020
‘ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය තුනෙන් දෙක ලැබී නැහැ‘ ආණ්ඩුවට ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය තුනෙන් දෙක මහජනතාවගේ ඡන්දයෙන් හෝ පාර්ලිමේන්තු ඔලුගෙඩි වලින් ලැබී නොමැති බව සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසීය. 16 September 2020
‘ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට වඩා ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කළ හැකි බව ඔප්පු කළා‘ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට වඩා ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීම පහසු බව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බැසිල් රාජපක්ෂ මහතා ඔප්පු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී අද(06) පැවසීය. 06 September 2020
‘මනාප යනු ජනතාවට අයිති දෙයක් මිස දේශපාලනඥයින්ගේ දෙයක් නොවේ‘ මනාපය යනු ජනතාවට අයිති දෙයක් මිස දේශපාලනඥයින්ට අයත් දෙයක් නොවන බවත් එය තමන් සිතැඟි පරිදි භාවිතා කිරීම ජනතාව සතු හිමිකමක් වුවත් පොහොට්ටුව ඉදිරියේ කතිරය සළකුණු කරන්නැයි ඉල්ලීම යුතුකමක් වශයෙන් සළකා සිදුකරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 31 July 2020
‘අටවගෙන යන තුනෙන් දෙකකින් ව්‍යවස්ථා සංශෝදනයක් ගේන්න බැහැ ‘ අටවගෙන යන තුනෙන් දෙකකින් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම නොහැකි බවද පුළුල් ව්‍යවස්ථාවක් සෑදීමට ඕනෑකරන පුළුල් සංවාදයක් ගොඩගන්නට තුනෙන් දෙකේ බලය අවශ්‍ය බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 31 July 2020
‘රාජපක්ෂ රජය පසුගිය මාස 8 දී අවනීතීය රජයන රටක් බිහි කිරීමට කටයුතු කළා ‘ එක රටක් එක නීතියක් කියා බලයට පත් වූ රාජපක්ෂ රජය අවනීතිය රජයන රටක් බිහිකිරීමට පසුගිය මාස 8 තුළ කැප වූ බව ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී අද(28) පැවසීය. 28 July 2020
‘කොරෝනා ගැන සැබෑ තතු ජනතාවට දිය යුතුයි‘ ජනාධිපතිවරණයේදී නාග ලෝකයෙන් ධාතු වැඩම්මුවා වගේ කූඨ නාටක වලින් මාධ්‍ය නාටක වලින් කොවිඞ් වසංගතය ජයගත නොහැකි බවත් සැබෑ තොරතුරු ජනතාවට සහ වෛද්‍යවරුන්ට ලබාදෙමින් මෙම වසංගතය පාලනය කිරීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුව ඇතැයි ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (17) පැවසීය. 17 July 2020
‘ සමගිජන බලවේගයේ වර්ණය ගැන ගැටළුවක් ඇති කරගන්න එපා‘ සමගි ජනබලවේගයේ වර්ණය කහ සහ කොළ වර්ණය බව මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බැවින් ඒ පිළිබඳ ප්‍රශ්නයක් කර නොගන්නා ලෙසට සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (9) පැවසීය. 09 July 2020
‘මැතිවරණය ජයග්‍රහණය කිරීමට අසීරු බව තේරුම් ගත් ආණ්ඩුව විපක්ෂයට එරෙහිව රාජ්‍ය යාන්ත්‍රණය යොදවනවා’ මහමැතිවරණය ජයග්‍රහණය කිරීම අසීරු බවට තේරුම් ගෙන ඇති ආණ්ඩුව මැතිවරණයේ වාසි ලබාගැනීම සදහා විපක්ෂයට එරෙහිව රාජ්‍ය යාන්ත්‍රණය යොදා ගනිමින් සිටින බව කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී අද (8) පැවසීය. 08 July 2020
“මනාප ඡන්ද ක්‍රමය දැන් මිනිසුන්ට තිත්ත වෙලා” “මනාප ඡන්ද ක්‍රමය මිනිසුන්ට දැන් තිත්තවෙලා. මනාප වෙනුවෙන් රණ්ඩු වෙන්න පටන් අරගෙන. ජනමාධ්‍ය බැලුවාම, ඒ කියන කතා ඇහුවාම මිනිස්සුන්ට දේශපාලය ගැන කලකිරෙනවා. ඒ කතා කියන අය කියන්නේ ජනාධිපතිතුමාට ආදරේට නෙවෙයි. ජනාධිපතිතුමාට තුනෙන් දෙකේ බලය යෑම නවත්වන්නයි. මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න එපා කරවනවා” යැයි විදුලිබල සහ බලශක්ති, ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 05 July 2020
ජනාධිපතිට වැඩ කරන්න බැරි පාර්ලිමේන්තුවක් තිබුණොත් පාඩුව රටට‘ ජනාධිපතිවරයාට සහයෝගය දෙන පාර්ලිමේන්තුවක් මිසක ජනාධිපතිවරයාට වැඩ කරන්න බැරිවෙන ආකාරයේ පාර්ලිමේන්තුවක් තිබුණොත් එහි පාඩුව වෙන්නේ රටේ ජනතාවට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(3) පැවසීය. 03 July 2020
ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම අනුමත නොකරන බව නවීන් කියයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර මහතා සහ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙරටට ක්‍රිකට් ක්‍රීඩාවෙන් කීර්තියක් ගෙනවිත් දුන් බවත්, එවැනි ක්‍රීඩකයන්ගෙන් විමර්ශනයක් සඳහා ප්‍රකාශ ලබාගැනීම තමන් අනුමත නොකරන බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතා අද(02) පැවසීය. 02 July 2020
‘ආනයනය සීමා කිරීමෙන් රටේ ආර්ථිකය තවත් කඩා වැටෙනවා ‘ වත්මන් ආණ්ඩුව ආනයන සීමා කර රටේ ආර්ථිකය ගොඩනැගීමට කරන සැලසුම් වලින් රටේ ආර්ථිකය සහ රුපියල තවත් කඩා වැටෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කොළඹදී අද(2) පැවසීය. 02 July 2020
රාජ්‍ය සේවකයන්ට අහිමි වූ ස්වාධීනත්වය-ආර්ථික නිදහස සමගි ජනබලවේග රජයක් යටතේ ලබා දෙනවා වත්මන් රාජපක්ෂ රජය යටතේ රජයේ සේවකයන්ට අහිමි වී ඇති ස්වාධීනත්වය, වැටුප් වර්ධක සහ විශ්‍රාමිකයන්ගේ දීමනා සජිත් ප්‍රේමදාස පේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයේ රජයක් යටතේ කඩිනමින් ලබාදෙන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද(1)පැවසීය. 01 July 2020
සිරිකොතට ගල් ගහන්න අපට අවශ්‍ය ඕන නෑ සිරිකොත පක්ෂ මූලස්ථානයට හෝ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හෝ ගල් ගැසීමට කිසිදු අවශ්‍යතාවයක් සමගි ජන බලවේගයට නොමැති බවත් අගෝස්තු පස් වනදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු ඔවුන්ගේ ඉරණම පිළිබඳ ජනතාව තීන්දුවක් ගනු ඇතැයිද සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද(29) කොළඹදී පැවසීය. 29 June 2020
‘කරුණා අම්මාන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව බයයි’ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව බිය බව සමඟි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා අද(26) පැවසීය. 26 June 2020
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025