(නිමල කොඩිතුවක්කු)
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා දිවයිනට පැමිණිමේ අරමුණ එම්.සී.සී. ගිවිසුම අත්සන් කර ගැනීම පමණක් නොවන බවත් එම්.සී.සී. ගිවිසුමට එහා ගිය සෝෆා ගිවිසුම මේ ආණ්ඩුව ලවා අත්සන් කර ගැනීම එහි අරමුණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (26) පැවසීය.
එම්.සී.සී. ගිවිසුම නමින් හෝ වෙනත් නමකින් අත්සන් නොකරන බවටත් එම ගිවිසුමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බවටත් හැකිනම් නිල ප්‍රකාශයක් රට හමුවේ කරන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද රණවක මහතා සඳහන් කළේය.
කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
20 වැනි සංශෝධනයකින් රට අණතුරේ හෙලූ රාජපක්ෂවරුන් ඇමරිකාව සහ චීනය අතර බල කඳවුරු දෙකේ ඇති ගැටුමට රට මැදි කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
එම්.සී.සී. ගිවිසුම පිළිබඳ බිල්ලන් මැවූ උපවාස කළ පිරිස් මේ සම්බන්ධයෙන් දරණ මතය පිළිබඳ සමගි ජන බලවේගය විමසිල්ලෙන් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
හැකිනම් එම්.සී.සී.යෙන් ඉවත්වන බව රටට කියන්න