
(අංජුල මහික වීරරත්න)
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ගොඩ ගැනීමට අසීරු බව බොහෝ දෙනා පැවසූ බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ අභියෝගය බාරගත් තමා වසර දෙකකදී රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ආ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යාමට අවශ්‍යව ඇත්තේ සාමුහිකත්වය පමණක් බවද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ දේශපාලන නියෝජිතයන් සමඟ නුවරඑළිය ජනාධිපති මන්දිරයේ අද(18)පැවති හමුවේදීය.
නුවරඑළිය, හඟුරන්කෙත, මස්කෙළිය, කොත්මලේ සහ වලපනේ ආසන නියෝජනය කරමින් යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක තරුණ දේශපලන නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කටයුතු ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.
COMMENTS
රනිල් රාජපක්ෂ වගේ යෞවනයේ පොපියන චමත්කාරය විදහා පාන තරුණ නායකයො තමා රටට ඕනෙ කරන්නෙ. කොන්ඩෙ පොඩ්ඩක් සුදු වුණාට තාම කොල්ලා.
මේ සැලසුම් හැදුවේ 1977 ගණන්වල ඉඳලා... කෝ සැලසුම් ක්‍රියාත්මක වුණාද?
මේ සෙල්ෆි ගහන හඩ්ඩො ටිකයි හඩ්ඩියන්වයි. උල තියන්න ඕන
ණය අරගනින් තව
ඡන්දෙට කලින් හදන්න නැත්නම් හදන්න වෙන්නේ ලබන ආත්මේ තමයි.
සෙල්ෆි ගහන දෙන්නා කවුරු හරි මන්ත්‍රී පුතාලද? ඒ අය තමයි තාමත් කඩේ යන්නේ...