(නිමල කොඩිතුවක්කු)
ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට වඩා ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීම පහසු බව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බැසිල් රාජපක්ෂ මහතා ඔප්පු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී අද (06) පැවසීය.
දහ නමයෙන් අහුරා තිබූ දෙමළ ඩයස්පොරාවේ සාමාජිකයන්ටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වීමේ හැකියාව දේශප්‍රේමය ගැන කතා කරන දේශහිතෛශී භාවය පෙන්වන රට ආරක්ෂා කරන පිරිස් 20 මගින් යළි විවර කර ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අක්කා පෙන්වා නංගිවත් අරගෙන දෑවැද්දත් කොල්ලකන්න වැඩක් 20 වන සංශෝධනය මගින් රටට සිදුව ඇතැයිද ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා මෙසේද කීවේය.
“ මේ රට ඒකාධිපතිත්වයකට මිලිටරිකරණයකට යටත් වන බවට මහමැතිවරණයට පෙර අපි ප්‍රකාශ කළා. නමුත් බහුතරයක් ජනතාව ඒ හඬට කන් නොදී මේ ආණ්ඩුව බලයට පත් කළා.
මම දකින විදිහට අපි මේ මහ මැතිවරණය පරාජයට පත් වෙන්න බලපාන ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. මහ බැංකු බැඳුම්කර කොල්ලය සහ පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා ජනාධිපතිවරණයේදී අපි පරාජයට පත්වුණා. පහුගිය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ දුර්වල ආණ්ඩුකරණය පිළිබඳව පෙන්වා දෙමින් පක්ෂ දෙකකින් ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු පත්විය යුතු නැහැ කියලා ජනාධිපතිවරණයෙන් පස්සෙ මේ අය ප්‍රචාරණය ගෙන ගියා. ඒ නිසා ජනතාවට මේ රට මුහුණ දෙන්න නියමිත අනාගත අනතුර තේරුම් ගැනීමට නොහැකි වුණා.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක මේ ආණ්ඩුව මොකද කරන්නේ කියලා දැන් ජනතාවට තේරුම් යමින් තිබෙනවා.
අර්ජුන් මහේන්ද්‍රන් කියන සිංගප්පූරු ජාතිකයාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකු අධිපති ධුරයට පත් කරද්දී ද්විත්ව පුරවැසියෙකු එපා කියලා ජනතාව කෑ ගැහුවා. අර්ජුන් මහේන්ද්‍රන් අද පැනලා ගිහින් තියෙනවා. ඉහල රාජ්‍ය නිලධාරීන්ගේ තනතුරු වලටත් ද්විත්ව පුරවැසියන් පත්කර නොගත යුතුයි කියලා අපි මේකෙන් පාඩමක් ඉගෙන ගත යුතුයි.
රටට හිතකර ව්‍යවස්ථා සංශෝධනයක් ගේනව නම් පාර්ලිමේන්තුව සහ රට පාලනය කරන තැනට පමණක් නෙමෙයි රටේ ඉහළ තනතුරු වලටත් ද්විත්ව පුරවැසියන් පත් පත් කිරීම වැලැක්වීමට නව නීති සකස් විය යුතුයි.
අද මේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනත් රටක පුරවැසියන් වන ශ්‍රී ලාංකිකයන්ටත් පාර්ලිමේන්තු එන්න පුළුවන්. මේ නිසා අර්ජුන් මහේන්ද්‍රන්ට බැන බැන හිටපු අය ඒකෙන් පාඩම ඉගෙන ගත්ත බවක් අපට පේන්න නැහැ. එහෙමනම් ද්විත්ව පුරවැසිභාවය මේ දෙකටම ඇතුළත් වන විදිහටයි ගේන්න තිබුණා.
දැන් මේ ඉදිරිපත් කරලා තියෙන සංශෝධන අනුව දෙමල ඩයස්පොරාවේ සාමාජිකයෙකුටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වීමේ හැකියාව ලැබෙනවා. දේශප්‍රේමය ගැන කතා කරන දේශහිතෛශී බාවය පෙන්වන රට ආරක්ෂා කරන්න ඉන්න අය තමයි දහ නමයෙන් අපි අහුරපු මේ අවස්ථාව අද විවර කරලා තියෙන්නේ. විග්නේෂ්වරන් පාර්ලිමේන්තුවට ඇවිත් නටන නාඩකම් ටික අද අපිට පේන්න තියෙනවා. මීට එහා සෙල්ලම් අපිට ඉස්සරහට බලාගන්න පුළුවන්.
ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගන්නවට වඩා ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කරගන්න එක ලේසියි කියලා අද බැසිල් රාජපක්ෂ මහතා ඔප්පු කරල තියෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන්න ඕන කියලා 19න් අපි ගෙනාවා. දැන් මේ 20වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකාධිපතියෙක්, මිලිටරි පාලනයක් කරා රට ගෙන ගොස් තිබෙනවා. දහ නමයෙන් අහිමි කරලා තියෙන ජනාධිපතිවරයාගේ මුක්තිය සම්පූර්ණම යළි ලබාගෙන තියෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාට ඕනෑම වරදක් කරලා බේරෙන්න පුළුවන්.
ඒ වගේම දහනවයෙන් හඳුන්වලා දීපු කොමිෂන් සභා ටික අද අකර්මණ්‍ය කරලා තියෙනවා. දැන් ව්‍යවස්ථාදායක සභාවට නියෝග ලබා දෙන්නේ ජනාධිපතිවරයා පමණයි.
ඒ වගේම වැදගත්ම කොමිෂන් සභා දෙකක් වන ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ විගණන කොමිෂන් සභාව අහෝසි කරලා තියෙනවා. රජයේ නිලධාරීන්ටත් ඇමතිවරුන්ටත් හිතුමතයට හොරකම් කරන්න පාර විවර කිරීමක් විදියට අපි මේක දකිනවා.
නීතිපති, පොලිස්පති ඇතුළු තනතුර පත් කිරීමේ බලයත් අද ජනාධිපතිවරයා තමන් යටතට පත් කරගෙන තියෙනවා. පොලිස්පතිවරයා, නීතිපතිවරයා අල්ලෙ නටන රූකඩ බවට එමගින් පත්වෙනවා.
19න් අපි සීමා කරලා තිබුණ අමාත්‍යධුර සීමාවන් ඉවත් කරලා තියෙනවා. ජනාධිපතිවරයාගේ අභිමතය අනුව පමණක් මේ අමාත්‍යවරුන් පත් කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. මේ ව්‍යවස්ථාවෙන් අගමැතිවරයා පියන් කෙනෙක් බවට පත්වෙලා කියලා මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරන ජනතාවට අපි කියනවා.
දි. මූ ජයරත්න මහතාට එදා වෙච්ච දේ තමන්ට වෙයි කියලා මහින්ද රාජපක්ෂ මහතා එදා නිකමටවත් හිතන් නැතිව ඇති. නමුත් තමුන්ගේ සහෝදරයා යටතේ මහින්ද රාජපක්ෂ මහතාට අද එම තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.
මේ ආණ්ඩුවේ සමහර අය මේකට කැමති නෑ. ඒ අයට අද වෙලා තියෙන්නේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නයි. ඔවුන්ගේ කොදු කඩල තියෙන්නේ.
විපක්ෂ අපිට පමණක් නෙමෙයි රටේ සෑම පුරවැසියෙකුටම මෙම තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ රටේ පුරවැසියන්ට අඹ සරණයි කියලා තමයි දැන් අපට කියන්න වෙන්නේ. අක්කා පෙන්නල නංගිවත් අරගෙන දෑවැද්දත් කොල්ලකන්න වැඩක් තමයි මේ ආණඩුව 20 මගින් සිද්ධ කරලා තියෙන්නේ.
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට වඩා ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කළ හැකි බව ඔප්පු කළා‘