IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘මනාප යනු ජනතාවට අයිති දෙයක් මිස දේශපාලනඥයින්ගේ දෙයක් නොවේ‘

( දිනේෂ් උපේන්ද්‍ර)       
                                                                                   
මනාපය යනු ජනතාවට අයිති දෙයක් මිස දේශපාලනඥයින්ට අයත් දෙයක් නොවන බවත් එය තමන් සිතැඟි පරිදි භාවිතා කිරීම ජනතාව සතු හිමිකමක් වුවත් පොහොට්ටුව ඉදිරියේ කතිරය සළකුණු කරන්නැයි ඉල්ලීම යුතුකමක් වශයෙන් සළකා සිදුකරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
 

 කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා ඒ බැව්පැවසීය. එහිදී නීතිඥ දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.
 
 ඇතැම් අපේක්‍ෂකයින් ගෙන්ගෙට ගොස් මේ මේ අපේක්‍ෂකයින් තුන්දෙනාට මනාප ගහන්න කියලා ආකෘති පත්‍රිකාවකුත් දෙනවා. එතකොට ඒ දේ සපුරන්න ගිහාම ඇත්තටම ඒ ඡන්ද දායකයාට මනාප කෙනෙකුට තමන්ගෙ මනාපය දෙන්න විදිහක් නැතිවෙනවා.

ඒනිසයි මම කියන්නෙ කිසිම කෙනෙකුට මනාප ඉල්ලීමේ අයිතියක් නැහැ. ඒත් පක්‍ෂය දිනවන්න කටයුතු කළයුතුයි. මනාපෙට බලපෑම් කරන එක වරදක්. ඡන්ද දායකයා තීන්දු කරාවි කාටද මනාප ලබාදියයුත්තෙ කියලා.
 
දැන්  විපක්‍ෂයේ ප්‍රධාන කඳවුරු දෙකක් අතරත් ප්‍රහ්නය උග්‍ර අතට හැරෙමින් යන්නෙ. අපිටත් පුදුමයි මේ සජිත් මහත්තයා විසිදහස දෙන්නෙ කොහොමද කියලා. ඇහුවම කියන්නෙ නැහැ. ඇත්තටම කොහොම දෙන්නද ලෝක ආර්ථිකේ කඩාවැටිලා ඒ හරහා අපේ රටේ තත්වයත් එහෙම තමයි. කොවිඞ් වසංගතය නිසා ඇඟලුම් ක්‍ෂෙත්‍රය වගේම අනෙකුත් කර්මාන්ත ඇණහිටලා විදේශ විනිමය එන්නෙත් නැහැ. විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වාගන්න කියලා හැමදාම ඉල්ලීම කරන තත්වයක රට තියෙන අතරතුර රුපියල් විසිදහස දෙන්න හදන්නෙ.
 
ඇමරිකාවෙ බිලියන 3.2ක් අච්චුගහල දුන්නා වගේ සජිත් මහත්තයා සල්ලි අච්චුගහලා දෙන්නද දන්නෙ නැහැ හිතං ඉන්නෙ. එතුමලාට ගමේ ඔබට අපිට තේරෙන උද්ධමනය තේරෙන්නෙ නැහැ.
 
එහෙව් ආර්ථික විශේෂඥයො විශ්වාස කරන්නනම් එපා. පසුගිය කාලෙ ඒ ඔස්තාර්ලා තමයි රටේ ආර්ථිකය වලපල්ලට යවන්න කටයුතු කළේ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා බලය ඉල්ලන්නෙ දේශීය ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රීයාවට නංවන්න.
 
 අපේක්‍ෂකයින් සංවිධානය කරන ජනහමු වලට එතුමා පඬුවස්නුවර ආ වෙලාවෙ මම ඉල්ලුව කරුණු 3 ගැනත් එතුමා විශේෂ අවධානය යොමුකළා. මේ ප්‍රදේශයේ තියන වැව් හයදහස් හත්සියයෙන් ඇතැම් වැව් කිසිම නඩත්තුවක් වෙලා නැහැ.



අදහස් (0)

‘මනාප යනු ජනතාවට අයිති දෙයක් මිස දේශපාලනඥයින්ගේ දෙයක් නොවේ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site