(රංජිත් රාජපක්ෂ)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර මහතා සහ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙරටට ක්‍රිකට් ක්‍රීඩාවෙන් කීර්තියක් ගෙනවිත් දුන් බවත්, එවැනි ක්‍රීඩකයන්ගෙන් විමර්ශනයක් සඳහා ප්‍රකාශ ලබාගැනීම තමන් අනුමත නොකරන බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතා අද(02) පැවසීය.
නුවරඑළිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට සහභාගීවීමෙන් අනතුරුව හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක නවින් දිසානායක මහතා මේ බව පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මහතා මෙසේ කියා සිටියේය.
“කුමාර සංගක්කාර මහතාව ප්‍රකාශ ලබාගැනීම සම්බන්ධයෙන් මගේ විරෝධය ප්‍රකාශ කරනවා. රටට කිර්තියක් ගෙනාපු ක්‍රීඩකයන් සියල්ල ගෙනල්ලා ප්‍රශ්න කරනවා. හැබැයි චෝදනාව කරපු කෙනාව ගෙන්නේ නැහැ. එයාගේ ගෙදරට යනවා ප්‍රකාශයක් ලබා ගන්න.
මේක පරස්පර විරෝධී ක්‍රියාමාර්ගයක් හැටියට මම දකිනවා. ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල කරන විශාල ප්‍රහාරයක් මේක. ආණ්ඩුවේ කට්ටි දෙකක් ඉන්නවා, එක කට්ටියක් වැඩ කරන අය, නාමල් රාජපක්ෂ මහතාත් කියනවා මේක හොඳ නැහැ කියලා, එහෙනම් අගමැතිතුමාට කතා කරලා මෙවැනි දේවල් නතර කරන්න ඕනි.
ක්‍රිකට් ක්‍රීඩාව වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න සෘජු තීරණ ගන්න ඕනි. ක්‍රිකට් ක්‍රීඩයන්ට මේ අයුරින් හිරිහැර කරනවා නම් ඔවුන් තවත් පහතට වැටෙනවා. අවුරුදු නවයකට පස්සේ මේ චෝදනාව කරනවා, ඇයි මැතිවරණ සමයේ මේක ඉදිරිපත් කරන්නේ? මේවට නිසියාකාරව පරික්ෂණ කරලා නීතිමය පියවර ගන්න ඕනි.
එක්සත් ජාතික පක්ෂය මැතිවරණ ප්‍රචාරක කටයුතු සාර්ථක ලෙස කරගෙන යනවා. අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. අපි කවදාවත් රාජපක්ෂ කඳවුරට එක්වෙන්නේ නැහැ.ශක්තිමත් විපක්ෂයක් හදලා ඉදිරියේදි තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න කටයුතු කරනවා. ආණ්ඩුව බහුතරයක් ගන්න උත්සහ කරනවා, අපි ආණ්ඩුවේ ක්‍රියාදාමයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ජනතාව අතර විවිධ මත යවන්න උත්සහ කරනවා. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරලා තිබ්බා ආණ්ඩුවක් හදන්න එයාලා කැමති කියලා. ආණ්ඩු හදන්න කවුද අකමැති? හැමෝම කැමතියි. එක්සත් ජාතික පාක්ෂිකයන් පක්ෂයට ඡන්දය දීලා පක්ෂය ආරක්ෂා කර ගන්නවා. අපි කිසිවිටකත් රාජපක්ෂලා සමග එකතු වෙන්නේ නැහැ” යනුවෙන් ඒ මහතා පැවසීය.
COMMENTS
නවීන්, ඔබ වරක් රාජපක්ෂ කඳවුරේ හිටපු කෙනෙක්... ඒ නිසා එන්නේ නැහැ කියන එක අපි දෙපාරක් හිතනවා. අනික ඇයි ප්‍රශ්නයක් මතුවුණාම යටගහන්න හදන්නේ....? ඔබලාගේ කඳවුරේ ඉන්න අර්ජුනට පවා මේ තරගය ප්‍රශ්නයක් වුණා. ඒ නිසා අපි ඇත්ත නැත්ත හොයන්න ඉඩ නොදී වහන්නේ ඇයි කියන්න.
ක්‍රීඩකයින්ගේ සාක්කි දීමෙන් කරන ලද පැමිණිල්ලේ සත්‍ය අසත්‍ය භාවය තහවුරු වෙනවා.. ඒ වගේම ක්‍රීඩකයින්ගේ නිර්දෝෂී බව තහවුරු වෙනවා. ඉතින් එ්කට ඇයි මෙයා බය...?
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න කිරීමේ ඇති වැරැද්ද කුමක්ද?
හරියට හරි.... ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන්නේ සාමාන්‍ය මිනිසුන් නෙමෙයිනේ.