IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


‘‘ජනතාවගේ ගැටළු හරියට වෙනවා නම් 13 + වුණත් කමක් නෑ‘‘

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

"මහජනතාවගේ කටයුතු සදහා පලදායී ලෙස ඇති කොටසට බලය බෙදී යනවා නම් බැවින් 13 + වුවත් කිසිම ගැටළුවක් නැහැ " යැයි වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (04) වාරියපොල දී පැවසීය.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ වාරියපොල වල්පොල ගලෙන් පහළ නව ග්‍රාමීය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුටරත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙසේද පැවසීය. " තවමත් මේක සාකච්ඡා මට්ටමේ තියෙන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය කියන්නෙ බලය බෙදීමනෙ.

මගේ පෞද්ගලික අදහස නම් සාමාන්‍යයෙන් රටේ ජාතික වශයෙන් බලනොපාන තත්වයට ව්‍යවස්ථාව සංශෝධනය කරල ක්‍රියාත්මක කළාට ප්‍රශ්නයක් නැහැ.

ඔතන ප්‍රශ්නය තියෙන්නේ පොලිස් බලතල ඉඩම් බලතල වගේ ඒවනේ. දැන් පළාත් සභා නැතිවුණත් අපි පළාත් සභාවක ආණ්ඩුකාරවරයා හැටියටනෙ මේ ඉන්නෙ.

මගේ පෞද්ගලික අදහස නම් මේ පළාත් සභා බලය තවත් ශක්තිමත් කරන්න අවස්ථාව තිබුණා.

ව්‍යවස්ථවේ 13 වන සංශෝධනයේ සමගාමී ලැයිස්තුවේ එක පැත්තකටවත් නැති ඒව තියෙනවා. ඒ නිසා එක පැත්‍තකට මේව තියෙන්න ඕන. එතනදි මධ්‍යම රජය පැත්තට යනව කියන්නෙ බලය අඩුවීම. පළාත් සභා පැත්තට යනව කියන්නෙ බලය වැඩිවීම. පොලිස් බලතල සහ ඉඩම් බලතල මධ්‍යම රජය යටතේ පැවතිය යුතු බව මම පිළිගන්නව. නමුත් බලය දෙපැත්තකට තියෙන්න බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමගාමී ලැයිස්තුවේ කොටස එක පැත්තකට තියෙන්න ඕන. එහෙම නොවුනු නිසා තමයි මෙතෙක් පළාත් සභා අසාර්ථක වීමට හේතුව."

අද දිනයේ විවෘත කළ ජල යෝජනා ක්‍රමය හරහා නිවාස 74 කට ජලය සැපයෙන අතර මේ සදහා ප්‍රතිපාදනය ලබාදී තිබුණේ වයඹ පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව සහ වාරියපොල ප්‍රාදේශීය සභාව විසිනි. ව්‍යාපෘතිය සදහා වැයවූ සම්පූර්ණ වියදම රුපියල් ලක්ෂ 65 කි. විශේෂ අවශ්‍යතා ඇති ගම්මාන සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ව්‍යාපෘතිය සිදුකර තිබිණ.

 



අදහස් (3)

‘‘ජනතාවගේ ගැටළු හරියට වෙනවා නම් 13 + වුණත් කමක් නෑ‘‘

රන්ජන් Saturday, 05 August 2023 09:13 AM

ජනතාවගේ ගැටලු හරි හැටි විසදපු නැති නිසා ජනතාව විසින් මෙයාව ගෙදර යැව්වා නේද . රටේ මහ එකා වගේ ආයෙත් පස්සේ දොරෙන් ඇවිත් ජනතා ගැටළු විසදන්න කතා කරනවා .

:       0       12

kasun Monday, 07 August 2023 04:44 PM

ඉඳුල් බත් කාලා ආයිත් පණ ඇවිත්... මේකට නෑ... මිනිස්සු අයින් කරපු කෙනෙක් කියලා...

:       0       8

de silva Monday, 07 August 2023 05:14 PM

13 ගැන කතාකරන ඉස්සරවෙලා ඡන්දයක් තියන්න. පළාත්සභාවල මහජන නියෝජිතයෝ නොමැතිව බලය බෙදීමක් ගැන කතාකරන එක විහිළුවකි...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32998 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15638 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10045 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 148 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 202 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 514 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site