IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


‘කොරෝනා ගැන සැබෑ තතු ජනතාවට දිය යුතුයි‘

(නිමල කොඩිතුවක්කු)
 
ජනාධිපතිවරණයේදී  නාග ලෝකයෙන්  ධාතු වැඩම්මුවා වගේ කූඨ  නාටක වලින් මාධ්‍ය  නාටක වලින් කොවිඞ් වසංගතය ජයගත නොහැකි බවත්  සැබෑ තොරතුරු ජනතාවට සහ වෛද්‍යවරුන්ට ලබාදෙමින්  මෙම වසංගතය පාලනය කිරීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුව ඇතැයි ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක  මහතා කොළඹදී අද (17) පැවසීය.
 
ජාතික  සංස්කෘතිය ගැන කතාකරමින්,  ස්වාමීන් වහන්සේලා වටකරගෙන  ව්‍යාජ දේශමාමකත්වයක් පටලවාගෙන කොළඹ නගරයේ වටිනා ඉඩම් විදේශිකයන්ට  සින්නක්කරව පැවරූ රාජපක්ෂ නඩය,  වත්මන් පාලන සමයේදී  තුන්වැනි  බුවනෙකබාහු රාජසභා මණ්ඩපය විනාශ කර හෝටල් සංකිර්ණයක් ඉදිකිරිමට සැලසුම් කර ඇති බවද රණවක  මහතා සඳහන් කළේය.
 
ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරුන්  රඟ දැක්වූ  දේශප්‍රේමී කූඨ නාටකයේ තවත් සළු පිළි ගැලවී  රාජපක්ෂ පරම්පරාවේ ව්‍යාජය රටට හෙලිදරව් වීම මින් සිදුවු බවත් පැවසූ රණවක මහතා  ජනපති සහ අගමැති  මේ සිදුවිම සම්පුර්ණයෙන්ම රටට හෙළිකළ යුතු ව ඇතැයිද වැඩිදුරටත් කීවේය.
 
සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව  පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක  මහතා මෙසේද කීවේය.
 
“ජාතියේ හදවත කියලා සාටකයත් එක්ක මහින්ද  රාජපක්ෂගේ කටවුට් කුරුණෑගල හැම බිමි අගලකම ගහලා තියෙනවා. ඒ කටවුට් එකක්වත් ඉවත් කරලා නැහැ. ජාතික සංස්කෘතිය රකිනවාය කියන  කතාව කරමින් අනික් හැම දේශපාලන පිරිසක්ම  දේශද්‍රෝහියෝ,  ජාතිද්‍රෝහියෝ  කියමින් අවමන් කරලපු මහින්ද රාජපක්ෂ මහතා අද එතුමන්ගේ දේශපාලන සහචරයන් ලබවා  තුන්වන බුවනෙකබාහු රාජසභා මන්ඩපය විනාශ කරලා තියෙනවා. 
 
කුරුණෑගල නගරාධිපතිගේ පිටින් මේක යවන්න උත්සාහයක් දැරුවත් පැහැදිලිවම මේක පිටිපස්සේ මාර්ග සංවර්ධන අධිකාරිය ඉන්නවා.  මාර්ග සංවර්ධන අදිකාරිය තියෙන්නේ ජොන්ස්ටන්  ප්‍රනාන්දු ඇමතිවරයා යටතේ.  ඔහුගේ නායකයා නාමල් රාජපක්ෂ මහතායා.  නාමල් රාජපක්ෂ මහතාට අවශ්‍ය විදියට තමයි මේ වැඩ කරන්නේ.

පුරාවිද්‍යා  ස්ථානයක් හැටියට  මෙම ස්තානය නම් කරලා තිබෙනවා.  පාරක් පළල් කරන මුවාවෙන් තමයි තුන්වන බුවනෙකබාහු රාජසභා මණ්ඩපය විනාශ කරලා තියෙන්නේ. 

 
මම නාගරික සංවර්ධන අමාත්‍යවරයා විදියට කුරුණෑගල නගරය උපායමාර්ගික නගරයක් විදියට සංවර්ධනය කිරිමට මම කටයුතු කලා. මෙම ව්‍යාපෘතිය යටතේ කුරුණෑගලත් දඹුල්ලත් ඇතුළත් වෙලා තිබුණා. මේ යටතේ රුපියල් මිලියන 240 ක් වියදම් කරලා කුරුණෑගල වැව රවුම  ප්‍රතිසංස්කරණය කළා.  ඒ වගේම තුන්වන බුවනෙකබාහු රාජසභා මණ්ඩපය ඇතුලත් මෙම ස්ථානය පුරාවිදයාත්මක වටිනාකමකින්  යුතු ස්ථානයක් විදියට ආරක්ෂා කිරීමට නියමිතව තිබුණා.
 
තුන්වන බුවනෙකබාහු රාජසභා මණ්ඩපය වසර 700ක්  පැරණි වටිනා වාස්තු විද්‍යාත්මක නිර්මානයක්. ගල් සහ  ලී භාවිත කරලා මෙම රාජසභා මණ්ඩපය සකස් කරලා තියෙනවා. මේ ස්තානය පැහැදිලිවම  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  සංරක්ෂණ ස්ථානයක්.දැන් මේ අය මේක විනාශ කරලා දෙන උත්තර අපිට පිළිගන්න බැහැ.
 
මේ ස්ථානයේ දැවැන්ත හෝටල් සංකීර්ණයක්  ඉදිකිරීමට සැලසුමක් තිබුණා. මේ හෝටල් සංකීර්ණය පිටිපස්සේ එය දූෂිත දේහපාලනඥයන් හිටියා.
 

මහින්ද රාජපක්ස මහතා පන්සල් ගානේ ගිහින් ජාතික  සංස්කෘතිය රකිනවා, ජාතතියේ  හදවත කියලා ජනතාව රැවැට්ටුවට පිටිපස්සේ තියෙන්නේ ධන ලෝභය සහ  බල ලෝබයයි.  කොළඹ නගරයේ වටිනා ඉඩම් විදේශිකයන්ට  සින්නක්කරව පවරලා හෝටල් ගහලා  ඒවායින්  කප්පම් අරගෙන තවත් හෝටල්  මිලදි ගෙන මේ  ක්‍රීඩාව දැන් ඇතුගල්පුරයටත්  ගෙනිහින් තියෙනවා.
 
 
මේ සම්බන්ධයෙන් මැදිහත්වන ලෙසට මහනායක හිමිවරුන් ඇතුලු භික්ෂූන් වහන්සේගෙන් අපි ඉල්ලා සිටිනවා.  මේ සම්බන්දයෙන් දැනටමත් පුරාවිදයා දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක  කරන්න කියලා  ඉල්ලා සිටිනවා.  එහෙත්  මේ සම්බන්ධයෙන් තවම පොලීසිය ක්‍රියාකරලා නැහැ. ඒ නිසා  පොලීසිය බාර ජනාධිපතිවරයාත්  මේ සම්බන්දව වගකිව යුතුයි.
 

මේ රටේ ජාතික  සංස්කාතිය ගැන කතාකරමින්,  ස්වාමීන් වහන්සේලා වටකරගෙන  ව්‍යාජ දේශමාමකත්වයක් පටලවාගෙන කටයුතු කරන ජනපති සහ අගමැති  මේ සිදුවිම සම්පුර්ණයෙන්ම රටට හෙළිකළ යුතුයි.

 
ඒ වගේම මේ සම්බන්ධයෙන්  වගකිවයුතු නාගරික සංවර්ධන අධිකාරියේ, නගර සභාවේ නිලධාරීන් ඇතුලු මේ සියලු දෙනා සම්බන්ධයෙන්  දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශයයි.



අදහස් (0)

‘කොරෝනා ගැන සැබෑ තතු ජනතාවට දිය යුතුයි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1734 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1436 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 516 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site