IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘අපි ජනතාවගේ මුදල් හොරාකාලා නෑ’

( තිලකරත්න දිසානායක.)

රටක මුදල් ආයෝජනය කිරීමක් සම්බන්ධයෙන් මේ දිනවල ප්‍රචාරයක් ගෙන යනු ලබන මුත් තමන් හෝ තම පක්ෂයේ කිසිවෙකුත් මෙරට ජනතාවගේ මුදල් සතයක් හෝ සොරකම් කර හෝ නාස්තිකර නොමැති බවත් එසේ සොරකම්කර හෝ නාස්තිකර තිබේ නම් මෙලෙස දේශපාලනය කිරීමට නොහැකි බවත් ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගම්පහදී   පැවසීය. 

ජාතික ජනබලවේගය ගම්පහ මැතිවරණ කොට්ඨාස බලමණ්ඩල සමුළුව අමතමින් හෙතෙම මේ බව සදහන් කළේය. 

මෙහිදී තව දුරටත් දැක්වූ අනුර දිසානායක මහතා මෙසේද කීය. 

" ගම්පහ ආසන සමුළුව දෙස බැලූවිට ජාතික ජනබල වේගය වටා කොපමණ පිරිසක් රොද බැඳ සිටීද යන්න පැහැදිළියි. මින් පෙන්නුම් කරන්නේ රට වැටී ඇති තත්ත්වයෙන් මුදා ගැනීමට,මේ දේශපාලන ගමන් මග වෙනස් කිරීම ස්ථීර අධිෂ්ඨානයකින් යුතුව ජාතික ජනබල වේගය සමග ජනතාව  එකට එකතුවී සිටින බවයි. මෙහි පැමිණ සිටින්නේ හුදු ඡන්ද දායකයින් නොව , මේ රට වෙනස් කිරීම සදහා මහා බලාපොරොත්තු අපේක්ෂා පොදි බැඳගත් අයයි මෙතැනට පැමිණ සිටින්නෙ.

ඔබ සැම තමන්ට ලැබෙන සෑම අවස්ථාවක්ම උපයෝගී කර ගන්නා ජනතාවක් තමයි මෙතැනට රැස්වෙලා ඉන්නෙ. සාමාන්‍යයෙන් මෙවැනි මහා රැලි පවත්වන්නෙ මැතිවරණ කාලයෙදියි. දැන් මැතිවරණ නොව , තිබ්බ මැතිවරණයත් කල් දැමූ කාලයක්. එහෙත් මේ දහස් සංඛ්‍යාත ජනතාවක් එක්ව පෙන්නුම් කරන්නේ අන් කවරක්වත් නොව , අපේ රට පත්ව තිබෙන මේ විනාශකාරිත්වයෙන් මුදවා ගැනීමට සූදානම් බවයි. මේ මතුව තිබෙන්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ සුවිශේෂී අවස්ථාවක්. මෙය දිනාගන්නවාද නැද්ද යන සාධකය අපේ අතේ තිබෙනව. මෙය අත් හරිනවද? ජයග්‍රහණය කරනවද ? ජයග්‍රහණය කළ යුතුයි. 

වසර ගණනාවකට පසුව විශේෂ දේශපාලනයක් මතුව තිබෙනව. 1953 සිට එයාල අපිට දෙකක් වගේ පෙනුනත් , 2023 වර්ෂය වනවිට අවුරුදු හැත්තෑවකට පස්සේ දෙකක් නොව එකක් බව ඔප්පු වෙමින් තිබෙනව. අවුරුදු හැත්තෑවක් මේ රංගන එයාලට කරන්න ලැබුන. නමුත් අද වන විට දෙගොල්ලොම එකක් බව ඔප්පු වෙමින් තිබෙනව. අපි දන්නව මහා ගංවතුරක් එන විට නයි සහ මුගටි ඔක්කොම එකට ගසාගෙන යනව. නයා සහ මුගටියා ජම්මන්තර වෛරක්කාරයින් උනත් මහ ගංවතුරින් බේරෙන්න දෙගොල්ලොම එක කොටේට නගිනව. දැන් සිදුව ඇත්තේද මෙයයි. මේ අය ජම්මන්තර වෛරක්කාරයින් බව පෙන්නුවත් , මහා සැඩසුළගක් හමාගෙන එනව . මේ නිසා ඒ අයගෙ බලය , පැවැත්ම සියල්ලම ගසාගෙන යන සුළඟක් හමනව. ඒ තමයි මාලිමාවෙ සුළඟ. මේ නිසා දැන් නයි මුගටි එක කොටයට නගින කාලෙ පැමිණෙමින් තිබෙනවා.  

අපි දූපත්වල සල්ලි ආයෝජනය කරන බව කෙනෙක් කියනව. මේ ගැන 23 වෙනිදට කියන්න හිටියත් ටිකක් කියන්න හිතුව. තිස්ස කුට්ටිය කියනව මේවට දඩුවම් දෙන්න ඕනෙලු. මාව හිරේ දාන්න ඕනෙලු. පව්. මමත් අපේ පක්ෂයේ කිසිවෙකුත් මෙරට මහ ජනතාවගේ මුදල් සතයක් හෝ සොරකම්කර හෝ නාස්තිකර නැහැ. එහෙම සොරකම් කර තිබෙනවා නම්, නාස්තිකර තිබෙනවා නම් මේ විදියට අපිට දේශපාලනය කරන්න ලැබෙන්නේ නැහැ. " 

පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජනබල වේගය ජාතික විධායක සභික විජිත හේරත් මහතා  :-

 " රටේ මීළඟ ආණ්ඩුව, ජාතික ජනබල වේගය විසින් ගොඩනගන බව ස්ථිරයි. මෙම පක්ෂය වටා විශාල ජනතා විශ්වාසයක් ගොඩ නැගී තිබෙනව. ජාතික ජනබල වේගය බිද වැට්ටීමේ අරමුණින් මේ වනවිට විවිධ අන්දමේ මඩ ප්‍රචාර ගෙන යමින් පවතිනව. මඩ සහ අවලාදවලට අපි නොසැලෙන බවත් මේවා ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බවත් කිව යුතුයි. විවිධ පුද්ගලයින් විසින් කුමන අවලාද නැගූවද  සත්‍ය අවබෝධ කර ගත් රටේ ජනතාව ජාතික ජනබල වේගය වටා  එක්වෙමින් සිටින අන්දම පැහැදිලිව පෙනෙන්නට තිබෙනව. " 

ජාතික ජනබලවේගය විධායක සභික මහින්ද ජයසිංහ මහතා  :- 

" පසුගිය ඔක්තෝබර් මාසයේ දොම්පෙ ආසන්නයෙන් , ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන සමුළු පැවැත්වීම ආරම්භ කළා. පහුගිය 12 දා කැලණිය සමුළුව පවත්වා අද 13 ආසන සමුළුව ලෙස ගම්පහ සමුළුව අති සාර්ථකව පවත්වනව. මේ සමග ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන සමුළු පවත්වා අවසන්.  අවුරුදු හැත්තෑ පහක්  රට පාලනය කළ දූෂිත පාලකයින්ට අපි කියනව ගම්පහින් එම දූෂිත පාලනයට තිත තියන්න කටයුතු කරන්න සංවිධානය කර ඇති බව.  ඉදිරියේදී පැමිණෙන ඕනෑම දේශපාලන කණ්ඩායමකට එරෙහිව නැගී සිටීමට සූදානම් බව ගම්පහ මෙම ආසන සමුළුව මගින් මුලු ලෝකයටම පෙන්නුම් කර තිබෙනව."

මෙම සමුළුවට මෙරට විශ්‍රාමික ජේෂ්ඨ පරිපාලන නිලධාරීන් වශයෙන් දිසාපති සහ අමාත්‍යාංශ ලේකම් ධූර හෙබවූ තිලක් හපන්ගම , ටී.එම්. අබේවික්‍රම  සහ ධර්මසේන දිසානායක යන මහත්වරුන්ද එක්ව සිටියහ.

 



අදහස් (6)

‘අපි ජනතාවගේ මුදල් හොරාකාලා නෑ’

සිල්වා Thursday, 24 August 2023 01:30 PM

අපි ජනතාවගේ මුදල් හොරකම් කරන නායකයන් බලයට ගෙනාව. ජාතික ධනය නැති නම් ලය්ට්කනු ට්‍රාන්ස්ෆෝමරය බස් රථ කර්මාන්ත ශාලා විනාශ? කරලා තියෙනවා.

:       22       21

Bunny Preena Thursday, 24 August 2023 01:52 PM

අවුරුදු 75 ක් රංගනයේ යෙදී රට අගාධයට දැමූ ආණ්ඩුවල ඔබ පක්ෂයත් හවුල් කාරයෝ හැටියට සිටිය බවට මතක් කරන්න කැමතී

:       25       22

සෙනෙවිරත්න Tuesday, 29 August 2023 04:49 PM

මෙතන පරන කතා කිය කිය හිත හදාගන්න හදනව පරන හොරු සමග හෙලුවෙන් තවදුරටත් යන්න කැමති අය, ඒකට කමක් නැහැ යන යන තැන මාලිමාවට ජය, වෙන පිහිටක් නැහැ.නරක දෙයින් නරක අඩුම එක තෝරගමු.

:       12       19

සෙනෙවිරත්න Tuesday, 29 August 2023 04:53 PM

ලයිට් කනු ට්‍රාන්ෆෝමර් ගන්න පුලුවන් , එදා ඒ කැරලි නොතිබෙන්න මේ පාලකයො රටේ දුප්පත් ජනතාවගෙ දරුවන්ට රැකියාවක් ගන්නවත් ඉඩක් දෙන්නෙ නැහැ. රට විනාශ කල පාලකයන්ට ඉඩ දෙන්න එපා.

:       10       18

fairoos Wednesday, 30 August 2023 04:15 PM

ලංකාවේ ඉන්න මෝඩ ජනතාවට කොහෙද මේවා තේරෙන්නේ .ජාතිවාදය තිබ්බා නම් චන්ද දිනන්න පුළුවන්

:       6       16

ජවිපෙ Friday, 15 September 2023 09:21 AM

අපි ජනතාවගේ මුදල් හොරාකාලා නැති වුණාට ජනතාවගේ මුදල් විනාශ කරලා, නාස්ති කරලා, ගිනි තියලා තියෙනවා...!

:       8       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 514 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site