IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


’වෙරළ තීරය රකිනවා කියලා ජනතාව රවටන්න ඉඩ දෙන්න බැහැ’

(අනීෂා මානගේ)

වෙරළ තීරය රකිනවා කියලා ජනතාව රවටන්න ඉඩ දෙන්න බැහැ යැයි ගල්කිස්ස වෙරළ ආරක්ෂණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකරන ලෙස තමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද මුල්කිරිගල රාජමහා විහාරයේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

පසුගිය යහපාලන ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකා තුනක් මේ සඳහා දමා තිබෙනවා. ඒ කැබිනට් පත්‍ර තුනෙහි අනුමැතිය අනුව තමයි පසුගිය කාලයේ එහි සංවර්ධන කටයුතු සිදුව තිබෙන්නේ. තාක්ෂණ ඉංජිනේරුවරුන් කියන විදියට ක්‍රමවේදයෙන් බැහැරව කිසිදෙයක් එහි සිදුව නැහැ. බැලූ බැල්මට අප සියලු දෙනාටම සාධාරණ සැකයක් තිබෙනවා සාමාන්‍ය ක්‍රමවේදයෙන් ඔබ්බට ගිය සිදුවීමක් සිදුව ඇති බවට සැකයක් තිබෙනවා. මේ නිසා අප ජනාධිපතිතුමාට කියනවා පැහැදිලි පරීක්ෂණයක් කරන්න. වෙරළ ඛාදනය වැළැක්වීමට අප පියවර ගන්න ඕනෑ. මෙම ව්‍යාපෘතිය මුලින්ම පටන් ගත්තේ කළුතර කැලිඩෝ වෙරළ තීරයෙන්.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කැබිනට් පත්‍ර ඉදිරපත් කළේ කවුරුන්ද. කොන්ත්‍රාත්කරුවන් තෝරාගත්තේ කවුද. තාක්ෂණ වාර්තාව දුන්නෙ කවුද. පරිසර තක්සේරු වාර්තාවක් තිබෙනවද. වෙරළ සංරක්ෂණයෙන් මෙයට අවසර දෙනකොට නිරීක්ෂණයක් කළාද. නිරීක්ෂණයක් නොකළා නම් ඇයි නොකළේ. මෙවැනි දෙයක් සිදුවුණොත් කොන්ත්‍රාත් සමාගම මේ සඳහා දෙන වගකීම කුමක්ද යන්න පරීක්ෂණයක් කළ යුතුයි. මෙ එක් පැත්තකින් මහා නාස්තියක්. වෙරළ තීරය රකිනවා කියලා ජනතාව රවටන්න ඉඩ තියන්න බැහැ. මෙහි අකටයුත්තක් සිදුව තිබෙනවා නම් නිලධාරින් කෙසේ කීවත් ඒ පිළිබඳව පැහැදිලි පරීක්ෂණයක් කළ යුතුයි යැයිද කීවේය.
 



අදහස් (0)

’වෙරළ තීරය රකිනවා කියලා ජනතාව රවටන්න ඉඩ දෙන්න බැහැ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site