IMG-LOGO

’අසාධාරණ ජල සහ විදුලි බිල්පත් අගෝස්තු පහ පිහිටුවන නව රජයක් තුළින් නිවැරදි කරනවා’

(නිමල කොඩිතුවක්කු)

කොරෝනා වයිරසයෙන් පසුව ඇඳිරි නීතිය පනවා තිබූ කාල සීමාවේදී ජල සහ විදුලි පාරිභෝගිකයන්ට ලබා දී ඇති අසාධාරණ බිල්පත් අගෝස්තු පස්වන දා පිහිටුවන නව රජය යටතේ නිවැරදි කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා කොළඹදී පැවසීය.

අසාධාරණ මිල ගණන් යටතේ ලබා දී ඇති බිල්පත් මෙතෙක් නො ගෙවා ඇත්නම් එම මුදල් නොගෙවා සිටින ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.

සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ අද(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

බිල්පත් ගණනය කිරීම පිළිබඳ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් තමන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි කළ බවත් එම වැරදි නිවැරදි කිරීමට කොමිෂන් සභාව ලිඛිත උපදෙස් ලබා දුන්නත් මෙතෙක් එම වැරදි නිවැරදි වී නොමැති බවද ඔහු සඳහන් කළේය.

කොරෝනා වයිරසය හේතුවෙන් අන්ත අසරණ වී සිටින ජනතාවගෙන් අසාධාරණ ලෙස ජල සහ විදුලි බිල් පත් අය කිරීම කනගාටුදායක බවත් සමගි ජනබලවේගයේ රජයක් තුළින් එම සියලු ගැටළු නිවැරදි කිරීමට කටයුතු කරන බවත් අජිත් පී පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය. 
 



අදහස් (0)

’අසාධාරණ ජල සහ විදුලි බිල්පත් අගෝස්තු පහ පිහිටුවන නව රජයක් තුළින් නිවැරදි කරනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 12 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 597 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site