(නිමල කොඩිතුවක්කු)
වත්මන් රාජපක්ෂ රජය යටතේ රජයේ සේවකයන්ට අහිමි වී ඇති ස්වාධීනත්වය, වැටුප් වර්ධක සහ විශ්‍රාමිකයන්ගේ දීමනා සජිත් ප්‍රේමදාස පේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයේ රජයක් යටතේ කඩිනමින් ලබාදෙන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද(1)පැවසීය.
වත්මන් රජය තමන්ට හිතවත් විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදවා සිවිල් පරිපාලනය ඒකාධිපතිත්වයක් කරා ගෙන යමින් සිටින බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.
රජයේ සේවකයන්ට අහිමි වී තිබෙන ආර්ථික ශක්තිය සහ ස්වාධීනත්වය යලි ලබාදීමත් ජනතාවට සහන දීමත් සමගි ජනබලවේගයේ රජයක මූලික කාර්යය බවද ඔහු පැවසීය.
ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා මෙසේද කීවේය.
අපේ රටේ රජයේ සේවකයන් ලක්ෂ පහළොවකට ආසන්න සංඛ්‍යාවක් සිටිනවා.2015 වනවිට රජයේ සේවකයනුත් විශ්‍රාමිකයයනුත් ඉතා අසීරු තත්වයක තමයි හිටියෙ. අපේ ආණ්ඩුව ඇවිත් දින සියයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් 10,000 කින් වැඩි කළා. එතනින් නොනැවතී අපේ ආණ්ඩුව කාලයේදී රජයේ සේවකයන්ට සියයට 107 කින් වැටුප් වැඩි කළා.
අපේ ආණ්ඩුව යටතේ රජයේ සේවකයන්ට නැගී සිටින්න පුළුවන් ආර්ථික ශක්තියත්, ස්වාධීනත්වයත් අපි ලබා දුන්නා.
රාජපක්ෂ ආණ්ඩු සමයේ විශ්‍රාමිකයන් පාරට වැටිලා හිටියේ අඩුම තරමේ ඔවුන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාවය වත් ඉවත් කරන්න ඔවුන් කටයුතු කළේ නැහැ. අපේ කාලේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කරලා ඔවුන්ට විශ්‍රාම වැටුප් වර්ධක ලබා දුන්නා.
මේ ආණ්ඩුව පත් වෙච්ච ගමන් ඒ වැටුප් වර්ධක කප්පාදු කළා. අද රජයේ සේවකයන්ගේ ගරුත්වය බින්දුවට දාලා. විධායක නිලධාරීන්ගේ පහළොස්දහසේ දීමනාව නවත්වලා. පුරුදු පුහුණු දක්ෂ නිලධාරීන් ඉදිද්දි ඒ අයට හිතවත් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට පරිපාලනය බාර දීලා. අද රාජ්‍ය පරිපාලන සේවය වැඩ නොකරන තත්ත්වයට හංවඩු ගහලා තියෙනවා.
මහ බැංකු අධිපති ඇතුළු නිලධාරීන් පත් පත් කළේ ජනාධිපතිතුමා. එම නිලධාරීන් ගෙන්නලා හමුදා සෙබළුන්ට වගේ තර්ජනය කරනවා. අද රාජපක්ෂ ආණ්ඩුව සිවිල් පාලනය ඒකාධිපතිත්වයක් කරා ගෙන යනවා.
අගෝස්තු පස් වන දා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පස්සේ කපා දමා තිබූ වැටුප් වර්ධක විශ්‍රාම වැටුප් ලබාදීමට අපි කටයුතු කරනවා.
මේ ආණ්ඩුව පත් උනහම සාමාන්‍ය පෙළ අසමත් අයට රැකියා ලක්ෂයක් දෙනවා කියලා කිව්වා. ඒ සඳහා ලක්ෂ 20ක පමණ අයදුම්පත් කැඳෙව්වා. දැන් හමුදා නිලධාරීන් යොදවලා ගෙන් ගෙට ගොස් රැකියා ලබා දෙන බවට ප්‍රකාශ කරනවා. වැල්ලවායේදී නිල ඇඳුම ඇද ගත්ත හමුදා නිලධාරීන් මේ සඳහා යොදාගෙන තියෙනවා. මම මේ ගැන මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කළා. මේ තත්ත්වය වහාම නවත්වන්න කියලා අපි මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලනවා. ඉතිහාසයේ කවදාවත් හමුදාව මේ විදියට දේශපාලනය සඳහා යොදා ගත්තේ නැහැ අද මේ අය එකත් කරනවා.
මේ ආණ්ඩුවට රජයේ සේවකයන්ටත් වැටුප් ගෙවා ගන්න විදියක් නැහැ. රජයේ සේවකයන්ගේ වැටුප් ඉල්ලන ආණ්ඩුව කොහොමද ලක්ෂ විස්සකට රැකියා දෙන්නේ.
මේ ආණ්ඩුව බලයට පත්වුණේ පාස්කු ඉරිදා ප්‍රහාරය, මහ බැංකු මංකොල්ලය සහ එම් සී සී ගිවිසුම යොදාගෙනයි. මේ ආණ්ඩුව පත් වෙලා මාස අටක් ගිහිල්ලත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවන් තවම අත්අඩංගුවට ගෙන නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයා පොහොට්ටු සන්ධානයේ සභාපති කරලා ඔහු ඒ පක්ෂයෙන් දැන් ඡන්දෙත් ඉල්ලනවා.
මහබැංකු හොරු අල්ලනවා කිව්වා. ඒ අය අල්ලන එක පැත්තකින් තියලා අද සමගි ජන බලවේගය නායකයන්ට බොරු චෝදනා වලට අත්අඩංගුවට ගන්නවා. මේවා තමයි නියම ඩීල් කියන්නේ.යැයිද කීය.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රාජ්‍ය සේවකයන්ට අහිමි වූ ස්වාධීනත්වය-ආර්ථික නිදහස සමගි ජනබලවේග රජයක් යටතේ ලබා දෙනවා