IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘රාජපක්ෂවරු අද රණවිරුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළනවා‘

(නිමල කොඩිතුවක්කු)
වීරෝධාර රණවිරුවන් කුණු කානු සුද්ද කිරීමට, මන්දිරවල වැඩට යෙදවූ ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ රාජපක්ෂවරුන්  අද රණවිරුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන  බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා පැවැසීය.
 
වත්මන් ආණ්ඩුව තරම් රණවිරුවන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරමින් රණවිරුවන් වෙනුවෙන් පහසුකම් සැලසූ වෙනත් කිසිදු ආණ්ඩුවක් නොමැති බවත් මන්ත‍්‍රිවරයා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ   අද(17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තුෂාර ඉදුනිල් අමරසේන මහතා මෙසේද කීය
 
‘‘ආබාධිත රණවිරුවන්ගේ වැටුප් ප‍්‍රශ්නයක් මුල් කරගනිමින් විරෝධතාවයක් ක‍්‍රියාත්මක වෙනවා. ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ගණනාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මැතිවරණ ආසන්නවීමත් සමඟ රණවිරුවන්ගේ කරපිටින් දේශපාලනයේ නිරත වීමට ඇතැම් පිරිස් උත්සාහ ගනිමින් සිටිනවා.

අපි දැක්කා කමල් ගුණරත්න බොහෝම වේදනාවෙන් කෑ ගහලා කියනවා ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වුණාට පස්සේ මේ රණවිරු ප‍්‍රශ්නය විසඳනවලු. 2020 බලයට පත්වුනාට පස්සේ විසඳනවට වඩා  2009 වසරේ ආබාධ වූ මේ රණවිරුවන්ට 2015 දක්වා රටේ සේනාධිපති ලෙස කටයුතු කළ විධායක ජනාධිපති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂලාට අද තියෙන මේ රණවිරු කැක්කුම එදා නොතිබුණේ ඇයි කියලා අපි විමසනවා.

රාජපක්ෂවරුන් ඇතුළු මේ නඩය මහා සංඝරත්නයේ සිවුරේ එල්ලිලා බලයට එන්න දැඟලුවා. පටු දේශපාලන වාසි වෙනුවෙන් දැන් රණවිරුවන් අවුස්සලා ඔවුන්ගේ කර පිටින් බලයට එන්න දගලනවා.

රණවිරුවන් වෙනුවෙන් හඬ නගන රණවිරුවන්ට ආදරය කරන මේ පිරිස 2009 යුද්ධ ජයග‍්‍රහණයෙන් පස්සේ රණවිරුවන්ට සලකපු විදිය අපි දැක්කා. කුණු කානු සුද්ධ කරන්න, මන්දිරවල වැඩට යොදවමින් වීරෝධාර රණවිරුවන්ගේ ආත්ම ගරුත්වය රාජපක්ෂවරු නැත්තටම නැති කළා.  ඒ නින්දිත යුගය  අවසන් කරලා 2015 අපේ ආණ්ඩුව පත්වුණාට පස්සේ තමයි රණවිරුවන්ට යළිත් ආත්ම අභිමානයක් ලැබුණේ. අපේ රජය යටතේ  ත‍්‍රිවිධ හමුදාවට පොලීසියට වැටුප් වැඩිකළා, ස්වාධීනව ඔවුන්ට කටයුතු කරන්න ලබාදුන්නා.

එදා රණවිරුවන් නෙසලකා හැරපු ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස අද රණවිරුවන් වෙනුවෙන් කිඹුල් කදුළු හෙළනවා. අපි රණවිරුවන්ට කියනවා මේ අයගේ දේශපාලන න්‍යාය පත‍්‍රවලට යටත් වෙන්න එපා කියලා. ගැටලු තියෙනවනම් ඉදිරිපත් කරන්න ඒවා විසදීමටත් අපි කටයුතු කරනවා’’ යැයිද මන්ත‍්‍රීවරයා එහිදී පැවැසීය.

( ඡායාරූපය - චතුර එස් කොඩිකාර ) 



අදහස් (0)

‘රාජපක්ෂවරු අද රණවිරුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළනවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site