(නාලක සංජීව දහනායක)
එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ පොරොන්දු කිසිදා ඉටුකළ නොහැකි මායාකාරී ප‍්‍රකාශ පමණක් යැයි අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (3) පැවසීය.
පසුගිය ජනාධිපතිවරණ පොරොන්දු අද වෙනත් වචනවලින් ප‍්‍රකාශ වන බවද ඔහු කීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවැසීය.
අධිකරණයට බලපෑම් කළ රජයේ මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් ගන්නා පියවර මොකද්ද කියලා රජය තවම ප‍්‍රකාශකර නැහැ. ඔවුන් සම්බන්ධයෙන් කඩිනමින් පියවරක් ගැනීමට රජයට යුතුකමක් තිබෙනවා. රජය තවම ඒ කතාව ප‍්‍රතික්‍ෂේප කරලත් නැහැ. නමුත් ඒ තොරතුරු හෙළිදරව් කළ නිළධාරීන්ට එරෙහිව නම් රජය කඩිනමින් පියවර ගනිමින් සිටිනවා. මහ බැංකු බැඳුම්කර හොරු සජිත් පේ‍්‍රමදාස මහතාගේ වේදකාවේ සිටිනවා.
ඒ නිසා තමන් බලයට පත්වුවහොත් ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බවට ප‍්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න සජිත් පේ‍්‍රමදාස මහතාට හැකියාවක් නැහැ. ඒ වගේම තුන්සියයකට වැඩි පිරිසකට ජීවිත හානි සිදුකළ හා තවත් විශාල පිරිසකට තුවාල සිදු කළ ත‍්‍රස්තාවාදී කණ්ඩායම්වලට නායකත්වය දුන්න සියලූම අන්තවාදී කණ්ඩායම් සිටින්නෙත් ඒ වේදිකාවේ යැයිද ඔහු කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී අද (3) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
COMMENTS
එයාගේ විතරක් නෙමෙයි, ඔයාලගෙ පොරොන්දුත් මායාකාරී. අපි දන්නවා කාගේ කාගේත් පොරොන්දු ඉටුනොවෙන බව.
ඔබතුමාගේ ජනාධිපතිවරණ අපේක්ෂකතුමා ලබන 9 වෙනිදා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ මංගල ජනරැළිය අමතන්නේ සිංගප්පුරුවේ ඉඳලද සේමසිංහ මහත්තයෝ? නැත්නම් එතුමාගේ කතාව කරල ඉවර වුන ගමන්ම සිංගප්පුරු යනවාද ? නියම නායකයෙක්නේ ඔබතුමන්ලා තෝරාගෙන තියෙන්නේ.
අධිකරණයට බලපෑම් කළ රජයේ මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් ගන්නා පියවර මොකද්ද කියලා රජය තවම ප‍්‍රකාශකර නැහැ. එතකොට අර ඥාණසාර හිමිට ගන්න පියවර මොනවද?