( දිනේෂ් උපේන්ද්‍ර)
අද වනවිට විපක්‍ෂයේ බංකොලොත් දේශපාලකයින් හා වෙනත් කණ්ඩායම් වරදින වචනයක් දෙකක් අල්ලගෙන පහරපිට පහර එල්ලකරන මට්ටමකට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
අද (06) කුලියාපිටිය නගරශාලාවට කැඳවා තිබූ ආසන බලමණ්ඩල නියෝජිතයින් පිරිසක් හමුවීමෙන් අනතුරුව , මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම් වරයා මෙසේද පැවසීය.
අපි හොඳ සිංහල බෞද්ධයෝ, විපක්‍ෂය අපිව අබෞදධයො කරමින් එ පිළිබදව උගන්නන්න ආවට අපේ රජය පත්වුණායින් පස්සෙ තමයි විහාරස්ථාන වැඩිපුරම දියුණු කළේ. මධ්‍යම සංස්කෘතික අරමුදල මා යටතේ තියෙද්දි විහාරස්ථාන එක්දහස් පන්සියයකට ලක්‍ෂ 5 බැගින් දුන්නා. අනුරාධපුර මහාවිහාරය, රුවන්වැලිසෑය ප‍්‍රතිසංස්කරණයට කෝටි ගාණක් මුදල් දැම්මා. දීඝවාපියටක් කෝටි 80ක් දුන්නා.
අපේ ජනපති අපේක්‍ෂකතුමත් පන්සල් වෙහෙර විහාරස්ථානවලට එමගින් වැඩකරලා තියනවා. රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගිනුත් ඉතිහාසෙ කවදාවත් නොවූ විදිහට වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කළා යැයි පැවසීය.
තවද බෞද්ධකම ඉදිරියට දමා බෞද්ධකම පොරවා දේශපාලනය කරන්නේ කවුද යන්නත් සත්‍ය ලෙසම බෞද්ධයින් වෙනුවෙන් වෙහෙර විහාර දියුණු කළේ කවුද යන්නත් ජනතාව තුළ අවබෝධයක් පවතින බවද හෙතම පැවසීය.
2025 නොවැම්බර් මස 04
94
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘බංකොලොත් දේශපාලකයින්-කණ්ඩායම් අපට පහර ගහනවා‘
sharm warn Thursday, 10 October 2019 10:30 AM
තවද අඟහරු ලෝකෙන් පැමිණි බංකොලොත් අධ්‍යාපන ඇමති එසේ පැවසීය..