IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘එජාපෙ කවුරු ආවත් වැඩි ඡන්ද ප්‍රතිශතයක් අගන්නවා‘

(අප්සරා යෝසිත් විජේසූරිය)
 
එක්සත් ජාතික පෙරමුණින්  කවුරු තරඟ කළද 60% ඉක්මවූ ඡන්ද ප‍්‍රතිශයක් දිනාගනිමින් ජය ලබන බව  ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප‍්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන්  මහතා රත්නපුර ප‍්‍රදේශයේදී පැවසුවේය.
 
එම අමාත්‍යවරයා මෙසේ පැවසුවේ  අද (22 )දින පස්වරුවේදී රත්නපුරයේ වතු ජනතාවගේ සංවර්ධන ව්‍යාපෘති කීපයක් ජනසතු කිරීම සහ ඒ පිළිබඳ නිරීක්‍ෂණ චාරිකාවේ යෙදෙමින්, රත්නපුර ශ‍්‍රී රත්නේෂ්වරම් හින්දු දේවස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් කළ විමසුමකට පිලිතුරු දෙමින් පැවසුවේය.
 
එම හින්දු දේවස්ථානයේ විශේෂ පූජාවකට සහභාගිවීමෙන් අනතුරුව අමාත්‍යවරයා හමුවූ විටදී මාධ්‍යවේදීන්  විසින් රටේ වර්තමාන දේශපාලන තත්වය පිලිබඳ කළ විමසීම්වලට පිලිතුරුදුන්  මනෝ ගනේෂන් අමාත්‍යවරයා මෙසේද ප‍්‍රකාශ කලේය.
 
‘ ජනාධිපතිවරණය අපි දිනනවා. අපේක්‍ෂකයා කවුද කියා මුළු රටම දන්නවා. අපිත් දන්නවා. දැන්  මේ සිනමා පටය අවසන් කොටස ඉතිරිව තිබෙන්නේ.  දැන්ම ඒ පිළිබඳ කීවොත් වැඩක් නෑ. දැන්ම එය කීවොත් මාධ්‍යවලට ගොසිප් හදන්න ලියන්න කියන්නබෑ. දැන් හදන්න කියන් ලියන්න  ඕනිතරම් අවස්ථාව තියෙනවා. එක්සත් ජාතික පෙරමුණින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා, කතානායක කරූජයසූරිය මහතා යන තිදෙනම මේ සඳහා අපේක්‍ෂකත්වය බලාපොරොත්තුවෙන්  ලැයිස්තුවේ ඉන්නවා. එක්කෙනෙක් නෑ. මනෝ ගනේෂන් නෑ. තවමත්. 2025දී නම් එනවා. මෙවර කවුරුන් ඉදිරිපත්වුණත් අපි දිනනවා.’’ යයි ඇමතිවරයා පැවසුවේය.
 
 මෙම අවස්ථාවට රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.ඒ.විජේතුංග මහතා සහ රත්නපුර නාගරික මන්ත‍්‍රීවරුන් ඇතුළු  පිරිස එක්වූහ.



අදහස් (0)

‘එජාපෙ කවුරු ආවත් වැඩි ඡන්ද ප්‍රතිශතයක් අගන්නවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site