පොලිස් අත්අඩංගුවේ සිටි 12 හැවිරිදි දරුවා පොලීසියේදීම අපයෝජනය කරලා වැලිඔය පොලිසිය අත්අඩංගුවේ සිටි තමා එදින රාත්‍රියේ සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් බරපතල ලෙස අපයෝජනය කළ බවත් එම තත්වය නිසා තමන් දැඩි වේදනාකාරි තත්වයක පසු වන බවත් 12 හැවිරිදි පිරිමි දරුවකු උතුරු මැද පළාත් පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලනාධිකාරියට සහ පරිවාස නිළධාරීන්ට ප්‍රකාශ කර තිබේ. 23 May 2018
රදවිබැඳි ඇළ යළි පිළිසකර කරයි තබ්බෝව ජලාශයට ජලය රැගෙන යන ප්‍රධාන ජල මාර්ගය වන රදවිබැඳි ඇල අද නැවත සකස් කිරීම සිදු විය. 23 May 2018
කාලගුණයේ බලපෑමෙන් විභාග 8ක් කල්දමයි මේ වන විට ශ්‍රි ලංකාව තුල පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විභාග 8ක් කල් දමා ඇත.එම විභාග නැවත පැවැත්වෙන දින ඉදිරියේදී දැනුම් දෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 23 May 2018
කම්කරු නීති වෙනස් වෙයි වැඩ කරන ජනතාවට බලපාන ප්‍රධානතම ආඥා පනත් හතරක් එකතුකර එක් සේවා නියුක්ති පනතක් සකස් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 23 May 2018
ලක්ෂ 56 ක කැබ්රියක් සොරාගත් හිටපු ප්‍රභූ ආරක්ෂකයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 56 වටිනා කැබ් රථයක් සොරකම් කර ලක්ෂ 12 අලෙවි කළැයි කියන හිටපු ප්‍රභු ආරක්ෂක අංශ යුද හමුදා කොප්රල් වරයෙකු නීතිය බලාත්මක කිරීමේ මීගමුව ඒකකය නිළධාරින් විසින් අද (23) අත්අඩංගුවට ගෙන ඇත. 23 May 2018
කොටි සාමාජිකයකුගේ නිවස අසලින් ස්කෑනර් යන්ත්‍රයක් සොයා ගනී කිලිනොච්චිය ,ධර්මපුරම් යුනිට් හත ප්‍රදේශයේ හිටපු කොටි සාමාජිකයකුගේ නිවස ආසන්නයේ වළදමා තිබූ ලෝහ උපකරණ සෙවීමට ගන්නා ස්කෑනර් යන්ත්‍රයක් හා ජීව පතුරම් තොගයක් අද (23) දහවල් පොලිසිය හා ආරක්ෂක අංශ එක්ව සිදුකළ පරීක්ෂාවකදී සොයා ගනු ලැබීය. 23 May 2018
පාර්ලිමේන්තුවේ ඝණ පූරණය නොමැතිව සීනුව නාදකරයි ඇතිව තිබෙන ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන අතරතුර පාර්ලිමේන්තුවේ ගණ පූරණය නොමැති විය. 23 May 2018
ඉතිරි පළාත් සභා තුනේ මැතිවරණය ගැන තීරණය මේ සතියේ විසුරුවා හැර තිබෙන පළාත් සභා තුනෙහි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් අගමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමඟ සාකච්ඡා කර මේ සතියේදී තීන්දුවක් ලබා දෙන බව තමාට පැවසී යැයි කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 May 2018
බස්-යතුරුපැදි අනතුරින් අයෙක් මරුට තලාව එප්පාවල මාර්ගයේ බටුවත්ත ප්‍රදේශයේ දී පුද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් 45 හැවිරිදි පුද්ගලයකු අද (23) මිය ගිය බව එප්පාවල පොලිසිය කියයි. 23 May 2018
කණු මතින් දිවෙන කොළඹ මාර්ග ඉදිකිරීම් ලබන වසරේ සිට කොළඹ ඉඟුරු කඬේ හන්දිය සිට කොළඹ කොටුව චෛත්‍ය පාර දක්වා කණු මතින් පමණක් ඉදිවන මාර්ගයේ ඉදිකිරිම් කටයුතු ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරිආරච්චි මහතා පැවසීය. 23 May 2018
පැරණි මිලටම භූමිතෙල් දෙන්නැයි දෙවියන්ගෙන් ඉල්ලති සුළු පන්න ධීවරයන් වෙත ලබාදුන් භුමිතෙල් සහනාධාරය ඉවත් කර පෙර මිලටම භූමිතෙල් ලබාදෙන ලෙස රජයට බල කිරිමේ සාකච්ජාවක් හා දේව කන්නලව්වක් අද (23) උදෑසන උල්හිටියාව දේවස්ථාන භුමියේදි පැවැත්විණි. 23 May 2018
රජ්ජුරුවන්ගෙන් ලැබුණු ඉඩම් අක්කර 9998 ත් විකුණලා රජෙකුගෙන් තම මුතුන් මිත්තන්ට ලැබුණු බව කියමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රජයේ වනාන්තරයක අක්කර 9998 ක් ව්‍යාජ පිඹුරුපත් හා ඔප්පු සකස් කොට වෙනත් පුද්ගලයින්ට විකීණීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳ තොරතුරු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිසා වන නිලධාරීන් විසින් හෙළි කරගෙන ඇත. 23 May 2018
සරසවි සිසුහු යුජිසීයට පාගමනින් යති මැනුම් සභාව තුළ භූ විඥාපන පීඨ නියෝජනය වහා ස්ථාපිත කරන්නැයි ඉල්ලමින් මහා ශිෂ්‍ය සංගමය සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිට පා ගමනින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අද (23) උද්ඝෝෂණයක නිරතවුහ. 23 May 2018
දකුණේ පාසල් හි ප්‍රාථමික අංශ තවත් දින 3 ක් වසා දැමීමේ තීරණයක් දකුණු පළාතේ පැතිර යන උණ රෝගය පැතිරයෑම වැලැක්වීමේ පියවරක් වශයෙන් අධ්‍යාපන කළාප අටක පාසැලවල ප්‍රාථමික අංශ තවත් දින තුනක් වසා තැබීමට තීරණය කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වයි . වික්‍රමසිරි මහතා පැවසිය. 23 May 2018
කඩුවෙල පාලම ගිලා බැසීමේ අවදානමක් වැසි සහිත කාලගුණය හේතුවෙන් කඩුවෙල බියගම යාවෙන පාලම ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බව පොලිස් මුලස්ථාන කියයි. 23 May 2018
වැස්සෙන් රත්නපුරේ 24,625ක් අවතැන් කලුගඟ ඇතුලු රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගංගාවල ජල මට්ටම් පහළ යමින් ගංවතුර තර්ජනය පහව යන තත්වයක් අද (23) දහවල් වනවිට වාර්තා වූ බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 23 May 2018
විදුලි අලුත් වැඩියා කිරීමේ කෝටි 10 ක කොන්ත්‍රාත්තුවක් හොර පාරේ උතුරු මැද පළාත් සභාව යටතේ ඇති පාසල් වල විදුලි අලුත් වැඩියා කිරීමේ කටයුතු සදහා නීති විරෝධීව පිරි නමා ඇති බව කියන රුපියල් කෝටි 10 ක් පමණ වටිනා කොන්ත්‍රාත් වලට අදාල සියලු ලිපි ගොනු උතුරු මැද පළාත් ආණ්ඩුකාර නීතිඥ එම්.ජී ජයසිංහ මහතාගේ නියෝගයක් මත විශේෂ විමර්ශනයක් සදහා උතුරු මැද පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුව බාරයට ගනු ලැබීය. 23 May 2018
‘අඳුරු වළා මැදින් නැඟෙන අහස සූරන මැදුරූ..‘ තවමත් ඉදිකෙරෙමින් පවතින කොළඹ ‘අල්ටායර්’ ගොඩනැඟිල්ලේ ඉහළ කොටස අද පස්වරු 1.00 ට පමණ වළාකුලකින් වැසීතිබූ ආකාරයයි මේ. 23 May 2018
ගං වතුරෙන් වසංගත රෝග පැතිරීමේ අවදානමක් ගංවතුර බැස යාමත් සමඟ එම ප්‍රදේශවල වසංගත රෝග පැතිර යාමේ අවදානමක් ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ පි .විජේසුරිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි. 23 May 2018
දිස්ත්‍රික්14ක 84,943 ක් පීඩාවට-මිය ගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ යයි දිවයිනේ දිස්ත්‍රික්ක 14 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 18,542 කට අයත් පුද්ගලයින් 84,943 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 23 May 2018
රන් බිස්කට් තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයකු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රත්තරන් බිස්කට් දෙකක් කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අද (23) අලුයම අත්අඩංගුවට ගනු ලැබීය. 23 May 2018
ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් යළි සමාව අයදී ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් ෆේස්බුක් ගිණුම් හිමි සියලු දෙනාගෙන් සමාව ඇයද තිබේ. ඒ ඊයේ (22) යුරෝපා පාර්ලිමේන්තුවේ නායකයින් හමුවකට එක්වෙමිනි. 23 May 2018
තලවකැලේ වතුකම්කරු පවුල් 33 ක් ආරක්ෂිත ස්ථානවලට තලවකැලේ පොලිස් වසමට අයත් ඩෙරික්ලෙයාර් වතුයායේ වතු නිවාස ගණනාවක් නායයෑම හා ගිලා බැසීම හේතුවෙන් එහි පදිංචි පවුල් 33 ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බව එම වතුයායේ පාලන අධිකාරිය කියයි. 23 May 2018
ගිංඔය සහ මාඔය පිටාර ගැලීමෙන් 1500ක් අවතැන් වෙන්නප්පුව හා දන්කොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයන්හී අධික වර්ෂාවත් සමඟ ගිංඔය හා මාඔය පිටාර ගැලීමෙන් පවුල් 375 ට පමණ අයත් පුද්ගලයන් 1500 ක් පමණ අවතැන් වී ඇති බව එම කාර්යාල ආරංචි මාර්ග පවසයි. 23 May 2018
අකුණුසැර වැදී තවත් ධීවරයෙක් මරුට කල්පිටිය කළපුවේ තෙප්පමකින් මසුන් මරමින් සිටි ධීවරයකු අද (23) උදෑසන අකුණු සැරවැදී මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. 23 May 2018
වෙන්නප්පුවේ පාසල්වල ප්‍රතිළුල නැංවීමට දුර්වල දරුවන් ඉවත් කරන වෑයමක් වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්වල සාමාන්‍ය පෙළ පන්තිවල ඉගෙනුම ලබන විෂයන් වලට දුර්වල දරුවන් සාපෙළ විභාගයට ඉදිරිපත් නොකර වෘත්තීය පුහුණුවීම සඳහා යොමු කරන ලෙස පාසල්වලින් දෙමාපියන්ට බලපෑම් කරන බව දෙමාපියෝ පවසති. 23 May 2018
අධ්‍යාපන පරිපාලන නිලධරයෝ ලෙඩ නිවාඩු දමති පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම් වලට ලක්වුවන් බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසකට අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු ලබාදීමට රජය ගෙන ඇති ක්‍රියා 23 May 2018
හෙරොයින් තොගයක් කටුනායක දී අත් අඩංගුවට රුපියල් දෙකෝටි හතලිස් හතර ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් තොගයක් මාලදිවයින බලා රැගෙන යෑමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රැදී සිටි එරට 23 May 2018
යතුරු ලියන්නියන් නැතිකමින් ඔසු සල් බලපත්‍ර 3500 ක් අධිකාරියේ හිරවෙලා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඔසුසල් සඳහා බලපත්‍ර ලබා දීමේ ප්‍රමාදයක් පවතින බව ඔසුසල් හිමියෝ කියති. 23 May 2018
කරුවලගස්වැව මහකරඹෑව වැවත් වාන් දමයි වසර දෙකකට පසුව කරුවලගස්වැව මහකරඹෑව වැව වාන් දැමීමට පටන් ගෙන ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියයි. මී ඔයේ ජලමට්ටම ඉහළ යාමත් සමග වැවේ ජල මට්ටම ඉහළ යාම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබේ. 22 May 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026