(සුජිත් හේවාජූලිගේ)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් බ්‍රහස්පතින්දා (25) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් කිහිපදෙනෙකු හා ජාතික පොලිස් කොමිසමට නව සාමාජිකයන් පත් කිරීමට නිර්දේශ සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙසේ රැස්වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව සාමාජිකයන් පත් කිරීමෙන් පසුව එම සභාව රැස්වන දෙවැනි අවස්ථාව මෙයයි. ව්‍යවස්ථා සභාව පළමුවරට රැස්වූයේ නව අගවිනිසුරුවරයා පත්කිරීම සඳහා නිර්දේශ සලකා බැලීමටයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය ඉකුත් 14 වැනිදායින් අවසන් විය.
මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වී පොලිස් කොමිසමේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීම කළ යුතු වෙයි.
නව නිලධාරී මණ්ඩලය පත් කරන තුරු කොමිසමේ කටයුතු පවත්වාගෙන යාමට 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව හිටපු නිලධාරීන්ට බලය පවතින බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව අගවිනිසුරුවරයෙක් පත් කරාවගේ නව ජනාධිපතිවරයෙක් හා නව අගමැතිවරයෙක් පත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට බැරිද දන්නේ නැහැ...