( ලහිරු හර්ෂණ)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විදෙස් රූපවාහීනි ආයතනයකින් ලැබීමට නියමිතව තිබු ඩොලර් මිලියනයකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය අංශයේ ප්‍රධානී පියල් නන්දන දිසානායක ලබන මස 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
මූල්‍ය වංචා චෝදනා මත ඊයේ (22) සවස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් මොහු අත්අඩංගුවට ගෙන අද (23) අධිකරණයට ඉදිරිපත් කළ පසු මෙම නියෝගය නිකුත් කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් ආයතනයේ අග ඉඳන් මුලටම ඉන්නේ හොරු. මේ ඒ භොරුන්ගෙන් අහුවුණු කෙනෙක් විතරයි.
අප්පුහාමිගේ පෙනුමෙනං අහිංසකයෙක් වගේ. කැරකෙව්වද දන්නේ නැහැ අනුන්ගේ ටොපියක් මෙයාට. ලංකාවේ ගොඩක් ඉන්නෙ වෙන අය බිල්ලට දීලා සැප විඳින අයනේ ඉන්නේ............
හිනා වේගන යන විදියට කිසි වරදක් කරලා නැහැ වගේ. පළපුරුදු හොරෙක් වගේ. අනේ අනිච්චං !!!