ජමාල් කෂෝක්ජි ඝාතනය කළ දිනයේදී එම ඝාතනයට සම්බන්ධ යැයි කියන අයකු සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුගේ කාර්යාලයට අවස්ථා හතකදී දුරකතන ඇමතුම් ලබා දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ බව අනාවරණය වී ඇත්තේ ඊයේ (22) රාත්‍රියේදීය. තුර්කි බුද්ධි අංශ ඒ බව අනාවරණය කරගෙන ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
සෞදි අරාබියේ හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන මේජර් ජෙනරාල් මහීර් අබ්දුල්ලාසීස් මුට්‍රිබ් ගන්නා ලද දුරකතන ඇමතුම් 14ක් සම්බන්ධයෙන් විමර්ශන කරමින් තුර්කි බුද්ධි අංශ ඒ බව අනාවරණය කරගෙන ඇතැයි එම ආරංචි මාර්ගවලින් කියැවේ.
මේජර් ජෙනරාල් මහීර් බ්‍රිතාන්‍යයේද සේවය කළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු බව පැවසේ.
එම දුරකතන ඇමතුම් 14න් 7ක්ම ලබාගෙන ඇත්තේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන්ගේ කාර්යාලයට බවත් ඒවායේ අන්තර්ගතය අනාවරණය වුවහොත් සෞදි අරාබියට දැවැන්ත අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් පැවසේ.
සෞදියේ ඔටුන්න හිමි කුමරු බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේදී මුට්‍රිබ් බ්‍රිතාන්‍යයේ ‘ඩව්නින් වීදියේ’ සිටින අයුරු ඡායාරූපයක් ඇති බවත් ඔහු සෞදි ‘ඝාතක කල්ලියේ’ කොඳු නාරටිය බවත් බ්‍රිතාන්‍යයේ ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය සඳහන් කර ඇත.
සෞදියේ නිල නොලත් නායකයා ලෙස හැඳින්වෙන ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් මාධ්‍යවේදී ජමාල් කෂොක්ජිගේ ඝාතනයට සම්බන්ධ යැයි මුල සිටම චෝදනා එල්ල වූ අතර අනාවරණය වන මෙම තොරතුරුත් සමඟ ඔහු දෙසට තවදුරටත් ඇඟිල්ල දික්වනු ඇතැයි පැවසේ.
සෞදියේ ඉහළ පෙළේ අමාත්‍යවරයකු තුර්කියේ පිහිට තම රටට අයත් කොන්සියුලර් කාර්යාලය තුළ දී ජමාල් කෂොක්ජි ඝාතනය වූ බවට ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුව මෙම තොරතුරු අනාවරණය විය.
මෙම ඝාතනය නිසා තම රටට ජාත්‍යන්තරය ඉදිරියේ දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි ද තම රාජධානිය රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට මුහුණ පා ඇතැයි ද හෙතෙම චෝදනා කළේය.
ඝාතක කල්ලිය තම මෙහෙයුම සාර්ථක බව සනාථ කිරීමට ජමාල් කෂොක්ජිගේ ඇඟිලි ඔටුන්නට හිමි කුමරුට පෙන්වීම සඳහා සෞදියට යැවූ බවත් මෙම තොරතුරු අනාවරණය කළ මූලාශ්‍රය ‘මිඞ්ල් ඊස්ට් අයි’ පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.
‘තමන් විවේචනය කරන ලේඛකයන්ගේ ඇඟිලි කපා දමනවා යැයි එම්.බී.එස් (ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන්) පවසනවා’ යැයි එම මූලාශ්‍රය ප්‍රකාශ කර ඇත.
ඩේලිමේල්
055





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඔය රජ වෙන්න ඉන්න කුමාරය කියන කෙනාට තමා ඉස්සලාම මරණ දඬුවම දෙන්න ඕනෑ.
මෙච්චර පැහැදිලිව ඔප්පු වෙලා තියෙද්දීත්. ඔවුන්ම එම ඝාතනය පිළිගෙන තියෙද්දීත්, ඇමෙරිකාව සද්ද නැහැ. මානව හිමිකම් ගැන කතා නැහැ. එ්ත් ලංකාවේ කිසිම දෙයක් තහවුරු වෙලා නැතුවත් ඔවුන් එල්ල කරන පීඩනය කොපමණද? අපේ රට නැවතත් ආසියාවේ දෙවන ලොකුම ආර්ථිකය කරන්න එක්වෙන්න. මේ හොර දේශපාලකයින්ව පන්නලා දාන්න...
සෞදිය කියන්නේ ඉතාමත් මිලේච්ඡ ක්‍රමයට තම -පාලනය කරන රටක්. මතකද කාට හරි, අපේ රටේ රිසානාට අත් වූන ඉරණම..? මෙම මරණයේ සැබෑ ඡායාරූප ඊයේ ඉන්ටෙර්නෙට් එකේ තිබ්බා. දෙවියනේ.. මුහුණේ සම ගලවල තිබුනේ පොත්තක් වගේ.. මුළු සිරිරම කොටස කරලා. වෛද්‍ය ප්‍රදර්ශනයකට වගේ.. මෙම වෝහාරික වෛද්‍යවරයා තම ගෞරවනීය දැනුම අවභාවිතය කර, සමූලඝාතනය කර දැමුවා නොවේද? මහා බියකරු මිලේච්ඡ ලෝකයක් මේක.