(අංජුල මහික වීරරත්න)
කවුරුන් හෝ අද ඩී. එස්. සේනානායක හෝ බණ්ඩාරනායකගේ දේශපාලනය කරන්න යනවා නම් ඔහු පිස්සෙක් විය යුතු යැයි ප්‍රාදේශීය සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවකදී අද (23) පැවසීය.
අද එක්සත් ජාතික පක්ෂයේ ඩී. එස්. සේනානායකලා නැහැ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායකලා නැතැයි ද සරත් ෆොන්සේකා මහතා කීය.
වර්තමානයේ කවුරුන් හෝ ඩී. එස්. සේනානායක හෝ බණ්ඩාරනායක වෙන්නට හදනවා නම් එය හාස්‍යයට ලක්විය යුතු කරුණක් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2014 වසරේ තමා පොදු අපේක්ෂකයා ලෙස එජාපය සමඟ සන්ධානගත වන විට බලාපොරොත්තු වූ ඩී. එස්, ඩඩ්ලි සේනානායකගේ එජාපය එහි නැති බව තේරුණේ පසුව යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසීය.
“මේවා ඇහෙනකොට මට හිනාත් යනවා. ඩී. එස්. සේනානායකලා කළ දේශපාලනය වෙනස්. බ්‍රිතාන්‍යයන් මෙරට පාලනයට ඇඟිලි ගසන සමයේ මෙරට ප්‍රභූ පැලැන්තිය වන ඩී.එස්.සේනානායක, බණ්ඩාරනායක වැනි අය පෙළ ගැසී දේශපාලනය කළා. අද ඒ දේශපාලනය කවුරුන් හෝ කරන්න ගියොත් ඔහුට පිස්සු යැයි ජනතාව සිතාවි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් වෙමින් ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග වැනි අය නායකත්වයේ සිටියා. ඒ අය ප්‍රභූ පැලැන්තියෙන් හෝ වලව් වලින් ආ අය නෙවේ. නමුත් එක්සත් ජාතික පක්ෂයට ජනතාව ඡන්දය දුන්නා. වර්තමානයේ කව්රුන් හෝ ඩී. එස්.සේනානායක හෝ බණ්ඩාරනායක වෙන්න හදනවා නම් එය හාස්‍යයට ලක්වියයුතු කරුණක්” බව ද සරත් ෆොන්සේකා මහතා කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින් ඇමතිකමේ වගකීම මනාවට ඉටුකරන ඇමතිකෙනෙක්... ඊළඟ පාරත් පිනට එන්න ආසාව ඇති..
ජනාධිපතිතුමා කිව්ව දෙයගැන මෙතුමා තේරුම් ගත් ආකාරය හාස්‍ය ජනකයි. රටට, ජාතියට ආදරය කරපු නායකයි දෙන්නෙක් ගැන තමයි ජනාධිපතිතුමා මතක් කළේ... ඊයේ පෙරේදා එක්සත් ජාතික පක්ෂයට බැඳුණු කෙනෙකුට එය තේරුම් යන්නේ නැත... අද ඉන්නේ රටට සිංහල ජාතියට වෛර කරන නායකයෙක්..
නියම කතාව... කවුරු මොනවා කිව්වත් බය නැතුව කියන්න ඔන දේ මූනටම කියන්න පුළුවන් මනුස්සයෙක්. සමහරවිට ඇත්තටම අරයාට පිස්සු වෙන්න පුලුවන්. මොකද දැන් කියන්නේ ඔක්කොම හතරබීරි කතානේ...
ෆොන්සේකා මහත්මයා මොන අර්ථයෙන් මෙය කිව්වාදැයි මට නම් වැටහෙන්නේ නැහැ. නමුත් මට වැටහෙන වදිහට නම්.." බණ්ඩාරනායක - ඩී එස් සේනානායක යන මහත්වරුන්ගේ යුගවලදී "මහත්මා දේශපාලනයක් " ඔවුන් කලබව අප හොඳින්ම දන්නවා. ඒ කාලයේ " හොරුන්ගේ" දේශපාලනයක් තිබුනෙම නැහැයි කියන්න පුළුවන්. ඒ අය විදේශිකයින්ගේ පීඩාවන් හොඳින් වටහාගෙන හිටි පුද්ගලයින්. නමුත්..1971 සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ පක්ෂයේ බලයට පත්වීමත් සමගම ඒ රජයේ සිටි සමහරුන්හට "අල්ලස් - දුෂණ" චෝදනා එල්ලවුණා. ඒ පටන්ගත් "හොර රැල්ල" ටිකෙන්ටික වර්ධනය වෙමින් පැමිණ 1977 ජේ.ආර් ජයවර්ධන මහත්මයාගේ බලයට පත්වීමත් සමගම "උච්ඡම " ස්ථානයට වර්ධනය වී එයින් පසු දිගින් දිගටම රට කළ ආණ්ඩු යටතේ රට විනාශ වෙනතෙක්ම පවතිනවා. ඉතින් අද තියෙන මේ "සමාජ විරෝධී දූෂණ රැල්ල" දූෂිත දේශපාලකයින් විසින් පවත්වාගෙන යන එකක් බව කවුරුත් දන්නවා. එවැනි තත්වයක් වෙනස් කරන්න නම් බණ්ඩාරනායක, ඩී.එස්. යුගයක් වැනි දූෂිත දේශපාලකයින්ගෙන් තොර යුගයක් ගැන ජනාධිපතිතුමා සිතුවා වෙන්න පුළුවනි. ඉතින් එවැනි සිතිවිල්ලක් "පිස්සෙක්"ගේ සිතිවිල්ලක් යයි කියන ෆොන්සේකා මහත්මයාගේ මානසික තත්වය මට නම් ප්‍රශ්නයක්...
සොයිසා... මෙහෙමත් විහිළුවක්... තමන්ගේම අණ්ඩුවේ නායකයා විවෙචනය කිරීම පළමු පුරවැසියාගේ සිට මන්ත්‍රී දක්වාම කරන දේවල් බලපුවාම වැඩි හරියක්ම තියෙන්නේ විහිළු කථා... රටකට ඕනා අපමණ අගයක් එකට ඕනා යහපාලනයක්...අනේ මන්දා යහපාලනය වචනයට සෘණ කරනලා දැමීම මිසක් රටට වුණු සෙතක් නැහැ.. අපිට දැන් හැමදාම හිනහවෙන්න නම් පුළුවන්...
මේ දවස්වල රට වැසියන්ට සුභ ආරංචි ලැබෙමින් පවතින්නේ... ප්‍රධාන පක්ෂවල නොහැකියාව අද ඔප්පු වෙලා හමාරයි. මොන නමින් ආවත් සේරම එකයි. 2020 අවසන් අවස්ථා. බුද්ධිමත්ව තීන්දු කළයුතුයි. තවදුරටත් ඔවුන්ගේ බයිලා අහන්න ඕනේ නැහැ...
මානසික රෝහල් වල ඉන්න ලෙඩ්ඩුත් දොස්තරලට පිස්සු කියලනේ කියන්නේ...
දේශපාලකයින් කාලෙන් කාලෙට කියන කතා අපේ ඔලුවට ගත්තොත් කොහොමත් මොලේ කචල් වෙනවා. ඒ හින්දා එක කණකින් අහලා අනිත් කනින් පිට කරන්න. නැත්නම් අපිට හැදෙන රෝගය සුළු පටු රෝගයක් නෙමේ. එකට බෙහෙත් මෙහෙත් නැහැ ලොවෙත් නැහැ...
විධායක ජනපතිකම දින 100න් අහෝසිකර පවුල් දේශපාලනය අවසන් කරන බව පවසා පොළොවේ වැලි කාපු පුද්ගලයෙක් තනතුරට පත්වී අවුරුදු 4ක් යන්නත් කලින් තම පරපුරම විවිධ තනතුරුවලට පත්කරමින් තම ආධිපත්‍ය තහවුරු කිරීමට අසාර්ථක උත්සාහයක යෙදෙන හැටි දැක්කම පුදුම කලකිරීමක් දැනෙන්නේ... ලංකා ඉතිහාසයේ අතිවිශාලම පොරොන්දු කඩකිරීම මෙයයි...
මේ කතාව හරි. අපි ඉපදෙන්නත් බොහෝ කාලයකට පෙර හිටපු එතුමන්ලාගේ සේවයට අපි ගරු කරනවා. ඒත් ඒ න්‍යාය අදට ගැළපෙන්නේ නැහැ. අද ලෝකය තාක්ෂණයෙන් බොහෝ වෙනස්. සියලුම අංශ වෙනස්වෙලා. අදට ගැලපෙන විදිහටයි අද වැඩකළ යුත්තේ... බණ්ඩාරනායක, සේනානායක යුගයට ආයිත් යන්න බැහැ. ලෝකයම ඉස්සරහට යද්දී අපි ආපස්සටද යන්නේ? කොහොමත් ලංකා ඉතිහාසයේ දුර්වලම නායකයින්ටයි අපි ඡන්දෙ දුන්නේ.. මුල අමතක, නැග්ග ඉනිමඟට පයින් ගහන මිනිසුන්ට ඊළඟ ඡන්දෙන් ගෙදර ඉන්න වෙයි.
සේනානායකලගේ, බණ්ඩාරනායකලගේ දේශපාලනය මිය ගියේ ඒ නායකයනුත් සමගයි. ඒක නොදැන දේශපාලනය කරන හෝ දේශපාලනය ගැන කතා කරන මිනිසුන් මන්ද බුද්ධිකයින් විය යුතුය.
විජිත් ඔබ සමග සියයට 100ක්ම එකඟ වෙමි..
වන ජීවී ඇමතිලට වනේ සත්තු ගැන කතා කරනවා මිසක් ලංකාවට විශිෂ්ට සේවයක් කළ උත්තමයන් ගැන කතාකරන්න දැනුමක් නැතිවා වගේ
අම්මට සිරි... මෙතරම් ඉක්මණට කෘත්‍යාධිකාරි මණ්ඩලේ සාමාජිකත්වය වැඩිකරයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැනේ. එක මාර වේගෙන් වැඩකරන බෙහෙතක්නේ...
ඕව ගැන කලබල වෙන්න එපා ජෙනරාල් මහත්තයෝ. බණ්ඩාරනායක එජාපෙන් පැනල වෙනමම පක්ෂයක් හදාගත්ත සිරිසේන ශ්‍රී ලංකා එකෙන් පැනල මුක්කුවක් ගැහැව්වා ධර්මද්වීපයේ ආශ්චර්ය ඕක තමයි.