යතුරු ලියන්නියන් නැතිකමින් ඔසු සල් බලපත්‍ර 3500 ක් අධිකාරියේ හිරවෙලා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඔසුසල් සඳහා බලපත්‍ර ලබා දීමේ ප්‍රමාදයක් පවතින බව ඔසුසල් හිමියෝ කියති. 23 May 2018
කරුවලගස්වැව මහකරඹෑව වැවත් වාන් දමයි වසර දෙකකට පසුව කරුවලගස්වැව මහකරඹෑව වැව වාන් දැමීමට පටන් ගෙන ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියයි. මී ඔයේ ජලමට්ටම ඉහළ යාමත් සමග වැවේ ජල මට්ටම ඉහළ යාම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබේ. 22 May 2018
භූමිතෙල් පරිභෝජනය අඩකින් අඩුවෙලා භූමිතෙල් මිල ඉහළ දැමීම නිසා භූමිතෙල් පරිභෝජනය 50% කින් පමණ අඩුවී ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අර්ජුන රණතුංග මහතා අද (22) කැබිනට් රැස්වීමකදී ප්‍රකාශ කර ඇත. 22 May 2018
ඉරානයට ගෙවන්න තිබු ඩොලර් මිලියන 250ක ණය වහාම ගෙවන්න ජනපතිගෙන් නියෝගයක් ඉරානයෙන් වසර 10 කට පමණ පෙර ලබා ගත් ඉන්ධන වෙනුවෙන් ගෙවිය යුතු ඇමෙරිකා ඩොලර් මිලියන 250 ක පමණ මුදලක් ( රුපියල් කෝටි 3,975 ක පමණ ) වහාම ගෙවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් ඇමැති මංගල සමරවීර මහතාට දැනුම් දී තිබේ. 22 May 2018
මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරු කළු පටි පැළද නිහඬ විරෝධතාවයක සෞඛ්‍ය අමාත්‍ය සහ සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පසුගියදා යුද සැමරුම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට විරෝධය දක්වමින් මධ්‍යම පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද (22) පළාත් සභා රැස්වීමට බෙල්ලේ කළු පටි පැළද සභා ගැබට පැමිණ නිහඬ විරෝධතාවයක නිරත වූහ. මෙහිදී ඔවුහූ පහන් දැල්වීමක්ද සිදු කළහ. 22 May 2018
පොහොට්ටු මන්ත්‍රීගේ කතාවෙන් හාරිස්පත්තුව ප්‍රා සභාව උණුසුම් වෙයි හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිලක් රණසිංහ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සම්බන්ධයෙන් පැවති විවාදයේදී පොදු ජන පෙරමුණේ මන්ත්‍රී විජිත කුමාර නඳුන්ගේ මහතා කළ ප්‍රකාශයක් නිසා අද (22) පැවති හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ මාසික මහ සභා රැස්වීමේ උණුසුම් තත්ත්වයක් ඇති විය. 22 May 2018
මාර්ග සංවර්ධන අධිකාරියෙන් දුරකථන අංක කිහිපයක් පවතින අධික වර්ෂාවත් සමඟ මහ මාර්ග පද්ධතියට සිදුවූ හානි සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය දුරකථන අංක කිහිපයක් හදුන්වා දී තිබේ. 22 May 2018
කෘෂි තොරතුරු පෝරම 352, 500 කින් ලැබී ඇත්තේ 6469ක් පමණයි කෘෂිකාර්මික තොරතුරු පද්ධතියක් සකස් කිරීම සඳහා බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය දත්ත රැස්කිරීම වෙනුවෙන් දෙවසරකට පෙර ගොවි ජනතාව වෙත නිකුත් කළ පත්‍රිකා 352, 500 කින් දත්ත සහිතව ආපසු ලැබී තිබෙන්නේ පත්‍රිකා 6469 ක් පමණක් බව බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණි තිලකසිරි මහතා අද (22) පැවසීය. 22 May 2018
දළ ඇතාගේ මරණයට අත්අඩංගුට ගත් හමුදා කපිතාන්ට ඇප මුලතිව් පුදුකුඩිඉරිප්පු තේරාවිල් ප්‍රදේශයේ විදුලි සැර වැදීමෙන් මියගිය ඇතාගේ සිදුවීම සම්බන්ධයෙන් අදාළ විදුලි රැහැන් ඇද තිබූ බවට සැකකෙරෙන යුද හමුදා කඳවුරක කපිතාන්වරයකු අත්අඩංගුවට ගෙන මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර ඇත. 22 May 2018
කළුතරත් 4750ක් අවතැන් වැසි සහිත කාලගුණයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ක, ග්‍රාම නිලධාරී වසම් 127 ක පවුල් 1299 කට අයත් 4752 දෙනෙකු අවතැන් වී ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා පවසයි. 22 May 2018
නාය අවදානමක් නිසා දවුලගල පවුල් තුනක් පොලිසියට නාය යෑමේ අවදානමක් නිසා දවුලගල පොලිසිය අසල මාර්ගයේ බෑවුම මත පිහිටි නිවාස 3 ක පිරිස් ඉවත් කිරිමට පියවර ගත් බව දවුලගල පොලිසිය පවසයි. 22 May 2018
ලුණුවිල පාලමෙන් වතුරට වැටුණු තරුණයකු අතුරුදන් වෙන්නප්පුව ලුණුවිල මාර්ගයේ ලුණුවිල පාලමෙන් ගංවතුර බලමින් සිටි තරුණයකු අද (22) පාලමෙන් වතුරට වැටී අතුරුදන්ව ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි. 22 May 2018
‘මහින්ද රාජපක්ෂ යුගයට එරෙහි බොරු ප්‍රචාරණ ආණ්ඩුවගෙන යනවා’ - බන්දුල ඉන්ධන මිළ ඉහළ දැමීම ඇතුළු කරුණු හේතුවෙන් රජයට එල්ල වන අපවාද වලින් ගැලවී යාම සඳහා මහජන බදු මුදල් යොදා ගනිමින් මහින්ද රාජපක්ෂ යුගයට එරෙහිව අසත්‍ය 22 May 2018
සභාවේදී බැණ ගනිති - තිරෙන් පිටුපස කේක් කවති උඩුනුවර ප්‍රාදේශීය සභාවේ පළමු සැසි වාරයේ සභා වාර්තාව පිළිගත නොහැකි බව කියමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) මන්ත්‍රීන් පිරිසක් සභා වාර්තාව ගිනි තබමින් සභාපතිවරයාගේ මේසය මත වාඩිව අද (22) විරෝධය පෑහ. 22 May 2018
හෙට - අනිද්දා දැඩි ගං වතුර අවදානමක් දැඩි ගං වතුර හා නායයෑම් අවදානමක් හෙට (23) සහ අනිද්දා (24) දිනවල මතුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 22 May 2018
කැළණිවැලි මාර්ගයේ දුම්රියක් පිළි පනී කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක් කොට්ටාව සහ පන්නිපිටිය අතරදී පස්වරු 5.30ට පමණ පීළිපැනීමකට ලක්වී තිබේ. 22 May 2018
ණයබරතාවය ගැන විවාදයට එන්නැයි මංගලගෙන් මහින්දට ආරාධනාවක් රටේ ණයබරතාවය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රූපවාහීනි විවාදයකට එන්නැයි හිටපු මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතාට තමන් ආරාධනා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 22 May 2018
වත්තේකඩෙන් මතුවූ පොකුණ ගැන සොයයි හෙම්මාතගම ගම්පොළ මාර්ගයේ වත්තේකඩේ ප්‍රදේශයේ ප්‍රධාන පාර අද්දර කඳු ගැටය අස්සේ ජලය පිරුණු දිය පොකුණක් මතු වී ඇති අතර එම දිය පොකුණ අම්බුළුවාව කඳු දෙසට ඇති බවත්, මේ මතු වී ඇත්තේ ගම්පොළ රාජධානියේ පෞරාණික ස්ථානයක් විය හැකි බවට සැක කරන බවත් ප්‍රදේශවාසීහු කියති. 22 May 2018
ඒකාබද්ධය පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලයි ගං වතුර ඉන්ධන සහ කිරිපිටි මිල වැඩිවිම ඇතුළු ප්‍රශ්න ගණනාවක් ගැන ඒකාබද්ධ විපක්ෂය කඩිනම් විවාදයක් දෙන ලෙස දිගින් දිගටම හඬ නැගීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (22) සවස දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 22 May 2018
ආපදා සහන දෙන්න කොට්ඨාසයකට දස ලක්ෂයක් ගං වතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් මිලියනය බැගින් මුදල් ලබාදී තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එම්.එස්. සමරතුංග මහතා පැවසීය. 22 May 2018
උඩුනෝව වැව බේරා ගන්න හමුදාව - ගම්මු ලොකු සටනක රස්නායකපුර උඩුනෝව වැවේ පිටවානේ කොන්ක්‍රිට් තට්ටුවට යටින් මතුවූ උමග වසා වැව බේරා ගැනීමට රස්නායකපුර ජනතාව සමඟ යුද හමුදාව සහ රාජ්‍ය නිලධාරිහු එක්ව අද (22) දැවැන්ත කටයුත්තක නිරත වූහ. 22 May 2018
කැළණිය ඇතුළු ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යටවෙයි දින කිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාව නිසා මේ වනවිට ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් බලපා තිබේ. අද (22) කැළණිය, බියගම, මල්වාන යන ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අයුරු සහ එම ප්‍රදේශවල ජනතාව ආරක්ෂක ස්ථාන වෙත ගමන් කරන අයුරු සේයා රූ වලින් දැක්වේ. 22 May 2018
රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයෙන් ජනපතිට ලිපියක් ජාතික ළමාරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුර සඳහා තෝරා ගත් උපාධිධාරීන්ගේ පත්වීම් ප්‍රමාද කිරීම ගැන සොයා බලන්නැයි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. 22 May 2018
අල්ලස් ගත් නිකවැරටිය විදුලි අධිකාරිවරයා රිමාන්ඩ් සත්ත්ව ආහාර නිෂ්පාදන මධ්‍යස්ථානයට අවශ්‍ය තෙකලා විදුලිය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර දීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් 20,000ක මුදලක් ගත් බව කියන ලංකා විදුලිබල මණ්ඩලයේ නිකවැරටිය ප්‍රාදේශීය පාරිභෝගික මධ්‍යස්ථානයේ විදුලි අධිකාරිවරයා ලබන 5 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (22) නියෝග කළේය. 22 May 2018
සුනිල් ද සිල්වා කෙන්යාවේ මහකොමසාරිස් ධුරයට මාස කිහිපයක් තිස්සේ හිස්ව පැවති කෙන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයට සුනිල් ද සිල්වා මහතා නම් කරනු ලැබ ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 22 May 2018
උද්ඝෝෂණයට සහය දුන්නැයි රිමාන්ඩ් කළ සූපවේදියාගෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක් හම්බන්තොට වරාය චීනයට පැවරීමට එරෙහිව උද්ඝෝෂණ සිදු කළැයි කියමින් නීතීවිරෝධී අන්දමින් තමන් අත්අඩංගුවට ගෙන එම සිද්ධියේ ප්‍රධාන සැකකරු වශ්‍යයෙන් නම් කර රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩ කළැයි පවසමින් හම්බන්තොට ප්‍රදේශයේ සුපවේදියකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 22 May 2018
කෝටි 2 අල්ලස් සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන ඉල්ලුවත් දෙන්නෙ නැතිලු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට රජය පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සුත්‍ර සහ ගොඩනැගිලි පැවරීමට අනුමැතිය ලබාදීම සඳහා ජනාධිපති 22 May 2018
නාය යෑමේ අවදානමෙන් ගිනිගත්හේන වෙළෙඳසල් 52 ක් ඉවත් කිරීමට පියවර ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නාය යෑමේ අවදානමකින් ව්‍යාපාරික ස්ථාන 52 ක් ඉවත් කිරීමට ව්‍යාපාරිකයින් දැනුවත් කළ බව ගිනිගත් හේන පොලිසිය පවසයි. 22 May 2018
මුලතිව්හි කොටි ආයුධ සොයා කැණීමක් මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමට අයත් අම්බලවන්පොක්කනෙයි ප්‍රදේශයේ දී යුද සමයේදී කොටි සංවිධානය විසින් වල දමන්නට ඇතැයි සැකකෙරෙන ආයුධ තොගයක් සොයා අද (22) උදෑසන කැනීමක් ඇරඹුහ. 22 May 2018
කන්තලේ සීනි සමාගම පැවරීමේ ලේඛන අමාත්‍යංශයෙත් නෑ කන්තලේ සීනි සමාගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට පැවරීම සම්බන්ධ කැබිනට් පත්‍රිකා වලට අදාළ ලේඛන කිසිවක් ඉඩම් අමාත්‍යංශයේ නොමැති බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතාට අල්ලස් කොමිසම දැනුම් දුන්නේය. 22 May 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026